අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත පුද්ගලයා කියන්නේ මානව විවිධත්වය තුළ යම්කිසි සංකීර්ණ හැඩයක් නිරූපණය කරන සංවේදී ජන කොටසක්.. - ප්‍රසන්න වික්‍රමසිංහ

    සැප්තැම්බර් 22, 2021

    සැප්තැම්බර් 23 ලෝක සංඥා භාෂා දිනයට සමගාමීව, ආබාධ සහිත වූවන් පිළිබඳ වර්තමාන තත්ත්වය හා අනාගත සැලසුම් පිළිබඳව ‘’ආබාධ සහිත පුද්ගල සංවිධාන පෙරමුණේ ‘’ සහකර ලේකම්, ‘’සහකම්පන ‘’සංවිධානයේ සභාපති, ‘’ශ්‍රී ලංකා ජාතික දෘෂ්‍යාබාධ සංවිධානයේ'' ප්‍රධාන ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි

     ආබාධ සහිත පුද්ගලයා කියන්නේ මානව විවිධත්වය තුළ යම්කිසි සංකීර්ණ හැඩයක් නිරූපණය කරන සංවේදී ජන කොටසක් - ප්‍රසන්න වික්‍රමසිංහ

    මොකක්ද මේ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ?

    ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ කියන්නේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පදනම් කරගත් සමාජ ව්‍යාපාරයේ සිටින ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකරාශී කරගත් ප්‍රධාන සංවිධානයක්. පසුකාලීනව හෝ උප්පත්තියෙන් ඇතිවූ විවිධ ආබාධ සහිත තත්ත්වයන් පදනම් කරගෙන ගොඩනැගුණු කණ්ඩායම් හරහා මෙම සංවිධානය නිර්මාණය වෙනවා.

    දෘෂ්‍යාබාධ, ශ්‍රව්‍ය සහ කතන ආබාධ, බුද්ධි උෘනතා සහිත සහ ශාරීරික ආබාධ සහිත වශයෙන් කොටස් 04 පදනම් කරගත් සභාපතිවරුන් 04ක් මහලේකම්වරු ඇතැළු නිලධාරී මණ්ඩලයද පත්වෙන්නේ ආබාධමය තත්ත්වයන් පදනම් කරගනිමින්.

    ආබාධ සහිත පුද්ගලයන් වර්ගීකරණයක් තියෙනවාද?

    ලෝකයේ පිළිගත් පොදු නිර්ණායකයක් නෑ,ආබාධ සහිත පුද්ගලයන් පිළිබදව.තවම  නිශ්චිත විද්‍යාත්මක වර්ගීකරණයක් සිදුවෙලා නැහැ. ලංකාවෙත් එලෙසයි. 2003 ආබාධිත බව පිළිබද ජාතික ප්‍රතිපත්තිය අනූව ලංකාවේ වර්ගීකරණ 07ක් තියෙනවා. 2011 ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සිදුකළ සංගණනයට අනූව දැනට වර්ගීකරණය සිදුකළත් එයත් විද්‍යාත්මක පදනමකින් සිදුනොවූවක් බවයි ආබාධිත පුද්ගලයන්ගේ පිළිගැනීම.

    ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ කාර්යයභාරය කුමක්ද?

    ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ මගින් සිදුවන්නේ මෙම කණ්ඩායම් සංවිධාන හැටියට ඒකරාශී කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් පදනම් කරගත් සමාජ ව්‍යාපාර ශක්තිමත් කිරීම සදහා දිරිගැන්වීම්, වැඩසටහන් වශයෙන් සංවේදීකරණ වැඩසටහන්, නායකත්ව පුහුණු වැඩසටහන් සහ අයිතිවාසිකම් පදනම් කරගත් වැඩසටහන් සදහා සංවිධාන මෙහෙයවීමයි.

    ප්‍රධාන වශයෙන්ම මෙමගින් සිදුකරන්නේ තමන්ගේ අයිතිවාසිකම් සදහා යම්කිසි සාකච්ඡාවකට එම පුද්ගලයන් මෙහෙයවීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. විවිධ ක්‍රියාකාරකම් සම්බන්ධව තොරතුරු දැනුවත් කිරීම, රජයේ ආබාධ සහිත පුද්ගලයින් සදහා වන විවිධ ප්‍රතිපත්ති වලට උපායමාර්ගිකව මැදිහත් වෙමින් අවශ්‍ය උපදෙස් සැපයීමත් සිදුවෙනවා. මෙහි ප්‍රතිලාභයක් ලෙස ආබාධ සහිත පුද්ගලයින් රජය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව අවශ්‍ය දැනුවත් කිරීම් ආයතන, දෙපාර්තමේන්තු, ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කිරීම සදහා සම්බන්ධ වන අතරම කෝප් කාරක සභාව වැනි දෑටද සම්බන්ධ වෙනවා.

    මේ හරහා ආබාධ සහිත පුද්ගල සංවිධාන තමන්ට ඇති අයිතීන් පිළිබදව දැනුවත් වෙන අතරම ඒ අයගේ දේශපාලන, අධ්‍යාපන, සමාජ, ආර්ථික, සංස්කෘතික අයිතිවාසිකම් පිළිබදව සහ ඒ්වා නිසි අයුරින් පෙළගැස්වීමට අදාල මාර්ගෝපදේශනයද ඒම සංවිධාන වලට සැපයෙනවා.

    ආබාධ සහිත පුද්ගලයන් රටේ කොපමණ ඉන්නවාද?

    දාසය ලක්ෂ දහ අටදහසක් (1,618,000) පමණ ඉන්නවා. සමස්ථ ජනගහණයෙන් 8.7%ක්. ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධාන 32ක ලයිස්තුවක් ආබාධ සහිත පුද්ගල සංවිධානයේ ඒ්කාබද්ධ පෙරමුණේ ලියාපදිංචි වී ඉන්නවා. ඒම සංවිධාන 32 ආබාධ සහිත පුද්ගලයන් සදහා වන ජාතික මහා ලේකම් කාර්යාලයේ හෝ සමාජ සේවා අමාත්‍යංශයේ හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ලියාපදිංචි වුණු සංවිධානයි. මෙයින් බහුතරය ස්වෙච්ඡා සංවිධාන.

    ආබාධ සහිත පුද්ගලයා නිර්වචනය කළොත්...?

    ආබාධ සහිත පුද්ගලයා කියන්නේ මානව විවිධත්වය තුළ යම්කිසි සංකීර්ණ හැඩයක් නිරූපණය කරන සංවේදී ජන කොටසක්.. මෙය විශේෂ කණ්ඩායමක් නොවෙයි.. මොවුන් මානව විවිධත්වයේ තවත් කණ්ඩායමක්.

    ලෝකයේ විවිධ ආකෘතීන් යටතේ මෙය විග්‍රහ කරනවා. සම්ප්‍රදායික හෙවත් ගතානුගතික ආකෘතිය යටතේ මොවුන් සමාජයට කරදරකාරී, සමාජයෙන් ඉවත් කළ යුතු පිරිසක් ලෙස සලකනවා. ඇතැම් දාර්ශනික විග්‍රහ තුළත් මෙය සංකල්පමය ලෙස ඒළියට ආවා. මෙය නරක තත්ත්වයක්. කාර්මික විප්ලවයෙන් පසු ලෝකේ දියුණු වීමත් සමග වෛද්‍ය විද්‍යාත්මක ආකෘතියකින්ද ආබාධ සහිත පුද්ගලයා විග්‍රහ කරනවා මොවුන් යම් ලෙඩ රෝගයකින් පෙළෙන ප්‍රතිකාර අවැසි අය වශයෙන්. ඉන්පසු පැමිණි සමාජ ආකෘතික මුහුණුවර තුළ මොවුන් මානව විවිධත්වයේ යම්කිසි කොටස් කරුවන් වශයෙන් විග්‍රහ කරනවා. මොවුන් සංවේදී පිරිසක්. ඒ අයගේ අවශ්‍යතා පදනම් කරගෙන සමාජය ඒ අයට නිසි ආකාරයෙන් ආමන්ත්‍රණය කළ යුතු බව මින් කියැවෙනවා.

    මොවුන්ට විශේෂ අනුකම්පාවක් හිමිවිය යුතුද? තව කෙනෙකුගේ රැකවරණයක් අවැසිද? තනිවම ජීවිතය ජයගත හැකිද?

    සහකම්පනය කියන මානුෂීය ප්‍රවේශය අපගේ මනෝභාවය තුළට නොඒනතාක් කල් ආබාධ සහිත පුද්ගලයන්ට අනුකම්පාව කියන කාරණයවත් හිමිවෙන්නේ නැහැ.. ආබාධ සහිත ව්‍යාපාරය තුළ නිරන්තරයෙන් පවසන්නේ මේ අය දිහා සහකම්පාවෙන් බලන්න කියලා. බැරි මිනිහෙක් දිහා වගේ බලන්න ඒපා කියලා. ආගමික ආකෘතිය තුළ අමෙරට මනෝභාවයට ඒන්නත්කරලා තියෙනවා ආගම පදනම් කරගත් මානුෂීයත්වයක්. තුන්වන ලෝකේ රටවල ප්‍රජාවගේ මනෝභාවය තුළ ආබාධ සහිත පුද්ගලයා නඩත්තු වන මුහුණුවර වන්නේ අනේ පවු මේ අයට උදවු කළ යුතුයි කියලා. ආගමික ආකෘතියෙන් ගත්තාම මේ අය තමාගේ පිංකෙත පෝෂණය කරන උත්තේජයක්.

    මේ අය ඔබ වගේමයි. මේ අය සාමාන්‍ය ජන සමාජය තුළම කිසියම් ඉන්ද්‍රීමය හො බුද්ධිමය ඵලයේ හෝ මානසික තත්ත්වයන් වල යම් අඩුවක් සහිත කොට්ඨාශයක්. මොවුන් දිහා වඩාත් උපේක්ෂාවෙන් බැලිය යුතුයි. මොවුන්ගේ අඩුව පසෙකලා තියෙන දේවල් වලින් රටට වැඩක් කරගන්නේ කෙසේද? සමාජය දිරිගන්වන්නේ කෙසේද? මොවුන් අධ්‍යාපනික වශයෙන් දිරිගන්වන්නේ කෙසේද? රටේ ශ්‍රම වෙළදපොළට දායක කරගන්නේ කෙසේද යනුවෙන් ධනාත්මක මුහුණුවරකින් ආබාධ සහිත පුද්ගලයන් දෙස බැලිය යුතුයි.

    රටේ අධ්‍යාපන බලධාරීන්ට, විෂය සම්පාදකවරුන්ට මෙහිදී ලොකු වගකීමක් තියෙනවා. පොදු අධ්‍යාපන ධාරාව තුළ ආබාධ සහිත පුද්ගලයන්ව ආමන්ත්‍රණය කරන හා විග්‍රහ කරන ආකාරය නවීන මුහුණුවරකින් අධ්‍යාපනයට ඒකතු කළ යුතුයි.

    ලෝකේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබදව තියෙන සාපේක්ෂ සමාජ වෙනස්කම් තුන්වන ලෝකේ රටක් වශයෙන් අපේ රටවල් වලට ගලාගෙන ඒ්මේ අඩු ප්‍රවණතාවයක් පවතිනවා. මෙය වඩා ප්‍රශස්ථ ප්‍රවණතාවයක් බවට පත්වෙන තාක් කල් ආබාධිත පුද්ගලයාට අනුකම්පා කරන ඒක නරකයි කියන්න බැහැ. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබද ව්‍යාපාරයට සාපේක්ෂව අධ්‍යාපනය වෙනස් විය යුතුයි. මොවුන් ගැන සමාජය හිතන විදිය වෙනස් විය යුතුයි. මෙය වෙනස් කළ හැක්කේ රටේ අධයාපනයෙන් සහ ප්‍රතිපත්ති සම්පාදනයෙන්.

    මෙවර සැප්තැම්බර් 23 ලෝක සංඥා භාභාෂා දිනයට සමගාමීව ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සිදුවන සුව්ශේෂී මෙහෙය පැහැදිලි කළොත්?

    අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ගේ හිසේ සිට දෙපතුළ දක්වා වගකීම රාජ්‍ය සහ නිල වශයෙන් පැවරී තිබුණේ සමාජ සේවා අමාත්‍යංශයට. ආබාධ සහිත පුද්ගලයන් යැපෙන්නන් වශයෙන් ඒහිදී විග්‍රහ වුණා. වන ප්‍රතිපත්ති සෑම ඒකකින්ම අවධාරණය කරන්නේ ආබාධ සහිත පුද්ගලයාගේ විෂය ඒක් අමාත්‍යංශයකට ගොනුවීමේ ආදීනව පොදු සමාජ පුරවැසියාට ඇති බවයි. ඒ ඒ අමාත්‍යංශ වලට ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ඇති වගකීම සහතික කිරීමේ වැදගත්කමයි. මෙතෙක් කාලයක් මෙම වගකීම කඩදාසි වලට පදනම් වෙලා තිබුණේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 27 වන පිටුව ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පදනම් කරගත් සාකච්ඡාව ඒදිරිගාමී කිරීමට සමත් වෙලා තියෙනවා. ආබාධ සහිත පුද්ගලයන්ගේ වගකීම සමාජ සේවා අමාත්‍යංශයට පමණක් නෙමෙයි හැම අමාත්‍යංශයකටම පැවරෙන බව ඒමගින් අවධාරණය කරනවා.

    ජනමාධ්‍ය අමාත්‍යංශය ආබාධ සහිත පුද්ගලයන්ට ඉතාම සමීප අමාත්‍යංශයක්. සමාජ වෙනස්කම කිරීමට ජනමාධ්‍යයට විශාල කාර්යයභාරයක් තියෙනවා. ආබාධ සහිත පුද්ගලයන් පිළිබදව පොදු සමාජය හිතන විදිය වෙනස් කිරීමට, ඒ් අයගේ ආකල්පමය ආබාධිතභාවය ඉවත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශයට සුව්ශේෂී කාර්යය බාරයක් කළ හැකියි. ඒම කාර්යයභාරය ඉටු කිරීමේදී සියලු අමාත්‍යංශ වලට පෙරටුව ගොස් ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන් පදනම් කරගත් සහ ඔවුන්ව සක්‍රීයව දායක කරගනිමින් සංඥා භාෂා දිනය පදනම් කරගෙන නිර්මාණය වෙන ආබාධ සහිත පුද්ගලයන් පදනම් කරගත් කේන්ද්‍රීය ස්ථානය ඉතාම වැදගත් සලකුණක්. මෙහි ආබාධ සහිත පුද්ගලයන් සක්‍රීයව දායක කරගැනීම සුවිශේෂී වන අතරම මෙමගින් ජනමාධ්‍ය අමාත්‍යංශය ආබාධ සහිත පුද්ගලයන්ට සංවේදී සියලු අමාත්‍යංශ වෙත ඉගිකරමින් අදාල බලධාරීන්ට අවධාරණය කරනවා මෙවැනි කේන්ද්‍රීය ස්ථාන නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබදව.

    විශේෂයෙන් ආබාධ සහිත වූවන් වෙනුවෙන්  කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත් වීම මත ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ස්ථාපිත වෙනවා. මෙය  ආබාධ සහිත වූවන්ගේ අයිතීන් වෙනුවෙන් වූ ප්‍රධාන හැරවුමක් ලෙසයි දකින්නේ.

    abada

    සාකච්ඡා  සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya