ඇල්පිටිය ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක්
  • SocialShare:

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ මහජන නියෝජිතයින් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් ගාල්ල වක්වැල්ල දකුණු පළාත් කළමණාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ දී ඊයේ (10) දකුණූ පළාත් ආණ්ඩුකාර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

මේ වන විට ලංකාවේ මහජන නියෝජිතයින් සහිතව ක්‍රියාත්මක වන එකම ප්‍රාදේශීය සභාව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවයි.

ප්‍රාදේශීය සභා පනත, ඒ හා බැඳී  ඇති අනෙකුත් පනත් පිළිබඳ මහජන නියෝජිතයින්ට අවබෝධයක් ලබා දීමත්, ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති හා මන්ත්‍රීවරුන්ගේ කාර්යයභාරය පිළිබඳ දැනුවත් කිරීමත් මෙහි දී සිදු වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.