අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයන්

අලුත් අවුරුදු සමය වෙනුවෙන්  විශේෂ දුම්රිය ධාවනයන්
  • SocialShare:

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සහ දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයන් ක්‍රියාත්මක කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල , අනුරාධපුරය , සහ ගාල්ල දක්වා මෙම විශේෂ දුම්රියන් ධාවනය කිරීමට සැළසුම් කර තිබේ.
එසේම මෙම දුම්රියවල පළමු , දෙවන සහ තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකමද සළසා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මෙම විශේෂ  දුම්රිය කාලසටහන පහත පරිදි වේ


01. විශේෂ දුම්රිය 01 “ New Year Night Special                                                        -කොළඹ කොටුව සිට බදුල්ල
කොළඹ කොටුව පිටත්වීම - ප.ව. 7.30            2025.04.11,12,19 සහ 20 දිනවල ධාවනය වේ.


විහේෂ දුම්රිය 02 “” New Year Night Special “                                                          -බදුල්ල සිට කොළඹ කොටුව
බදුල්ල පිටත්වීම - ප.ව.5.50                          2025.04.11,12,19 සහ 20 දිනවල ධාවනය වේ


03.විශේෂ දුම්රිය 03 “ New Year Special “                                                                 -ගාල්ල සිට අනුරාධපුරය
ගාල්ල පිටත්වීම - පෙ.ව 4.00                       2025.04 12 සහ 13 දිනවලධාවනය වේ.


04. විශේෂ දුම්රිය 04 “New Year Special “                                                                  -අනුරාධපුරය සිට ගාල්ල
අනුරාධපුරය පිටත්වීම - ප.ව 3.00                2025.04.12 සහ 13 දිනවල ධාවනය වේ.


05.විශේෂ දුම්රිය 05 – “New Year Weekend Special “                                                 -කොළඹ කොටුව සිට ගාල්ල
කොළඹ කොටුව පිටත්වීම - ප.ව 7.20         2025.04.10,11,15,20 දිනවල ධාවනය වේ


06.විශේෂ දුම්රිය - 06 – “ New Year Weekend Special “                                              -ගාල්ල සිට කොළඹ කොටුව
ගාල්ල පිටත්වීම පෙ.ව.6.10                      2025.04.11,12,16,21 දිනවල ධාවනය වේ.


07.විශේෂ දුම්රිය 07 - “ Holiday Special 1”                                                                  -කොළඹ කොටුව සිට ගාල්ල
කොළඹ කොටුව පිටත්වීම - ප.ව.1.30        2025.04.12 සහ 13 දිනවල ධාවනය වේ


08.විශේෂ දුම්රිය අංක 4021 “Intercity Express “                                                           -කොළඹ කොටුව සිට කන්කසන්තුරය
කොළඹ කොටුව පිටත්වීම -පෙ.ව.5.30     2025.04.11 සඑ 18 දිනවල ධාවනය වේ


09.විශේෂ දුම්රිය අංක 4022 “Intercity Express “                                                            -කන්කසන්තුරය සිට කොළඹ කොටුව
කන්කසන්තුරය පිටත්වීම ප.ව.1.50        2025.04.11සහ 18 දිනවල ධාවනය වේ


10.විශේෂ දුම්රිය අංක 8097 Sagarika Holiday Special “                                                -බෙලිඅත්ත සිට කොළඹ කොටුව
බෙලිඅත්ත පිටත්වීම පෙ.ව.8.25            2025.04.12,13,18,19සහ 20 දිනවල ධාවනය වේ