අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජනතා අයිතියට

    ඔක්තෝබර් 18, 2019

    යාපනයේ සිට කිලෝමීටර් 16ක් දුරින් පිහිටා තිබෙන පලාලි ගුවන් තොටුපොළ වර්ෂ 1940 වසරේදී දෙවන ලෝක යුද්ධය පැවැති කාල පරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් ඉදිකර ඇත. එය ඉදිකිරීමේ අරමුණ යුධ ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා ය. යුධමය කටයුතු අවසන් වීමත් සමඟ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසීන් මෙය අතහැර දමා ඇත. පසුකාලීනව සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතට පත්ව ඇත. මෙය නැවත සක්‍රීය තත්ත්වයට පත්වූයේ එයාර් සිලෝන් ගුවන් සමාගම පිහිටුවීමත් සමඟ යි. ඒ වර්ෂ 1947දී. රත්මලාන ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් මෙම ගුවන් සමාගමේ වැඩකටයුතු සිදුවිය.

    පලාලි ගුවන් තොටුපළේ මංගල ගුවන් ගමන සිදුවූයේ වර්ෂ 1947 දෙසැම්බර් මාසයේ 10වැනි දිනයි. ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසය විමසන විට පෙනී යන්නේ “සීතා දේවි” ලෙස නම් කර ඇති “ඩැකෝටා ගුවන් යානය” රත්මලානින් ගමන් අරඹා පළාලි ගුවන් තොටුපොළට ගොඩ බැස මගීන් රැගෙන මදුරාසිය බලා ගුවන් ගමන් ඇරඹූ බවයි.

    උතුරේ ත්‍රස්තවාදය ආරම්භ වීම සමඟ වර්ෂ 1976දී මෙම ගුවන් තොටුපොළ ගුවන් හමුදාව යටතට පත්ව ඇති බව ඉතිහාසය විමර්ෂණයේදී පැහැදිලි වෙයි. සිවිල් ගුවන් සේවාව වෙනුවෙන් නව මගී පර්යන්ත ගොඩනැගිල්ලක් 2013 වර්ෂයේදී විවෘත විය.

    වර්තමානය වනවිට නවීකරණය කර ඇති මෙම ගුවන් තොටුපොළ ගුවන් හමුදාව සහ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබයි. ඒමෙන් ම ගුවන් හමුදාවේ ගුවන් යානා, සිවිල් ගුවන් යානා මෙහි මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුකරයි.

    වර්තමානයේ මෙම ගුවන්තොටුපොළ “යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ” ලෙසට නම් කර තිබෙනවා. මෙය මෙරට තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි.  පියවර තුනකින් සංවර්ධනය කෙරෙන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය (ICAO CODE) වන්නේ VCCJ වෙයි. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය (IATA) වන්නේ JAF වෙයි. මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2250කි. එයින් රුපියල් මිලියන 1950ක මුදලක් ශ්‍රී ලංකා රජය වැය කළ අතර රුපියල් මිලියන 300ක ආධාර මුදලක් ඉන්දීය රජයෙන් ලැබුණි.

    ප්‍රධාන වශයෙන් ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා කටයුතු ආරම්භ කර ඇත. ඉන්දියාවේ මුම්බායි, හයිද්‍රාබාද්, කොචින් හා බැංගලෝර් ආදී ගමනාන්ත දක්වා ගුවන් ගමන් ආරම්භ කර ඇත. මෙය මෙරට ශ්‍රී ලංකාවේ තුන්වන ගුවන් තොටුපොළ වන්නේ ඒ අනුවයි.  ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් ලෙසට පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට සංවර්ධනය කර තිබීම විශේෂ වන්නේ මෙමඟින් ක්ෂේත්‍ර කිහිපයක ම සිදුවන ආර්ථික ප්‍රබෝධය හේතුවෙනි.

    එහිදී යුද්ධයෙන් විනාශ වූ උතුරු පළාතේ  ආර්ථිකය නගා සිටුවීමට මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වඩා උපකාර වන හේතු ගණනාවක් පවතියි. ඒහිදී සංචාරක කර්මාන්තය  සංවර්ධනය මඟින් ආර්ථිකය සංවර්ධනය වන බවත් යාපනය දිස්ත්‍රික්කයේ තිබෙන සංචාරක නිකේතන ශක්තිමත් වන බවත් සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වන බවත් පැහැදිලි ය.

    ගුවන් තොටුපොළ සමග ප්‍රාදේශීය සංවර්ධනයක් ද සිදුවෙයි. රැකියා අවස්ථා ද විශාල වශයෙන් ‍උත්පාදනය වෙයි. උතුරේ ජනතාවගේ ඥාතින් විශාල පිරිසක් සිටින්නේ දකුණු ඉන්දියාවේ යි. මෙමඟින් ඉදිරියට උතුරේ ජනතාවට කොළඹ කටුනායකට නොගොස්  යාපනයේ සිට ම දකුණු ඉන්දියාවට ගමන් කිරීමට ද අවස්ථාවක් ලැබෙයි.   

    යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට  පැමිණෙන මුල්ම ගුවන් යානය  ඉන්දියාවේ චෙන්නායි  සිට පැමිණ ඇත. ඒ Alliance ගුවන් යානයකි. මංගල දූත කණ්ඩායම තිස්  දෙනකුගෙන් සමන්විත විය.   යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ වෙයි. 

    jaffnsss

    මනෝජා සමරනායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya