මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් සබඳතාවලට නව මුහුණුවරක් දුන් ජපන් අගමැති ෂින්සෝ අබේ

    සැප්තැම්බර් 07, 2014

    ජපන් - ශ්‍රී ලංකා ආර්ථීක, දේශපාලන හා සංස්කෘතික සබඳතා අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. ජපන් මිත්‍රත්වය ශ්‍රී ලංකාවට වටිනා සම්පතක් වන අතර මේ වන විට මෙම රාජ්‍යතාන්ත්‍රික නිල සබඳතාවට වසර 61ක් ඉක්මා ඇත.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය වසරේ මාර්තු 13 වන දින ජපානයේ නිල සංචාරයක නියැළුණ අතර එය දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ආරම්භ කිරීමේ 60 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සිදුවිය.


    එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය විසින් කරන ලද ආරාධනාවකට අනුව ජපන් අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමා හා අග්‍රාමාත්‍ය ආර්යා අකි අබේ (Akie Abe) මහත්මිය නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය විය.


    එලෙස ජපන් අග්‍රාමාත්‍යවරයෙකු ලංකාවට පැමිණෙන්නේ අවුරුදු 24කට පසුව වන අතර මෙම මෙම නිල සංචාරය ලංකාවට හා ජපානයට වැදගත් අවස්ථාවක් වනුයේ දෙරට අතර සහයෝගය හා හොඳ අවබෝධය තහවුරු වීම පමණක්ම නො ව අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා වැනි ලෝක ඉතිහාසයේ සංවර්ධනය හා ජාත්‍යන්තර සබඳතා වලට නව මුහුණුවරක් ලබා දුන් දේශපාලන දැවැන්තයෙක් අප මවුබිමේ සංවර්ධනය දැක විස්මයට පත් ව එය දැකබලා ගැනීමට පැමිණීම අපට ආඩම්බරයක් ගෙන දීමය.

     

    ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ජපන් දේශපාලන ඉතිහාසයේ නම් රැඳි පවුලක සාමාජිකයෙකි. ඔහුගේ මුත්තණුවන් කිෂි නොබුසුකේ (Kishi Nobusuke) මහතා 1957- 1960 කාලසීමාවේ ජපන් අගමැති ලෙස කටයුතු කළ අතර 1964-1972 කාලයේ ජපන් අගමැති ධූරය හෙබැ වූ සැටෝ එයිසකු (Sato Eisaku) මහතා අගමැති ෂින්සෝ මහතාගේ මාමා කෙනෙකු වේ.


    ෂින්සෝ අබේ මහතාගේ පියා ෂින්තැරෝ අබේ (Abe Shintaro) මහතා ද කලක් ජපානයේ විදේශ ඇමති ලෙස සේවය කර ඇත. දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යා උපාධියක් ලබා ගත් ඔහු සිය පියාගේ ලේකම් ලෙස 1982 වසරේදී එරට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ව දේශපාලනයට පිවිස ඇත.

     

    2000-2001 කාලයේදී එවකට ජපන් අග්‍රාමාත්‍ය මෝරි යොෂිරෝ මහතාගේ උප ප්‍රධාන කැබිනට් ලේකම්  ලෙස පත් විය. එහි ලත් අත්දැකීම් සමඟ කොයිසුමි ජුනිචිරෝ ජපන් අගමැති පදවියට පත් වූ 2001 වර්ෂයෙන් පසු ද අබේ මහතා ඔහුගේ ද උප ප්‍රධාන කැබිනට් ලේකම්  ලෙස පත්වීම් ලද අතර නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ජෙනරල් ලෙස සිය දේශපාලන දිවියේ නව හැරවුම් ලක්ෂ්‍යයකට පිය නැගීම ආරම්භ විය.


    ඔහුගේ කැපී පෙනෙන දේශපාලන ක්‍රියාකාරිත්වය දුටු අග්‍රාමාත්‍ය මෝරි යොෂිරෝ මහතා අබේ මහතා ප්‍රධාන කැබිනට් ලේකම් ලෙස පත් කළ අතර ඔහුගේ විදේශ ප්‍රතිපත්තීන් නිසා ජපන් ප්‍රජාන අතර එළිබට දේශපාලන වීරයා වීමට ෂින්සෝ අබේ මහතාට හැකි විය.


    2006 දෙසැම්බර් මාසයෙන් පසු ජපානයේ ආර්ථික, සාමාජීය, දේශපාලන හා විදේශ ප්‍රතිපදාව පෙරළිකාර ලෙස වෙනස් වන්නට ආරම්භ විය. එය නව ජපන් ඉතිහාසයේ පැහැදිලි හැරවුම් ලක්ෂ්‍යයක් වූ අතර ජපානයේ බාහිර වාතාවරණය, ජපානයේ ගතානුගතික ප්‍රභූ පිරිස් උපයෝග්‍ය ජීවන රටාව හා පාරම්පරික ප්‍රතිරූපය වෙනස් වන්නට විය.

    ඒ 2006 සැප්තැම්බර් 26 ජපන් අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ෂින්සෝ අබේ මහතාගේ පාලනය පැමිණීමත් සමඟය. නමුත් වසරකටත් අඩු කාලයක් එම නිලයේ රැදී සිටි ඒ මහතා 2007 වසරේදී සිය ධූරයෙන් ඉල්ලා අස් විය.
     

    ෂින්ෂෝ මහතා නැවත වරක් 2012 වසරේදී නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මුලසුන හොබවමින් ජපානයේ අගමැති ලෙස පත් විය.
     

    අබේ මහතාගේ නව ජාතික ප්‍රතිපත්ති සමඟ ජාත්‍යන්තර වේදිකාවේ ජපන් විදේශ ප්‍රතිපත්ති හා අභ්‍යන්තර සංස්ථාව මූලික ලෙස වෙනස් වන්නට විය. විශේෂයෙන් ඔහුගේ ප්‍රතිපදාව හා තීරණ ගැනීම උතුරු කොරියාව, චීනය හා ඇමරිකා එක්සත් ජනපදය දෙසට යොමුව තිබූ අතර එම රටවල් හා ද්විපාර්ශවීය සබඳතා ජපානය හා වඩා තහවුරු වූයේද මේ කාලයේය.


    අබේ මහතාගේ දේශපාලන දිවිය වඩා වර්ණවත් වූයේ ඔහු දැරූ විශේෂ විදේශ ප්‍රතිපත්තීන් නිසාය. ඔහුගේ පදවිප්‍රාප්තියටද මූලිකවම ජපානයේදී උතුරු කොරියානුවන් විසින් ජපන් වැසියන් පිරිසක් පැහැරගත් අවස්ථාවේදී ඔහු ගත් ක්‍රියාමාර්ග හේතු වූ බව ජපන් දේශපාලන විශේෂඥයන් පවසා ඇත.
     

    ජපානයට “අහිමි වූ දශකයන්“ අවසන් වී ඇති බව අබේ මහතාගේ පැමිණීමත් සමඟ සාක්ෂාත් විය.


    අබේ මහතාගේ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධ විදේශ ප්‍රතිපත්තිය වූයේ අනෙක් රටවලට නීති පැනවීම නො ව එම රටවල් හා සිය රාජ්‍යෙය් ආරක්ෂාව හා ගැටලු පිටුදැකීමයි. කෙසේවෙතත් මෙම ප්‍රතිපදාව ගෝලීය ප්‍රජාව අතර ජපානය ඉහළින් තැබීමට සමත් වූ අතර ජාත්‍යන්තර නීති සැකසිමට හා තිරණ ගැනීමට වැඩි දායකත්වයක් සැපයීමට ජපානයට හැකියාව ලැබීමයි.


    අගමැති ෂින්ෂෝ අබේ මහතා විසින් ජපන් ආර්ථිකය නඟා සිටුවීමට අපේක්ෂා සහගත ආර්ථික ක්‍රියාවලියක් නිර්මාණය කළ අතර විශේෂයෙන්  එමඟින් 2011 වසරේ ජපානයේ ඊසානදිග හොන්ෂු ප්‍රදේශයට බලපෑ භූ කම්පනය හා සුනාමි ව්‍යසනයෙන් පහළ ගිය ආර්ථිකය ඉතා වේගයෙන් ප්‍රතිපූරණය කිරීමට සමත් විය.


    එම ක්‍රියාවලිය “Abenomics“ ලෙස හඳුන්වනු ලබන අතර එමඟින් ආර්ථික සංවර්ධන උද්ධමනය සමඟ යෙන් (ජපානයේ ව්‍යවහාර මුදල) අගය ඇමරිකානු ඩොලරයට ඇතුළු අනෙකුත් මුදල් අගයට එරෙහිව ඉහළ තලයකට ගෙන ඒමට හැකියාව ලැබුණි.

    190px-AkieAbe 2007Apr27
    ජපන් අග්‍රාමාත්‍ය ආර්යා අකි අබේ මහත්මියද එරට සෞඛ්‍ය හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්ගේ ප්‍රවර්ධනයට සෘජුවම දායකත්වයක් දක්වන අතර එරට සාම්ප්‍රදායික ආහාර කලාව ප්‍රචලිත කිරීමටද කටයුතු කරයි. 2007 වසරේ සිය සැමියා අග්‍රාමාත්‍ය ධූරයෙන් සමු ගැනීමත් සමඟ ටෝකියෝ කනාඩා දිස්ත්‍රික්කයේ නව ජපන් ක්‍රමයේ බීම සැලක් ආරම්භ කර සිය අකි ගොවි පොළෙන් ලද අස්වැන්නෙන් සැකසූ කාබනික “අකි හාල්“ (Akie Rice) හා බීම තමන්ම අලෙවි කිරීමට ආරම්භ කළාය.

     

    මෙමඟින් ඇය එරට කෘෂිකර්මය සීමා වූ කාර්මික නිෂ්පාදනයක් ලෙස සැලකීම පිටුදැකීමටත් දේශීය ගොවියා ආහාර නිෂ්පාදනයෙන් ගෝලීය තරගතාරීත්වයට එක් කිරීමත් අපේක්ෂා කරන්නීය. එසේම සිය ජීවන රටාව සාමාන්‍ය රට වැසියා සමඟ සම කිරීමටත් උත්සහ දරන්නීය. එරට සන්නිවේදන හා අධ්‍යාපන ක්ෂේත්‍ර සංවර්ධනයටද එතුමිය සිය දායකත්වය සපයයි.

     

    ශෂිනි දිලේෂා ප්‍රනාන්දු

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya