ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිලිබඳ අගමැතිනිය සංවේගය පළ කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිලිබඳ අගමැතිනිය සංවේගය පළ කරයි
  • SocialShare:

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (25) කොළඹ පිහිටි වතිකානු තානාපති කාර්යාලයට පැමිණ බුවනෝස් අයර්ස් හි අගරදගුරු සහ ආර්ජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයා වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කළාය.

මෙහිදී අග්‍රාමාත්‍යතුමිය ශෝක සටහන් පොතේ අත්සන් කරමින්, කතෝලික ප්‍රජාවගේ ආධ්‍යාත්මික නායකයා වූ පාප්වහන්සේගේ අභාවය පිළිබඳව බලවත් ශෝකය ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින කතෝලික ප්‍රජාව වෙත සිය හෘදයාංගම සංවේගයද පළ කළාය.

කොළඹ පිහිටි වතිකානු තානාපති කාර්යාලයේ අපෝස්තලික නියෝජිතතුමා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය. .