මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රයිලෝක විජය පත්‍රයෙන් වැසුණු අයවැය ....??

    නොවැම්බර් 16, 2022

     ත්‍රයිලෝක විජය පත්‍රයෙන් වැසුණු අයවැය ....??

    ( ජනපති සටහන )

    ''රනිල් ගේ දේශපාලන දිවිය වසර 45 කට වැඩි වුවද කෝඩුකාර මුදල් ඇමති ලෙස ඔහු 77 වන අයවැය ඉදිරිපත් කළේ, ඉතිහාසයේ අනාථම රටක් කරට ගත් ජනපති ලෙසය.''

     

     

    නිල් ගේ දේශපාලන දිවිය වසර 45 කට වැඩි වුවද කෝඩුකාර මුදල් ඇමති ලෙස ඔහු 77 වන අයවැය ඉදිරිපත් කළේ ඉතිහාසයේ අනාථම රටක් කරට ගත් ජනපති ලෙසය.

    ඉදිරි 2023 වසරේ වියදම රු බිලියන් 5812 කි. ආදායම 3415 කි. 2404 ක් හිඟය. එය පියවීම හා අනාථ ජනතාව 70% ක් ජීවත් කරවීම වැටී සිටින රට කෙලින් කිරීම මෙවර අයවැයේ ඉලක්ක වේ. කලින් බදු පැනවූ නිසා බදු පනවා නැත. සිගරැට් මත්පැන් ද සුළු කලකට හෝ අමතක කර බීඩියට රු 02 කින් ගේම දී තිබේ.

    අමාරුම කාලයක හෝ ණය පොලී ගෙවීමට රු මිලියන 58,000 ක් ද සමෘද්ධි සඳහා 66,000 ක් ද පොහොර වලට 56,263 ක් ද ත්‍රිපෝෂ සඳහා 12,400 ක් රෝහල් වලට 1,10,190 ගැබිනි මවුවරුන්ට 11,500 පාසල් පෙළපොත් සඳහා 30,000 පාසල් ළමා පෝෂණයට 19,400 ක් වැඩිහිටි වකුගඩු හා දිළිඳු සහන ගොවි විශ්‍රාම සඳහා ද රු මිලියන වලින් අති විශාල මුදල් වෙන් කොට තිබේ. පාසල් 1000 කට අන්තර්ජාල හා සනීපාරක්ෂන සඳහා ද දක්ෂ උපෙළ සිසුන් හා පශ්චාත් උපාධි සඳහා විදෙස් ශිෂ්‍යත්ව සඳහා ද ඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨයට ද මුදල් වෙන් කොට තිබේ.

    හිස් ඉඩම් අපනයන භෝග වගාවට බදු දීම , 2048 දී රට ලොව සංවර්ධිත එකක් කිරීමේ පදනම දමන බව කීම රටට බරක් වූ රාජ්‍ය සේවය සමාලෝචනය හා රජයේ ආයතන 420 න් පාඩු ලබන 52 ක් ගැන තීන්දු ගැනීම, පෞද්ගලික අංශයට රැකියා හා සෞඛ්‍ය රක්ෂණ , කම්කරු නීති යාවත්කාලීන කිරීම ආයෝජන මණ්ඩලය හා අපනයන අංශ එකතු කොට නව ආයතන බිහිකිරීම සූර්ය පැනල හා වාහන එකලස් කිරීමට සහන දීම තරුණ හා කාන්තා ණය වැඩපිළිවෙල සෙස් ,වරාය ගුවන්තොට බදු අනාගතයේ ඉවත් කරන ප්‍රතිඥ්‍ර ආදී සුබවාදී කරුණු රැසක් අයවැය තුළ අඩංගුය.


    එහෙත් ඩයනා ගේ ත්‍රයිලෝක විජය පත්‍ර එනම් කංසා හෙවත් ගංජා වලින් රට ගොඩ දැමිය හැකි ද?. මේ අවස්ථාවේ අධිවේග හා මාර්ග වලට බිලි 256 ක් වෙන් කිරීම අවශ්‍ය ද මුලින්ම විකිණීමට දමන තැන් 05 න් 04 ක් ලාභ ලබන ඒවා වූයේ කෙසේද. අයවැය හිඟය පියවීමට රු බිලි 4900 ක් ණය ගැනීම ගැටලුකාරී බවට පවතින මත සංවාදාත්මකය.

    එහෙත් IMF රාමුවෙන් පිටතට පවා ගොස් නව විධික්‍රම වලට යාමේ නව දැක්ම වැදගත්ය.වසර කීපයකට පෙර මෙරට බදු ආදායම පැවතියේ 29% කටය. පක්වූ ජනපතිලා එය 09% ට කප්පාදු කලේ හිතවතුන්ට වංගුදමා බදු සහන දීමෙනි.2015 වනවිට රටේ බදු ආදායම රු බිලියන 1100 මටිටමට පහත වැටී තිබිණ.එහෙත් රනිල් හා එවකට මුදල් ඇමති රවි එකතුව එය බිලි 2000 ට නංවා රට ස්ථාවර කලා පමණක් නොව ජනතාවට වැඩි පඩි ඉන්දන ගෑස් සමෘද්ධි මහපොළ වැඩිහිටි දීමනාද ඉහළ දැම්මේය.

    කෝටිපතියන්ට එම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය දිරවූයේ නැත. ඔවුන් "වියත් මඟ" ඉදිරිපෙලට ගොස් වාඩිවී සොච්චමක් වේදිකාවට විසි කළහ. 2019 ජනපතිවරණයේදී මිලියන 5 - 6 සාක්කුවලට දැමීය. ජයගත් විගස රු බිලියන 700 ක එනම් රු කෝටි 70,000 ක දැවැන්ත බදු මුදලක් ඉහළම බිස්නස්කාරයන්ට සහන ලෙස දුන්නේ එම පසුබිම තුළය. ඒ තුළ ගෙවුණු වසර 03 තුළ රටට අහිමිවූ බදු ආදායම රු කෝටි දෙලක්ෂ විසිදාහකට වැඩිය.රටේ ඉහළම කෝටිපතියන් හිනාවෙමින් සිටියදී රට බංකොලොත් විය. රනිල් දැන් එම "බදු පගාව" ආපස්සට හැරවීමේ උඩුගං බලායාම අරඔා තිබේ. එය පහසු නැත. සතුරන් ගඟ දෙපස අවි අමෝරා ගෙනය.

    රටකට වැදගත් ජනප්‍රිය නොව නිවැරදි තීන්දුය. අයවැයක හරය පඩි හා සහන දීම නොව අපේ හයියෙන් රට ගොඩ නැගීමය. සිංගප්පූරුව දුෂ්කර මඟ ගොස් අද සැප විඳිනවා. බණ්ඩාරනායක ලා ඇතුළු මෙරට නායකයන් ජනප්‍රිය මඟ ගොස් රට අනාථ කලා. හොරු අල්ලනවා ඒ මුදල් ලබාගන්නවායි ඇතැම් පක්ෂ කියන දේට වඩා සැබෑව ඉතා සංකීර්ණය. ජනපති රනිල් මතුකළ පළල් යථාර්තය එසේය.

    පිටරට රැකියා කරන අය ඩොලර් එවන්නේ අඩුවෙනි. සංචාරක ව්‍යාපාරය ප්‍රකෘතිවී නැත.අපනයන ආදායම ඉහළ යන්නේ සෙමිනි. IMF ළඳරුවා තවම බඩේ ය . හොරකමට ඇබ්බැහිවූවන් කරන්නේ හොරකම මිස රට ගොඩ දැමීම නොවේ. ඒ තුළ කර්කශ හා අසීරුම අයවැය ඉදිරිපත් කිරීම රනිල් ට පැවරිණ. රට අනාථ කළ පිරිස් වලට මේවා අදාළ නොවේ.  

    " අයවැය පැරදුණොත් මහ ඡන්දයක් ඒවි.එවිට ඔබලා ගෙන් 75% ක් ගෙදර. මම ජනපතිකම දිගටම කරනවා" ජනපති රනිල් ගේ ස්ථාවරය එයය. අසීරුම අයවැයෙන් බෙල්ල බේරාගත්ත ද රනිල් තවම බලලෝභීන් රැළක් මැද තනිවමය. ඔහු අතේ අවි හෝ පිරිස් බලය නැත. ඇත්තේ ඔලු කටුව ඇතුළත පවතින මොළ කටුව පමණකි.

     

    අශෝක ජයතුංග විසිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya