මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනුවත් වෙමු - අදෘශ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු - ලොව දකින දෙනෙත් සුරකිමු

    මාර්තු 10, 2020

    ලොව ජනගහනයෙන් මිලියන 4.5 ක ජනතාව ග්ලෝකෝමාව හේතුව නිසා සදාකාලික අන්ධභාවයට පත් වේ.

    එම ප්‍රමාණය 2020 වන විට මිලියන 11.2 ක් දක්වා වර්ධනය වන බව මේ වන විට ඇස්තමේන්තු කර ඇති බවත්, මුල් අවධියේ දී හඳුනාගැනීම මඟින් ග්ලෝකෝමාව නිසා සිදු වන අන්ධභාවය වළක්වා ගැනීම සඳහා රෝගී වීමට පෙර ඒ පිළිබඳව දැනුවත්වීම වටින බවත් ජාතික අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මී කුමාරතිලක මහත්මිය පවසා සිටී. ඒ මහත්මිය මේ බව කියා සිටියේ ලෝක අද (10) ජාතික අක්‍ෂි රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවති ග්ලෝකෝමා සතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක දී ය.


    ලෝක ග්ලෝකෝමා සංගමය මඟින් සෑම වර්ෂයකම මාර්තු 08 – 14 දින දක්වා ග්ලෝකෝමා සතිය ප්‍රකාශයට පත් කෙරේ. එහි අරමුණ වන්නේ ග්ලෝකෝමාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මඟින් අක්‍ෂි පරික්ෂාව සඳහා යොමුකර ග්ලෝකෝමාව නිසා ඇතිවන අන්ධභාවය වළක්වාලීමයි. ඒ අනුව, “අදෘශ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු” යන තේමාව යටතේ මෙවර ග්ලෝකෝමා සතිය ප්‍රකාශයට පත් කර ඇත. එනම්, අක්‍ෂි පරික්ෂාවට යොමු වී දෑසේ පෙනුම ආරක්ෂා කර ගන්නා ලෙසයි.


    ශ්‍රී ලංකා අක්‍ෂි වෛද්‍යවරුන්ගේ සංගමයේ ග්ලෝකෝමා අන්ධභාවය තුරන් කිරීම වෙනුවෙන් මෙහෙවර කරන විශේෂඥ වෛද්‍යවරුන් විසින් ලෝක ග්ලෝකෝමා සතියට සමගාමිව ශ්‍රී ලංකා වේ ද ජනතාව දැනුවත් කිරීමේ හා ග්ලෝකෝමාව සඳහා රෝගීන් පරික්ෂා කිරීමේ සායන සංවිධානය කර ඇත. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ විෂන් 2020 වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා අක්‍ෂි වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව විශේෂ අක්‍ෂි සායනයක් ගුවන් හමුදා මුලස්ථානයේ දී පැවැත්වීමටත්, ග්ලෝකෝමා සතිය සැමරීම සඳහා මාර්තු 12 වන දා පාගමනක් නෙලුම්කුළුන පරිශ්‍රයේ සිට ජාතික අක්‍ෂි රෝහල දක්වා ඇරඹීමටත් කටයුතු කරන බව මෙහි දී වෛද්‍ය ලක්ෂ්මී කුමාරතිලක මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.


    ග්ලෝකෝමාව යනු ඇසේ සිට මොළයට අප දකින දේ සන්නිවේදනය කරන දෘෂ්ඨි ස්නායුවට ඇස තුළ දී ක්‍රමයෙන් සිදු වන හානියයි. ග්ලෝකෝමාව ඕනෑම කෙනකුට ඇති විය හැකි වුව ද වඩාත් අවදානම් කණ්ඩායම වශයෙන් අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ සිටින පුද්ගලයින්ට වැළඳීමේ හැකියාව වැඩි බව මෙහි දී සඳහන් විය. එමෙන්ම, පවුලේ අයෙකුට ග්ලෝකෝමාව ඇත්නම් සෙසු අයට ද එම අවදානම ඇති හෙයින් ඒ සඳහා අක්‍ෂි පරීක්ෂාවක් සිදු කළ යුතු බවත්, දීර්ඝ කාලීනව ස්ටෝරොයිඩ් ඖෂධ භාවිතා කරන අය, දියවැඩියාව ඇති අය මෙන්ම කුඩා කල සිට උපැස් යුවල භාවිතා කරන සහ දුර නොපෙනෙන පුද්ගලයින් සහ ඇසට අනතුරු වී ඇති අයවළුන්ට ද මෙම රෝගී තත්ත්වය ඇති විය හැකි බව වෛද්‍ය ලක්ෂ්මී කුමාරතිලක මහත්මිය එහි දී ප්‍රකාශ කර සිටියාය.


    රෝගය ඇතිවීමට පෙර දැනුවත් වීම වැදගත් වන බව පැවසූ ඒ මහත්මිය දැනට මෙම රෝගය වැළඳී ඇති පුද්ගලයින් සඳහා අවශ්‍ය පූර්ණ වෛද්‍ය පහසුකම් ජාතික අක්‍ෂි රෝහල සතුව පවතින බවත් ඒ සඳහා අවශ්‍ය ඖෂධ ආදිය ද රෝගීන්ට සැපයෙන බවත්, ඒ සඳහා කැප වූ පුහුණුව සහිත විශේෂඥ වෛද්‍යවරුන් සිටින බවත් කියා සිටී ඒ මහත්මිය 2019 වසරේ දී පමණක් 9185 කු සඳහා අක්‍ෂි රෝහලේ සේවය ලබා දී ඇති බවයි.


    මෙම සම්මන්ත්‍රණය සඳහා අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති රන්මිණි සෙනවිරත්න, විෂන් 2020 වැඩසටහනේ ජාතික සම්බන්ධිකාරක විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ, විශේෂඥ වෛද්‍ය ලලිතා ගමගේ යන මහත්මීහු සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya