මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් හානි වූ මාලිම්බඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන් 631 දෙනෙකු වෙත වන්දි ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා (09) තෙලිජ්ජවිල සමරසිංහාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
ගොවි ජනතාව මුහුණ දෙන අලාභ හානි සඳහා කඩිනමින් සහන සැලසීම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් වන අතර, එහි ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමක් ලෙස මෙම වන්දි ප්‍රදාන වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම වන්දි ගෙවීම් සඳහා 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1,200ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, වසර ගණනාවක් පුරා වන්දි අපේක්ෂාවෙන් සිටි ගොවි ජනතාව වෙත එම වන්දි ලබාදීම මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් සහ ප්‍රදේශවාසින් රැසක් එක්ව සිටියහ.


