අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවනතාවයක්- ඩෙංගු රෝග ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරන්න

    දෙසැම්බර් 20, 2019

    දැනට සක්‍රීයව පවතින ඊසාන දිග මෝසම් වර්ෂා තත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරයි.

    මේ වන විට කොළඔ, ගම්පහ, කළුතර, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වේ. පරිසරය තුළ වැසි ජලය රැඳී පැවතිය හැකි ජලය රැඳී පැවතිය හැකි ස්ථාන බහුලව පැවතීමත්, වරින් වර ඇතිවන වර්ෂාව සමඟ මේවායේ මදුරුවන් බෝවීම ඉහල යාමක් මේ සඳහා හේතුවේ.

    මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 90,000 ක් පමණ වර්තා විය. නමුත් පසුගිය නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස පසුගිය සති තුන තුල ‌ඩෙංගු රෝගය වැලදීමේ ප්‍රවනතාවය අඩුවී ඇති බව ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

    එමෙන්ම ඩෙංගු වෛරසය ආවේක්ෂණ පද්ධති හරහා ලබා ගත් දත්ත වලට අනුව මේ වන විට ඩෙංගු වෛරස කාණ්ඩ II සහ III දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇත. පවතින මෙම තත්වය සැලකීමේ දී මහජනතාව පහත සඳහන් ඩෙංගු රෝග ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

    *  දින 2 සිට 7 දක්වා පවතින තද උණ සමඟ,

    • ·හිසරදය
    • ·මස්පිඩු හා සන්ධි වේදනාව
    • ·ඔක්කාරය හා සන්ධි වේදනාව
    • ·සමෙහි රතු පැහැ ලප හට ගැනීම
    • ·රුධිර වහන තත්වයන්

    මෙම රෝග ලක්ෂණ පවතී නම් එය ඩෙංගු උණ විය හැකි බැවින් කඩිනමින් රෝහලකට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබාගත යුතු වේ.

    සැලකිය යුතු ප්‍රධාන කරුණු -

    Ø  උණ සහ වේදනාව සමනය සඳහා “පැරසිටමෝල්” ඖෂධ පමණක් නියමිත මාත්‍රාවෙන්, නිවැරදි කාල පරාසයන් වලදී ලබා ගැනීම.

    Ø  ඩෙංගු උණ යැයි සැකකරන හෝ තහවුරු වු කිසිදු විටක උණ හෝ වේදනාව  සමනය සඳහා පහත සඳහන් ඖෂධ නිර්දේශ නොකිරීම.

    • ·ඇස්ප්‍රින්           (Aspirin)
    • ·බ්රුෆන්           (Brufen)
    • ·ඩයික්ලෝෆිනැක් සෝඩියම් (Diclofenac Sodium)
    • ·මෙෆනමික් ඇසිඩ් (Mefanamic Acid)

    මෙවැනි ප්‍රති අසාත්මික වේදනානාශක ඖෂධ (Non – Steroidal Anti Inflammatory Drugs) හෝ ස්ටිරෝයිඩ (Steroid) ගණයට අයත් ඖෂධ භාවිතයෙන් ඉතා බරපතල සංකූලතා ඇතිවීම හා ජීවිත හානි සිදුවීමේ අවදානම ඉහළ යයි.

    Ø  තවද, ළදරුවන්, ගර්භණී මව්වරුන් සහ නිධන්ගත රෝගවලින් පෙලෙන්නන් උණ තත්වයක් ඇතිවු වහාම, නොපමාව ඒ පිළිබඳ උපදෙස් ලබාගත යුතුය.

    Ø  උණ වැළදී දෙවන දිනයේදී සම්පූර්ණ රුධිර පරීක්ෂනයක් (Full Blood Count) සිදුකර ගැනීමත් අවශ්‍ය වූ විටක වෛද්‍ය උපදෙස් මත දෛනිකව සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් කරගැනීමත් ඩෙංගු රෝගි අවස්ථාවේදි ඉතා වැදගත් වේ .

    Ø  එමෙන්ම ඩෙංගු රෝගය යැයි නිශ්චිතව හදුනාගැනීම සඳහා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂණය (Dengu NS 1 Antigan Test) සිදුකර ගත හැකි  අතර එය උණ වැලඳී පළමු පැය 48 තුල කරගැනීම ප්‍රතිකාර සඳහා වඩාත් පහසු වේ.

    Ø  තවද ඩෙංගු පැතිරීම වැලැක්වීම සදහා මදුරු දෂ්ටනය අවම කිරීමද ඉතා වැදගත් වේ. ඩෙංගු මදුරුවා වඩාත් සක්‍රීය වනුයේ පෙරවරු 6.00 සිට 11.00 දක්වාත්, පස්වරු 3.00 සිට 7.00 දක්වාත් කාලය තුල බැවින් දිවා කාලයේ දිගු ඇදුම් ඇදීමත්, එම කාලය තුල පැගිරි තෙල් (Citronella Oil) වැනි ස්වභාවික මදුරු විකර්ෂකයක් හො පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී අනුමැතිය ලබා ඇති පහත සඳහන් මදුරු විකර්ෂක භාවිතා කලහැක.

     

    • ·N,N-diethyl-m-toluamide 13%                සොෆෙල් ක්‍රීම් (Soffell Spray)
    • ·N,N- diethyl-m-toluamide 13%               සොෆෙල් ඉසින (Sofell Spray)
    • ·Icaridin 20% (w/w)                                                මොසෝ  (Moso)
    • ·Ethyl butylacetylaminipropionate 80g/l           මිනෝ 8 (Mino 8)
    • ·මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීම සඳහා
    • ·අවම වශයෙන් සතියකට වරක්, විනාඩි 30ක් තම වටපිටාව ආශ්‍රිතව මදුරුවන් බෝවිය හැකි හෝ බෝවන ස්ථාන ඇත්දැයිසොයා බලා ඉවත් කිරීමෙන් එසේ කල නොහැකි අවස්ථාවලදී (කොන්ක්‍රීට් තට්ටු ආදි, මදුරුවන් බෝ නොවන ලෙස පවත්වා ගැනීමත්,
    • ·ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික කරුණු හා සෞඛ්‍ය තොරතුරු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් හෝ වැඩි විස්තර සෞඛ්‍ය නිලධාරින්ගෙන් ලබාගැනීමත් සිදුකල යුතුය.

    2019 වර්ෂය අවදානම් සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස ඉලක්ක කර ගනිමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් ජනාධිපති කාර්යය සාධන බලකාය සමඟ එකාබද්ධව ක්‍රියාත්මක කරන ලද විශේෂ වැඩසටහන් වලදී තවදුරටත් පාසල්, ඉදිකිරීම් කටයුතු, කර්මාන්තශාලා සහ ආගමික ස්ථානයන් යනාදිය මදුරුවන් බෝවන ප්‍රධාන ස්ථාන බව සනාථ වී ඇත. මදුරු කීටයන් බහුලව හමු වී එති අයිතමයන් මෙසේය.

    • ·ස්ලැබ්
    • ·ඉවතලන භාණ්ඩ
    • ·භාවිතා නොකරන වැසිකිලි
    • ·ශීතකරණ තැටි
    • ·ටයර්

    ඒ අනුව මේවා පිළිබඳව නිරන්තර සෝදිසි හා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ කරන කීටනාශක යෙදීම හා  බෝවන ස්ථාන ඔවත්කිරීමට කටයුතු නිරතුරුව සිදු කළ යුතු බව අවධාරණය කළ යුතුය. මේ සඳහා ප්‍රජා දායකත්වය ඉතා වැදගත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya