“එක මිටට ගොවි බිමට” සාමාජික හා ආර්ථික සංවර්ධන වැඩසටහන් මාලාව ඊයේ (22) මාවතගම විවිධ සේවා සමූපාකාර සමිතියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ හා කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
වැඩසටහන යටතේ හරිතාගාර වගාව, මඤ්ඤොක්කා ඇතුළු බෝග වගා ව්‍යාපෘති, ග්‍රාමීය ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා ණය පහසුකම්, ප්‍රතිලාභීන් දැනුවත් කිරීම හා ණය ආධාර ප්‍රදානය, වගා ව්‍යාපෘති සඳහා ඉදිරි වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම සහ නව හරිතාගාර විවෘත කිරීම සිදු විය.
එමෙන්ම සමූපාකාර සමිති ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ඉදිකළ හයිලන්ඩ් අලෙවි සැලද ආරාධිතයින් විසින් විවෘත කරන ලදි.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක, ජ්‍යෙෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න, වයඹ පළාත් සමූපාකාර අමාත්‍යාංශයේ ලේකම් I.M.A.R. සුදර්ශනී ඇතුළු සම්භාවනීය අමුත්තන්, සමූපාකාර නිලධාරීන් සහ සමෘද්ධි ප්‍රතිලාභීන් රැසක් එක්ව සිටියහ.


