ඇහැලියගොඩ මූලික රෝහලේ ඉදිකල හෙද නේවාසිකාගාර සංකීර්ණය පසුගිය දා (11) සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය අතින් විවෘත කරනු ලැබීය.
මෙහි ඉදිකිරීම් වර්ෂ 2009 දී ආරම්භ වුවත් පසුව එහි ඉදිකිරීම් කටයුතු විවිධ හේතු නිසා නතර වී තිබිණි.
කෙසේ නමුත් සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය 2025 වර්ෂයේදී මෙය නැවත ඉදිකරන ලෙස පළාත් බලධාරීන්ට දැනුම් දුන් අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 66ක් පළාත් සභා අරමුදලින් ලබා දීමට කටයුතු කරනු ලැබීය.
ඇහැලියගොඩ මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය 85 ක් සේවය කරන අතර ඔවුන්ට විවේක ගැනීමට හෝ සිය නිල ඇඳුම් පැළඳීමට නිශ්චිත ආරක්ෂිත ස්ථානයක් නොතිබිණි.
ඇහැලියගොඩ මූලික රෝහලේ වෛද්‍යවරු 35 ක් ද, සෞඛ්‍ය කාර්ය සහයකයින් 80 ක් ද සේවය කරයි.දිනකට බාහිර රෝගීන් අංශය සඳහා 400 ක් ද, සතියකට දින 02 ක් කායික සායනය සඳහා 1200 ක් පමණ ද පැමිණේ.
ළමා රෝග සඳහා සතියකට 100 ක් පමණ ද, මානසික රෝග සඳහා දෛනිකව 50 ක් ද, දන්ත සායනය සඳහා දිනකට 75 ක් පමණ ද මෙහි ප්‍රතිකාර සඳහා පැමිණේ.
මෙම අවස්ථාවට ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුසේන දුනුවිල මහතා ඇතුළු රාජ්‍ය ඉනිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


