රටේ දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්ක ජයගත හැකිවන්නේ ග්‍රාමීය නිෂ්පාදන ඉහළ නැංවීමෙන් තුළින් පමණක් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) රත්නපුර, පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රජා ශක්ති, ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ගමේ අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන්ට නිරීක්ෂණ මට්ටමින් සහයදීමට ඉදිරියේදී අවස්තාව ලබාදෙන බවයි. තවද 76 වසරක පාලන ක්‍රමය වෙනස් කරමින් ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබා දුන්නේ සැබෑ සමාජ පරිවර්තණයක් අපේක්ෂාවෙන් බවත් එම ජනතා අභිලාෂය ඉටු කිරීමට සියළුදෙනා කැපවිය යුතු බවත් අවධාරණය කළා. රජය ලබාගත් ආර්ථික ජයග්‍රහණයන්ගේ ප්‍රතිලාභ ජනතාවට ගලායාමට වැඩසටහන් සකස්කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පද්මකුමාර මහතා, දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම් මේනක හේරත් මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමන්, ප්‍රාදේශීය ලේකම්වරු, ප්‍රජා ශක්ති මහලේකම් කාර්යාලයේ නියෝජිතයන්, රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් එක්වසිටියහ.


