ජපානයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය මුලින්ම ආරම්භ කෙරුණේ 1953 වසරේදීය.
1982 වසරේ සිට ශී‍්‍ර ලංකාවේ දැවැන්තම ආධාරකරුවා වන ජපානය 2007 වසර දක්වා අඛණ්ඩව එය පවත්වාගෙන ගියේය. ශී‍්‍ර ලංකාවට ලැබෙන ජපාන ආධාර ක්ෂේත‍්‍ර දෙකක් ඔස්සේ මෙරටට ලැබුණි. ඉන් පළමුවැන්න ජයිකා හෙවත් ජපාන ආයෝජන සහයෝගීතා ඒජන්සිය වන අතර අනෙක ජේබීඅයිසි හෙවත් ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ ජපන් බැංකුවයි.
මුල් කාලීනව ජපානයෙන් කාර්මික සහයෝගය හා මුල්‍යාධාර ශී‍්‍ර ලංකාවට පිරිනැමුණ අතර මේ වන විට සහන ණය ලෙස ජපාන ආධාර ශී‍්‍ර ලංකාවට ලබා දෙයි.
ජපාන ආධාර යටතේ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක කෙරුණු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අතර ඉහළ කොත්මලේ විදුලිබලාගාර ව්‍යාපෘතිය, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ද සමනළ වැව හා කුකුලේගඟ ව්‍යාපෘති හා කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය හා ටෙලිකොම් ව්‍යාපෘති හා දුම්රිය මාර්ග පාලම් හා මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති ද හඳුන්වා දිය හැක.
ශී‍්‍ර ලංකාවේ යටිතල පහසුකම් වෙනුවෙන් සිදු කෙරුණු දැවැන්ත ආයෝජනයන් අතර පේරාදෙණිය රෝහල, ජයවර්ධනපුර රෝහල, වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දිය හැකි අතර ශී‍්‍ර ලංකා රුපවාහිනී සංස්ථාව ජපාන රජයේ පරිත්‍යාගයකි.
2004 වසරේ ශී‍්‍ර ලංකාව සුනාමි ව්‍යසනයට ලක් වූ අවස්ථාවේදී ඉන් විපතට පත්වූවන් වෙනුවෙන් ක්ෂණිකව මැදිහත් වූ ජපානය විපතට පත්වූන්ගේ අවශ්‍යතා සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා බෙහෙත් ද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවට එවීමට කටයුතු කළ අතර හදිසි සුනාමි ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියනයක මුල්‍ය පරිත්‍යාගයක් ද ඩොලර් මිලියන 80ක ව්‍යාපෘති වෙනුවෙන් ආධාර ද ලබාදෙන ලදී. මෙය ශී‍්‍ර ලංකාවට වාර්ෂිකව ලබාදෙන යෙන් බිලියන 01ක ආධාරයට අමතරව වූ අතර සුනාමි ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් වෙනුවෙන් පමණක් යෙන් බිලියන 08කට ආසන්න මුදලක් ජපානය වැය කර තිබිණි.
ශී‍්‍ර ලංකාවට සුනාමි ව්‍යසනයෙන් සිදු වූ හානි පිළිසකර කර ගැනීම සඳහා ලබාදෙන ලද ඇමරිකානු ලොඩර් මිලියන 500ක සමස්ත ආධාර ප‍්‍රදානයෙන් ඩොලර් මිලියන 250ක් ම ජපන් ආධාර විය.
ශී‍්‍ර ලංකාවේ සාම කි‍්‍රයාදාමයේදී වඩා කාර්යක්ෂම සේවාවක් ඉටු කළ ජපානය සාම සාකච්ඡා සඳහා සිය භූමියේ අවස්ථාව සලසා දීමට අමතරව ලෝක ආධාර සමුළුව ද ජපානය තුළ පැවැත්වීමට අවස්ථාව සලසා දෙන ලදී. ජපානය ශී‍්‍ර ලංකාවේ සාම වෑයමේදී යුරෝපා සංගමය, නෝර්වේ, ඇමරිකා එක්සත් ජනපදය හා එක් ව සම සභාපතිවරුන් ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ජපානය සාම වෑයමේදී එහි නිත්‍ය නියෝජිතයා ලෙස යසුෂි අකාෂි මහතා පත් කළේය.
ගැටුම් නිමාවත් සමඟ එම ප‍්‍රදේශවල ප‍්‍රතිසංස්කරණ කටයුතු හා නැවත පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ ජපානය බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලදී කැපී පෙනෙන දායකත්වයක් දැක්වීය. ගැටුම් පැවති ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කි‍්‍රයාවලිය වෙනුවෙන් ජපානය රුපියල් බිලියන 03ක මුදලක් වැය කළේය.
ශී‍්‍ර ලංකාවට එරෙහි ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාවේදී ශී‍්‍ර ලංකාවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ජපානය ශී‍්‍ර ලංකා ජනතාවගේ කැමැත්තෙන් තේරී පත් වූ රජය ජනතා අපේක්ෂා ඉටු කිරීමේ වගකීම දරන බව පෙන්වා දුන්නේය.
1997 වසරේදී ශී‍්‍ර ලංකාව බිම්ස්ටෙක් සමුළුවේ සාමාජිකත්වය ලබා ගත් අතර එය ජපානය සමඟ නිදහස් වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම කෙරෙහි යොමු වී සිටී.
ශී‍්‍ර ලංකාවේ පැවති බුද්ධ ජයන්ති උත්සවය සඳහා 1956 වසරේදී ජපානයේ මිකාසා කුමරු සහභාගි වූ අතර 1957 වසරේදී ජපාන අගමැති කිෂි ශන්සුකි ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිතර වූවාය. 1981 වසරේදී ජපානයේ කිරුළ හිමි කුමරු සහ කුමරිය ශී‍්‍ර ලංකාවේ සංචාරය කළේය. නැවතත් ජපාන අගමැතිවරයෙකු වූ ටොෂිකි කයිෆූ මහතා 1990 වසරේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කළේය. ජපානයේ කිරුළ හිමි කුමරු සහ කුමරිය 1992 වසරේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කළේය. ජපානයේ උප අගමැති කත්සුයා ඔකාජා 2012 වසරේදී ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිතර විය.
1954 වසරේදී ශී‍්‍ර ලංකාවේ එවකට අගමැති වූ සර් ජොන් කොතාලාවල මහතාත්, 1967 වසරේදී ඩඩ්ලි සේනානායක මහතාත් ජපානයේ සංචාරය කළ අතර 1976 වසරේදී අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ජපානයේ සංචාරයක නිරත වූවාය. 1979 වසරේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයේ නිල සංචාරයක නිරත වූ අතර 1980 වසරේදී ආර්. පේ‍්‍රමදාස අගමැතිවරයා ද 1996 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ද ජපානයේ සංචාරය කර ඇත.
ජපාන අගමැති ෂින්සෝ අබේ මැතිතුමාගේ මෙවර ශී‍්‍ර ලංකා සංචාරය දෙරට අතර පවත්නා දිගුකාලීන මිත‍්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයකට අනුව ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන ෂින්සෝ අබේ මැතිතුමා ඉහළ පෙළේ ජපාන ආයෝජන හා වෘත්තියවේදීන් ප‍්‍රමුඛ දූත පිරිස සමඟ හෙට (07) හා අනිද්දා (08) යන දෙදින තුළ ශී‍්‍ර ලංකාවේ සංචාරය කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය වසරේ මාර්තු 13 වන දින ජපානයේ නිල සංචාරයක නියැළුන අතර එය දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ආරම්භ කිරීමේ 60 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සිදුවිය.
මෙම සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකාවට රුපියල් බිලියන 57.8ක සංවර්ධන ආධාර හිමි විය.
ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී ශී‍්‍ර ලංකාව හා පවත්නා නාවික සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ ජපාන අගමැතිවරයා ශී‍්‍ර ලංකාව කලාපයේ වැදගත් නාවුක කේන්ද්‍රස්ථානයක් ව පැවැතීම හේතුවෙන් එහි ඇති වැදගත්කම වටහාගෙන මෙරට සමඟ නාවුක සබඳතා ඇති කර ගැනීම කෙරෙහි උනන්දු විය.
ෆුකුෂිමා බලාගාරයේ අනපේක්ෂිත සිදුවීම සමඟ ජපානයට ගුවන් ගමන් සිදු කිරීම පවා ඇතැම් රටවල් නතර කළ අවස්ථාවේ ශී‍්‍ර ලංකාව අඛණ්ඩව ජපානය සමඟ ගුවන් ගමන් පවත්වා ගැනීමට ද කි‍්‍රයා කළේ ජපානය සමඟ පවත්නා දිගුකාලින සමීප මිත‍්‍ර සබඳතාවල ප‍්‍රතිඵලයක් ලෙසය.
NDH/priu