ඈත අතීතයේ සිට මේ දක්වා කාලය තුළ සිනමා වංශකතාවේ නොමැකෙන සලකුණු සනිටුහන් කළ චිත්‍රපට මෙන්ම ප්‍රතිභාපූර්ණ කලාකරුවන්ද රාශියකි. රංගනය මෙන්ම ගායනය, වාදනය, නර්තනය පමණක් නොව තිරයෙන් පිටුපස සිදුවන ඒ අපූරු කණ්ඩායම් සහයෝගීත්වය නොමැති නම් ප්‍රේක්ෂකයාට රස කර කර රසවිදිය හැකි නිර්මාණ අප හට නොලැබෙනු ඇත.
දේශීය සිනමා ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පුරෝගාමී චිත්‍රපට නිෂ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිෂ්පාදිත අප රටේ පළමු චිත්‍රපටය වන රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිෂ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩංගු චිත්‍රපටයකි. ඉන්දියානු ආභාෂය ලබමින් 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට බහුලව නිෂ්පාදනය විය.
නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරළිය චිත්‍රපටය නිෂ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද රේඛාව මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබිණි.ගම්පෙරළිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර අතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.
70 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිචාරයක් ලබූ වෙස්ගත්තෝ හා පළඟැටියෝ යන චිත්‍රපට ද තවත් බොහොමයක්ද මීට අතුලත් වේ.
මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, ධර්මසේන පතිරාජයි.බඹරු ඇවිත් හා අහස් ගව්ව වනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිත වල ඇති ආතතිය පිළිබඳව එම නිර්මාණ ඔස්සේ පරික්ෂා කරන ඇත. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970දී නිෂ්පාදනය කළ, ඔහුගේ එකම නිෂ්පාදනය වූ තුන්මංහංදිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වදගත් චිත්‍රපටයකි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, සුමිත්‍රා පීරිස් මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිෂ්පාදන කළ චිත්‍රපට අතර ගැහැනු ළමයි සහ ගඟ අද්දර ප්‍රේක්ෂක සිත් දිනාගත් නිර්මාණයන් දෙකකි.
ඊළඟ දශක කීපයේ දී තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ , විමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ පුරහඳ කළුවර හා විමුක්ති ජයසුන්දර ගේ සුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. තවද, 2005 කෑන්ස් චිත්‍රපට උළෙලේදී සුළඟ එනු පිණිස චිත්‍රපටය Camera d Or සම්මානයෙන් පිදුම් ලැබීය.
සිනමා ඉතිහාසය දෙස හැරී බැලීමේදී 1997 දී පහත නම් සඳහන් චිත්‍රපට පසුගිය අවුරුදු 50 තුළ නිපදවා ඇති හොඳම චිත්‍රපට ලෙස රාජ්‍ය කමිටුව විසින් හඳුනා ගෙන ඇත.
ටයිටස් තොටවත්ත මහතා (අප්‍රේල් 17, 1929 - ඔක්තෝබර් 15, 2011) ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ද, සංස්කාරකවරයයකු ද, රූපවාහිනී හඬකැවීම් ශිල්පියකු ද වේ. 60, 70 දශකවල දී ඔහු සිංහල චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කළේය.
1956 වසරේ දී රේඛාව චිත්‍රපටය නිපැයීමේ දී ටයිටස් තොටවත්ත, සංස්කාරකවරයා ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ විලී බ්ලේක් සමග එක්වූවේ
ය. එය, එකල පැවති දකුණු ඉන්දියානු චිත්‍රපට අනුකරණය කිරීමේ රටාවෙන් බැහැර ව සිංහල චිත්‍රපටයක් තැනීමේ අරමුණෙන් කළ නිපැයුමක් විය. සිංහල සිනමාවේ ප්‍රථම වරට දුෂ්ට චරිතයක් නිරූපණය කරමින් ගාමිණී ෆොන්සේකා රඟපෑ චණ්ඩියා චිත්‍රපටය තොටවත්තයන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය යි. එය 1965 වසරේ දී තිර ගත විය. [6] කවුද හරි (1969), තෙවත (1970) හාරලක්ෂය (1971) ඔහුගේ අනෙකුත් සිනමා නිර්මාණයන් ය.
1980 වසරේ දී ටයිටස් තොටවත්තයන් ලියා අධ්‍යක්ෂණය කළ හඳයා චිත්‍රපටය එම වසරේ හොඳම චිත්‍රපටය ලෙස සරසවි සම්මානයට පාත්‍ර විය.
මෙලෙස දේශීය සිනමාවේ දැවැන්තයන් විශාල පිරිසක් විසින් එදා මෙදා තුර සිනමාවට ඉටු කළ අනුපමේය මෙහෙය ප්‍රශංසනීයයි. අතීතයේ සිනමාලෝලීන්ගේ සිත් පැහැරගත් කලු සුදු චලන රූපයේ කතාව මේ වන විට වර්ණවත් වෙමින් අභ්‍යන්තරව සහ බාහිරව විවිධ හැඩ ගනිමින් පැමිණ 74 වන වියට පා නගා ඇත. අප සැමගේ ආදරය දිනාගත් රිදී තිරයට ඉදිරියටත් තව තවත් හැඩවී අර්ථවත් වෙමින් අපව රසගන්වන්නට හැකිවේවා.. චිරං ජයතු..
සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.