ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2025 වර්ෂය සදහා ක්‍රියාත්මක කිරීමට යෝජිත 297/A මාලිගාතැන්න ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඓතිහාසික මාලිගාතැන්න විවේකසේනාසනය හා ඒ අවට ගම්වාසීන්ට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව ඊයේ (11) ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී මහර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිනි හේමමාලි වීරසේකර මහත්මියගේ හා මහර ප්‍රාදේශීය ලේකම් ලලිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .
මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද ආරම්භ කරන ලද මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රගීත් මදුරංග , මහර ප්‍රාදේශීය සභාවේ උප සභාපති රසික ඩී දුමින්ද , මහර සහකාර ප්‍රාදේශීය ලේකම් තුෂානි ලක්මිණි රාජපක්ෂ , මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපති ගැමුණු ගුණරත්න , ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගම්පහ හා කොළඹ දිස්ත්‍රික් කලාප කළමනාකරු ලක්ෂාන් අධිකාරි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ගම්වාසීහු සහභාගි වූහ .


