අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ නියමු ව්‍යාපෘතියක්

    ජනවාරි 03, 2020

    ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස වොල්බැකියා බැක්ටීරියාව ඩෙංගු මදුරුවාට ශරීරගත කිරීමේ නව වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා.

    එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස දෙකක් තෝරා ගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යි නියමිත. නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සහ කොළඹ නගර සභාවට අයත් දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ඪ්1 නම් වූ කොට්ඨාසය මීට අයත් වෙනවා.

    මේ වන විට වොල්බැකියා ශරීරගත වූ මදුරුවන් මුදා හරින ලොව අංක එකේ නගරය වන්නේ ඕස්ට්‍රේලියාවේ කේන්ස්ය. වසර අටක් තිස්සේ එම ප්‍රදේශයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වී නොමැත. ඉන්දුනිසියාවේ යෝග්‍යකර්තාහි කළ අත්හදා බැලීමේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කර ඇත්තේ, කලින් අත්හදා බැලීම් නොකළ ප්‍රදේශයකට සාපේක්ෂ ව වොල්බැකියා රැගෙන යන මදුරුවන් මුදා හරින ප්‍රදේශවල 76%ක රෝග ව්‍යාප්තියේ අඩුවක් ඇති බව. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලට අනුව මේ ලෝක මදුරු මර්දන වැඩසටහන රටවල් 12ක මිලියන 4. 4ක ජනතාවක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එය වසර 2023 වන විට ලොව පුරා මිලියන 100ක ජනගහනයක් ඉලක්ක කරගෙන ව්‍යාප්ත කිරීම යි අපේක්ෂාව.

    ශ්‍රී ලංකාවේ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඩෙංගු මදුරු බිත්තර මෙරටින් ඕස්ට්‍රේලියාවට ගෙන ගොස් බැක්ටීරියාව ඇතුළු කිරීමෙන් පසු නැවත එම බිත්තර මෙරටට ගෙනැවිත් මදුරුවන් පරිසරයට මුදා හැරීම ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු ඇති. ඕස්ට්‍රේලියාවේ පවතින තාක්ෂණය මෙරට නොපැවතීම හේතුවෙනු යි මෙසේ බිත්තර එරටට ගෙන යෑම සිදු කරන්නේ. බැක්ටීරියාව ඇතුළු කළ මදුරුවන් සති 12ක 20ක කාලයක් ගතවීමෙන් අනතුරුව යි නිදහස් කරන්නේ. කාලයක් ගත වන විට වොල්බැකියා බැක්ටීරියාව ශරීරගත වූ මදුරුවන්ගේ ගහණය ඉහළ යෑමෙන් ඩෙංගු වෛරසය තිබෙන මදුරුවන් පරිසරය තුළ නැතිව යෑමක් සිදු වෙනවා. ඕස්ට්‍රේලියාව, වියට්නාමය, බ්‍රසීලය, කොළොම්බියාව ඇතුළු රටවල් 12ක මේ ක්‍රමවේදය අනුගමනය කරනවා. මේ ව්‍යාපෘ­ති­යට මූල්‍යා­ධාර සහ රසා­ය­නා­ගාර පහ­සු­කම් මෙරටට හිමිවන්නේ ඕස්ට්‍රේ­ලි­යානු රජ­යෙන්.

    2019 වර්ෂයේ නොවැ­ම්බර් මස අව­සන් වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,000 ක් බව යි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ. එහෙත් මිය ගිය ගණන පුද්ගලයන් 100කට අඩුවීමකු යි පෙන්නුම් කරන්නේ. 2017 වර්ෂයට සාපේ­ක්ෂව ඩෙංගු රෝගීන් ප්‍රමාණයෙන් අඩු සංඛ්‍යා­වක් වුව ද 2018 වර්ෂයට සාපේ­ක්ෂව ඉහළ අගයක් පෙන්නුම් කරනවා. 2017 වර්ෂය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 1,86,101 ලෙස යි සඳහන් වන්නේ. එහෙත් 2018 වර්ෂය වන විට 51,659 දක්වා පහත වැටිණි. මේ වසරේ ඩෙංගු රෝගය නැව­තත් හිස ඔසවා තිබෙනවා.

    ඩෙංගු රෝගය වෛරස් කාණ්ඩ 4කින් පවතිනවා. එක් පුද්ග­ල­ය­කුට 4 වතා­වක් ඩෙංගු වැළ­ඳිය හැකි වන්නේ එබැ­වින්. මේ වන විට මෙරට වාර්තා වන්නේ 3වැනි කාණ්ඩයේ ඩෙංගු වෛර­සය. 2017 වර්ෂ­යේදී 2 වැනි කාණ්ඩයේ ඩෙංගු වෛර­සය මෙරට තුළ ව්‍යාප්ත වුණා. ඊට පෙර ලංකාවේ ව්‍යාප්ත වූයේ 1 වැනි සහ 4 වැනි කාණ්ඩයේ ඩෙංගු වෛර­ස­ය. මේ ඩෙංගු වෛර­සය රැගෙන යන වාහ­ක­යන් වන්නේ ඊඩිස් ඊජි­ප්ටයි සහ ඊඩිස් ඇල්බො­පි­ක්ටස් යන වර්ගයේ මදු­රු­වන්. තවත් මදුරු වර්ග 47ක් සිටින නමුත් එම මදු­රු­වන් ඩෙංගු වෛර­සය රැගෙන යන්නේ නැහැ. ඩෙංගු වෛර­සයේ වාහක මදු­රු­වන් පාල­නය කළ­හොත් ඩෙංගු රෝගය මැඬ පැවැ­ත්විය හැකි බව යි ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

     

    මේ බැක්ටී­රි­යාව ඩෙංගු මදුරු බිත්ත­ර­ව­ලට ඇතුළු කළ පසු වොල්බැ­කියා බැක්ටී­රි­යාව ශරී­ර­ගත වුණු මදු­රු­වන් බිහි වෙනවා. වොල්බැ­කියා ශරී­ර­ගත වූ මදු­රු­වන්ට ඩෙංගු වෛර­සය ව්‍යාප්ත කිරීමට හැකියාවක් පවතින්නේ නැහැ. ඩෙංගු මදුරුවාගේ ආයු කාලය කෙටි වන බවත් පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් වෛර­සය පැති­රෙන්න තිබෙන හැකි­යාව නැති වෙනවා.

    මේ බැක්ටී­රි­යාව ශරී­ර­ගත වූ මදු­රු­වන්ගේ ඩෙංගු වෛර­සය වර්ධ­නය වෙන්නේ නැහැ. ඒ තුළින් ඩෙංගු මර්ද­නය කිරීමට යි ඩෙංගු මර්දන ඒකකය බලා­පො­රොත්තු වන්නේ. ඕස්ට්‍රේ­ලි­යාව 100%කින් ම ඩෙංගු පාල­නය කර තිබෙන්නේ මේ බැක්ටී­රි­යාව මදුරු බිත්ත­ර­ව­ලට ඇතුළු කිරීම තුළින් වොල්බැ­කියා බැක්ටී­රියා සහිත ඩෙංගු මදු­රු­වන් ඇති කිරී­මෙන්. සාමා­න්‍ය­යෙන් මදු­රු­වන්ගේ ආයු කාලය දින 120 - 150ක්. ඩෙංගු වෛරස් වාහක මදු­රු­වන් මාස 4කින් 5කින් මිය ගිය පසු වොල්බැ­කියා බැක්ටී­රියා ශරී­ර­ගත වූ මදු­රු­වන් බිහි වන්නේ. ඒ නිසා අපට අවු­රු­ද්දක් වැනි කෙටි කාල­ය­කින් ඩෙංගු පාල­නය කිරීමට හැකියාවක් පවතින බව යි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

     

    මනෝජා සමරනායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya