13 වන "සහසක් නිමැවුම්" ප්‍රදර්ශණය ඇරඹෙයි

13 වන "සහසක් නිමැවුම්" ප්‍රදර්ශණය ඇරඹෙයි
  • SocialShare:
"සහසක් නිමැවුම්" අන්තර්ජාතික නව නිපැයුම් සහ නවෝත්පාදන තරගය සහ ප්‍රදර්ශණය කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශණ ශාලාවේදී  ඊයේ (25) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්තාව සදහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත අබේසිංහ මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ප්‍රදර්ශණය 25, 26 හා 27 යන තෙදින පුරා පැවැත්වෙයි.
 විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නව නිපයුම්කරුවන්ගේ කොමිසම සමග එක්ව සංවිධානය කරනු ලැබූ මෙවර ප්‍රදර්ශණය පැවැත්වෙන්නේ 13 වන වරටය. ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ නව නිපැයුම් නිර්මාණය කිරීම දිරිමත් කරමින් රටතුළ නවෝත්පාදන සංස්කෘතියක් ඇතිකිරීම අරමුණු කරගනිමින් සංවිධානය කළ මෙම "සහසක් නිමැවුම්" නවෝත්පාදන තරගය සහ ප්‍රදර්ශණය සදහා පැසැල්, විශ්ව විද්‍යාල, තෘතීයික අධ්‍යාපන ආයතන, විවෘත සහ වාණිජ ආයතන නියෝජනය කරමින් 850 කට අධික නව නිපැයුම්කරුවන් පිරිසක් එක්ව සිටියි.
මහජන ආරක්ෂාව, සුභ සාධනය සහ ජාතික ආරක්ෂාව, ව්‍යවහාරික විද්‍යාව හා තාක්ෂණය, භෞතික විද්‍යාව, බලශක්තිය, වෛද්‍ය විද්‍යාව සහ ඖෂධවේදය, පරිසර සංරක්ෂණය, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, කෘෂිකර්මය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ආහාර තාක්ෂණය, ප්‍රවාහනය, රසායන විද්‍යාව සහ පොදු වැඩ සහ යටිතල පහසුකම් ඉංජිනේරු විද්‍යාව වැනි තාක්ෂණික ක්ෂේත්‍ර 14 ක් නියෝජනය කරමින් නව නිපැයුම්කරුවන් ප්‍රදර්ශණය සදහා තම නව නිපැයුම් ඉදිරිපත් කර තිබෙයි. එසේම මැලේසියාව, ඉරානය, කුවේට්, භූතානය ඇතුළු රටවල් 6 ක නව නිපැයුම්කරුවන්ද මෙවර ප්‍රදර්ශනය හා එක්ව තිබීම විශේෂත්වයකි.
අගයදාම නිෂ්පාදනය කිරීමේදී විද්‍යව, තාක්ෂණය, නවෝත්පාදන හා නව නිපැයුම් වඩාත් වැදගත් වන අතර රට තුළ සිදුකෙරෙන නව නිපයුම් සහ නවෝත්පාදන නිෂ්පාදන ආර්ථිකය සමග ඒකාබද්ධව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගවත්ව ගොඩනැගීම සඳහා මහඟු පිටිවහලක් වනු ඇත.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, නව නිපයුම්කරුවන්ගේ කොමිසමේ සභාපති, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, නව නිපැයුම්කරුවන්, පාසැල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
 
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.