ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය
.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ ලෝක ස්ථූලතා දිනය වෙනුවෙන් සංවිධානය කරතිබූ පාගමනින් අනතුරුව පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිණි.
ශ්‍රී ලංකා පෝෂණවේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සංවිධානය කල මෙම පාගමන අද පෙරවරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් ආරම්භ කල අතර ලිප්ටන් වට රවුම , නගර සභා පරිශ්‍රය පසු කර නැවතත් විහාර මහා දේවි උද්‍යානයෙන් අවසන් කෙරිණි. ඉන් අනතුරුව ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එහි දී පැවැත්විණි.
“ස්ථූලතාවය පිටුදකිමින් බෝවන රෝග වලක්වා ගනිමු “ යන්න මෙවර තේමාව කරගත් ලෝක ස්ථූලතා දිනය සෑම වසරකම මාර්තු 04 වන දිනට යෙදී ඇත.
පෝෂණය හා සම්බන්ධ දැනුවත් කිරීමේ ක්‍රියාකාරී වැඩසටහන් සම්පාදනයේදී ඒ හා සම්බන්ධයෙන් කටයුතු කරන කණ්ඩායම් රාශියක් සිටින බවත්, එහෙත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සිඳුවන්නේ විවිධ පරාසයන් හා මුල්‍යයන් කේන්ද්‍රගතව බවත්, එබැවින් ප්‍රතිඵළ ලබා ගැනීමට යම් කාලයක් ගතවීම හා සංකීර්ණතා මතුවීම සිඳුවන්නේයැයි අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේය.
එබැවින් එම කටයුතු හරවත්ව හා ඵලදායීව ඉටුකිරීම සදහා සියලුම යාන්ත්‍රණයන් ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළේය .එමෙන්ම රජය මගින් ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහනට සියලු කණ්ඩායම් ඒකාබද්ධ වන බවත්, එම අඛණ්ඩ වැඩපිළිවෙළ සදහා දේශීය විදේශීය සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද පැවසී ය.