අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොදම මාස්ක් එක මොකක්ද? දැනගෙන පළදිමු...

    ජනවාරි 24, 2021

    ලොවටම තර්ජනයක් වී ඇති කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපය අතර මුඛ ආවරණයට එහෙම නැත්නම් මාස්ක් එකට හිමිවෙන්නේ ඉතාම වැදගත් ස්ථානයක්.

    නාසය සහ මුඛය වැසෙන අයුරින් නිපදවා ඇති මුඛ ආවරණ නිවසෙන් බැහැරව මහමග ගමන්ගන්නා සැමට අනිවාර්යයෙන් පැළදිය යුතු අංගයක්. අද අපිට දක්නට ලැබෙන මුඛ ආවරණ විවිධාකාරයි.. විවිධ වර්ණයන්ගෙන් විවිධ ස්වරූපයෙන් සමාජයේ මිනිසුන්ගේ මුවෙහි දක්නට ලැබෙන මෙම මුඛ ආවරණ මහමග විවිධාකාරයෙන් අලෙවි වෙනවා.

    කඩවීදි දිගේ බස්රථ තුළ ලොතරැයි කූඩු අසල වෙළෙදුන්ගේ අත්ලට සිරවී අළෙවි වන මුඛ ආවරණ වල ප්‍රමිතිය සහ ඒවා කෙතරම් දුරට භාවිතයට සුදුසුද යන්න ඔබ මින්පෙර සිතා බැලුවාද?

    ඇතැමුන් මුඛ ආවරණ පළදින්නේ ඇදුමේ වර්ණයට ගැලපෙන විලාසිතාවක් වශයෙන්.. තවත් සමහරුන් මුඛ ආවරණ පළදින්නේ පොලීසියට බියෙන්. ඔබ බිය විය යුත්තේ නීතියටද? එසේත් නොමැති නම් ලෝකයටම ගැටලුවක්ව තිබෙන දරුණු වසංගතය ළගට ගැනීමටද?

    රෙදි මාස්ක් එක හොදද? සර්ජිකල් මාස්ක් එකද N95 එකද වඩාත්ම හොද? මේවා අපි හැමෝටම මාස්ක් ගැන තියෙන ගැටලු. ඉතා සියුම් නූල් අපිළිවෙළට සෑම තැනකම වියූ කෙදි සමූහයක් වශයෙන් සර්ජිකල් මාස්ක් එකක අන්තර්ගතය සකස් වෙනවා. මෙවැනි ලේයර දෙකක් තුනක් එකතු කර ඉතාම කුඩා අංශුවකට පවා ඒ හරහා ගමන් කළ නොහැකි ලෙස තමයි මේ සර්ජිකල් මාස්ක් නිර්මාණය වෙන්නේ.

    මෙම සැකැස්ම නිසා කෙළ බිදිති මාස්ක් එක හරහා එළියටත් ඇතුලටත් ගමන් නොකරන පරිදි නිර්මාණය වී තිබෙනවා.
    සාමාන්‍ය අවස්ථාවකදී සර්ජිකල් මාස්ක් එක ප්‍රමාණවත්ද? ඔව්. සාමාන්‍ය අවස්ථාවක් සදහා සර්ජිකල් මාස්ක් එක හොදටම ප්‍රමාණවත්..
    මෙහෙම කියන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා. ඒ විතරක් නෙමෙයි මාස්ක් ගැන කරුණු ගොඩාක් ඔහු අපිට කිවුවා.
    නමුත් විශේෂ අවස්ථා වලදී සෞඛ්‍ය සත්කාර සේවා, කොවිඩ් රෝගියෙකුට ප්‍රතිකාර කරන අවස්ථාවකදී, දැඩිසත්කාර ඒකක ආදියෙහිදී තත්ත්වය වෙනස්. ඒවගේ අවස්ථාවන් සදහා ගැලපෙනම මාස්ක් එක තමයි N95 මාස්ක් එක.

    N95 කියන්නේ මොකක්ද? ලෝකේ ප්‍රසිද්ධ ප්‍රමිතිකරණ ආයතනයක් වන NIOSH ආයතනය ලබාදීලා තියෙන ප්‍රමිතිකරණය අනූව තමයි N95 මාස්ක් එකට ඒ නම ලැබෙන්නේ. කුඩා අංශු 95%ක් ඇතුලට ඒමෙන් වළකින බවට සහතිකයක් N95 මාස්ක් එකට ලැබිලා තියෙනවා.

    රෝගියෙකුගේ සෙම පිටතට අදින අවස්ථාවක, වෛද්‍ය රසායනාගාරයක සෙම සාම්පල පරීක්ෂා කරන අවස්ථාවක වගේ සුවිශේෂී අවස්ථා වල වැඩි ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු වන නිසා N95 මාස්ක් භාවිතා කළ යුතුයි.
    විවිධාකාර මාස්ක් අප අතර තිබුණාට අවස්ථාවට ගැලපෙන මුඛ ආවරණ පැළදීමට සැලකිලිමත් වීම වැදගත්. චීනයෙන් ලබාදෙන ප්‍රමිතිකරණය අනූව තමයි KN95 මාස්ක් නාමකරණය වන්නේ. රෙදි මාස්ක් එකකින් ලැබෙන්නේ සර්ජිකල් මාස්ක් එකකට සහ N95 මාස්ක් එකකට වඩා අඩු ආරක්ෂාවක්. මාස්ක් එකක වර්ණය, විලාසිතාවට වඩා වැදගත් වන්නේ ප්‍රමිතිය සහ එයින් ලැබෙන ආරක්ෂාව. මාස්ක් එකක් භාවිතා කළ යුතු කාල පරාසය තීරණය වෙන්නේ එය තෙතමනයට නිරාවරණය වන ප්‍රමාණය මත. මාස්ක් නැවත භාවිතයට සුදුසු නැති බවට මෙන්ම දිනකට එක මාස්ක් එකක් භාවිතා කරන්න කියලා තමයි සෞඛ්‍ය නිර්දේශය. මුඛ ආවරණය ඔබගේ සිනහව වසන් කළත්, වක්‍රව ඔබට සෞඛ්‍යාරක්ෂාව සලසමින් සිනහව කැන්දන බව ඔබ දැනසිටියාද?... මුඛ ආවරණ දැන පැළද අප රැකෙමින් සැම සුරකිමු..

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya