පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිතයි.
එය මාර්තු මස පළමු සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවේ.
මෙම උපාංගය දුම්රියේ සවි කිරීමෙන් දුම්රිය ධාවනයේ යෙදීමේ දී අලිඇතුන් දුම්රිය මාර්ගයේ මීටර් 500ක් දුරින් සිටිය ද දුම්රිය රියදුරාට ඒ බව දැනුම් දීමක් සිදු වේ.
එහි දී පර්යේෂණ මට්ටමෙන් තාක්ෂණික අත්හදා බැලීම් සිදු කිරීමට නියමිත අතර මෙම උපාංගය සවිකර මාස තුනක කාලයක් විධිමත් අධ්‍යයනකින් පසු මෙම උපාංගය වනජීවීන් හුවමාරුවන දුම්රිය ධාවන මාර්ගයන්ට අයත් දුම්රියන්හි සවි කිරීමට අපේක්ෂිතය.
තවද අලිඇතුන් දුම්රියේ ගැටීමේ සිදුවීම් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසු දුම්රිය ගමන් මාර්ග සිල්බර කොටන් අතර හිස්තැන් පිරවීමට කටයුතු කරන අතර අතරගල්ඔය හංදිය - හිඟුරක්ගොඩ අතර 141 සැතැපුම් කණුව ආසන්නයෙන් එය ආරම්භ කරන ලදී.