පළමු භාවිතයෙන් පසු ඉවත් කෙරෙන වතුර බෝතල්, සිසිල් බීම බෝතල් සහ කිහිපවරක් භාවිත කිරීමෙන් ඉවත් කරන කාබන් පෑන් ආදියෙන් 12% පුළුස්සා විනාශ කරන අතර ඉතිරි 79% ක ප්‍රමාණය ඉඩම්ගො ඩකිරීම සඳහා යොදාගන්නා බව එම සමීක්ෂණයෙන් තවදුරටත් තහවුරු කරගෙන ඇත. ඕනෑම ප්ලාස්ටික් කැබැල්ලක් හෝ ප්ලාස්ටික් කෙන්දක් 5mm වලට වඩා අඩුනම් ඒවා මයික්‍රෝ ප්ලාස්ටික් ගණයට අයත් වේ. මිනිසා විසින් පරිසරයට මුදා හරිනු ලබන ප්ලාස්ටික් මිනිසා නොදැනුවත්වම ආහාරදාමයක ආකාරයෙන් නැවත මිනිස් සිරුරට ඇතුලත් වේ. ඒ අනුව සතියකට ප්ලාස්ටික් අනු 74,000 – 121,000 ක අතර ප්‍රමාණයක් (01g – 05g) නොදැනුවත්වම ශරීර ගතවේ.
මෙම මයික්‍රෝ ප්ලාස්ටික් ප්‍රාථමික මයික්‍රෝ ප්ලාස්ටික් (Primary Micro plastics) සහ ද්විතියික මයික්‍රෝ ප්ලාස්ටික් (Secondary Micro plastics) වශයෙන් කොටස් දෙකකට වෙන්කර හඳුනාගත හැකිය. මින් ප්‍රාථමික මයික්‍රෝ ප්ලාස්ටික් පවතින ආකාරයටම පරිසරයට එකතුවන අතර ද්විතියික මයික්‍රෝ ප්ලාස්ටික් ඇසට පෙනෙන මට්ටමේ විශාල කොටස් ලෙස පරිසරයට එකතු වී පසුව විවිධ හේතූන් නිසා කුඩා කොටස්වලට කැඩී පරිසරයේදී මයික්‍රෝ ප්ලාස්ටික් බවට පත්වේ.
මෙම මයික්‍රෝ ප්ලාස්ටික්වලට රසායනික ද්‍රව්‍ය මිලියන ගණනින් අවශෝෂණය කර ගැනීමේ හැකියාව පවතී. එම නිසා කර්මාන්ත ශාලාවලින් ඉවතලන පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය මෙම මයික්‍රෝ ප්ලාස්ටික් මගින් අවශෝෂණය කරගෙන ආහාර හරහා මිනිසාගේ ශරීරයට ඇතුල්වේ.
මයික්‍රෝ ප්ලාස්ටික් හා බැඳුණු රසායනික ද්‍රව්‍ය විශාල වශයෙන් තිබුණ ද DDT (Dichloro diphenyl trichloroethane) සහ PCB (Poly chlorinated biphenyl) යන රසායනික වර්ග දෙක මිනිසාගේ සෞඛ්‍යයට අති විශාල අහිතකර බලපෑමක් ඇති කරයි.
මින් PCB නම් වූ රසායනික ද්‍රව්‍ය ශරීර ගතවීම නිසා කාන්තාවන්ට එන්ඩ්‍රොමෙට්ට්‍රිඔසිස් (Endometriosis) නම් වූ රෝගය වැළඳීමේ ඉහළ සමභාවිතාවක් පවතින අතර එම තත්ත්වය කාන්තාවන්ගේ නිසරු බව ඇතිවීමට බලපාන බව සමීක්ෂණ මගින් සොයා ගෙන ඇත.
එමෙන්ම DDT සහ PCB ශරීරගත වීමෙන් අක්මාවේ, අග්න්‍යාසයේ සහ පියයුරුවල පිළිකා, ලියුකේමියාව වැනි රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති අතර, මෙම මයික්‍රෝ ප්ලාස්ටික්වල විෂ්කම්භය නැනෝ මීටර් 240 ට වඩා කුඩා නම් එයට වැදෑමහ හරහා වුවද ගමන් කිරීමට හැකියාවක් පවතින බව දරු ප්‍රසූතියෙන් පසුව ඉවත් කරන වැදෑමහ උපයෝගී
කර ගෙන කරනු ලබන පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
එමෙන්ම විද්‍යාඥයන් විසින් කර ඇති පර්යේෂණලට අනුව මෙම DDT රසායනික ද්‍රව්‍යයට ගර්භනී මවක් නිරාවරණය වුවහොත් ඇගෙන් උපදින දරුවන් ඔට්සම් (Autism) නම් වූ මානසික රෝගයට ගොදුරුවීමට ඉඩ ඇති බව ද තහවුරු වී ඇත.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය ((NARA) සහ නෝර්වේ Institute of Marine Research (IMR) මගින් කරන ලද පර්යේෂණයක් මගින් ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව මන්නාරම ප්‍රදේශයේ මයික්‍රෝ ප්ලාස්ටික් ඉතා විශාල ලෙස අන්තර්ගත වී ඇති අතර ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සහ මීගමුව ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණවලදී එම ප්‍රදේශවල මුහුදු වෙරළ ආශ්‍රිතව සහ මත්ස්‍යයින් තුළ මෙම මයික්‍රෝ ප්ලාස්ටික් පවතින බවට අනාවරණය වී ඇත.
මෙම මාරාන්තික ව්‍යසනයෙන් මිදීම සඳහා මිනිසාට අනුගමනය කළහැකි ක්‍රියාමාර්ග රාශියකි. ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය අවම කිරීම, නයිලෝන්, ඇක්ක්‍රලික් වැනි ඇඳුම් වෙනුවට කපු, සිල්ක් වැනි ඇඳුම් භාවිතයට හුරුවීම, උතුරවා නිවා පෙරාගත් ජලය පානය කිරීම, ඇඳුම් සේදීමේදී මයික්‍රෝ ප්ලාස්ටික් කෙඳි අල්ලා ගත හැකි උපකරණ (Cora ball) භාවිත කිරීම. රූපලාවන්‍ය සඳහා
ආලේපන තෝරා ගැනීමේදී එහි සඳහන් කර ඇති නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ආදිය පිළිබඳව සැලකිලිමත් විම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් මෙම ගැටළුව යම් දුරකට හෝ අවම කරගත හැකි අතර රාජ්‍ය හෝ ස්වේච්ඡා සංවිධාන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිළදී ගැනීමේ මධ්‍යස්ථාන දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කිරීම පොලිතින් ප්ලාස්ටික් පරිසයට මුදා හැරීම අවම කිරීමේ ඵලදායී ක්‍රමවේදයක් වෙනු ඇත.
බිම් මට්ටමේ සිට අඩි 45 ක්පමණ උසකින් ඉදිකරනු ලබන චිමිනයක් ආශ්‍රයෙන් පරිසරයට හානියක් නොවන අයුරින් මෙම අපද්‍රව්‍ය පුළුස්සා දැමීමේ වැඩපිළිවෙලක් සකස් කළ හැකිවන අතර පාවිච්චියෙන් පසු ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර එමගින් නිෂ්පාදිත භාණ්ඩ ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කළ හැකිය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා ප්ලාස්ටික් හා පොලිතින් භාවිතයේ ඇති ආදීනව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පවුල නැමති කුඩා එ්කකය හරහා සිදුකිරීමට පියවර ගැනීම ද මෙම තත්ත්වය අවම කරගැනීම සඳහා වඩා ඵලදායී ක්‍රියාවක් වෙනු ඇත.
දයානි මුණසිංහ
ප්‍රවෘත්ති නිලධාරී
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව