කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධ ඇති අඩු ආදායම්ලාභි වැඩිහිටියන් සඳහා ශ්‍රවණ උපකරණ බෙදා දීමක් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් දි සිදු කෙරිණි.
ශ්‍රවණ උපකරණ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය මගින් ලබා දුන් අතර මෙම ශ්‍රවණ උපකරණයක වෙළඳ පොල විටිනාකම රුපියල් 85,000 ක් වේ.
මෙම වැඩිහිටියන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරා ගන්නා ලද අතර ශ්‍රවණ ආබාධ ඇති වැඩිහිටියන් 272 ක් සඳහා මෙම උපකරණ ලබාදීම සිදු විය.
මෙම අවස්ථාවට කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් අරුණ ප්‍රියංකර මහතා , ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩිහිටි නිලධාරි රෝහිත පුෂ්පකුමාර මහතා ,සමාජ සේවා නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.