දේශගුණික විපර්යාස හේතුවෙන් දකුණු ආසියාවේ ජනගහණයෙන් මිලියන 800 ක් පුද්ගලයන් අවදානමට ලක්ව ඇති බවට ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි. ඉහළ අවදානම් සහිත රටවල් ලෙස හ`දුනාගැනෙන්නේ ශ‍්‍රී ලංකාව, බංගලාදේශය සහ ඉන්දියාව යි. මේ කලාපයේ වාර්ෂික උෂ්ණත්වය ඉහළ යෑම 1'5oc සහ 3oc අතර ප‍්‍රමාණයක පවතින නමුත් ඒ හාබැ`දුණු කාබන් විමොaචනය වැළැක්වීම ස`දහා කිසිදු පිළියමක් යොදා නොමැතිවීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගතව ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් සෑම දෙදෙනකුගෙන් එක් අයෙකුට බලපා ඇති අතර වැඩිම අවදානමට ලක්වන්නේ බංගලාදේශය යි. ශ‍්‍රී ලංකාවට ද එම`ගින් විශාල බලපෑමක් සිදුවනු ඇත. මේ රටවල් තුන හ`දුනාගෙන තිබෙන්නේ කලාපයේ දේශගුණික විපර්යාස හේතුවෙන් රත්වූ තැන් හෙවත් hotspot ලෙසයි.
දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන වර්ෂාපතන රටා වෙනස්වීම සහ උණුසුම ඉහළයාම කලාපයේ දළ දේශීය ආදායම් පහළ හෙළීමට ද ප‍්‍රබල හේතුවක් වනු ඇත. මේ අනුව වසර 2050 වන විට බංගලාදේශයේ වාර්ෂික දළ දේශීය නිශ්පාදනය 14'4]කින් පහළ යනු ඇතැයි අපේක්ෂිත තත්වයක්. පරිසරයේ කාබනික වායු ඉහළයාම එයට බලපාන වායු ගෝලීම තත්ත්වයක්.
මේ අනුව ඉන්දියාව දළ දේශීය නිශ්පාදනයෙන් 9'8]කින් ද ශ‍්‍රී ලංකාව 10]කින්ද දේශගුණික වෙනස්කම් හේතුවෙන් අහිමිවන බවයි ලෝක බැංකු වාර්තාව හෙළි කරන්නේ. ඉන්දියවේ කෘෂිකර්මාන්තයට ද මෙම`ගින් ප‍්‍රබල බලපෑමක් එල්ල වෙයි. ඉන්දියාවේ ගොවිජනපද වශයෙන් දැනට පවතින ස්ථාන වසර 2050වනවිට මිලියන 600ක ජනතාවකගේ වාසභූමි බවට පත්වීමට නියමිත යි. ඔවුන්ගේ ජීවිතවලට මෙම`ගින් විශාල බලපෑමක් සිදුවන බව ද එම වාර්තාව ස`දහන් කළ කරුණක්. දේශගුණික විපර්යාස හේතුවෙන් ඉන්දියාවේ මධ්‍යම, උතුර සහ වයඹ පළාත් අවදානමකට ලක්වෙනවා. පාකිස්ථානයේ කරච්චි වැනි නගරවල පවතින දැඩි උණුසුම එහි ශ‍්‍රමබලකායේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවට කැපීපෙනෙන බලපෑමක් සිදුකරනවා. එමෙන් ම දැනටමත් ආසියාවේ බටහිර ඇෆ්ගනිස්ථානය සහ ගිනිකොණදිග පකිස්ථානය පත්වනු ඇත්තේ දැඩි අවදානම් තත්ත්වයක. මේ වාර්තාව පෙන්වා දෙන්නේ මේ අවදානම වලක්වා ගැනීමට යුහුසුළුව පරිසරයට සංවේදී ප‍්‍රතිපත්ති හ`දුන්වාදිය යුතු බවයි. නේපාලය වැනි සිසිල් රටවල් වසර 2050 වනවිට දැඩි වෙසක් නොමැතිව ඒ අන්දමින් ම පවතිනු ඇතැයි මේ නවතම දේශගුණික වාර්තාව පෙන්වා දෙයි.
දකුණු ආසියාවේ සාගර බ`ද රටවල ද මේ දේශගුණික විපර්යාසයේ බලපෑම දැනෙනු ඇත්තේ සාගර ජල මට්ටම ඉහළයාම හේතුවෙන්. මාලදිවයින වැනි කුඩා ¥පත් රාජ්‍යයට ද මේ අවදානම ඉහළ යි.
කෙසේ වෙතත් වසර 2050දී අවදානම් තත්ත්වය වලක්වා ගැනීමට තවමත් කාලය තිබෙන බව යි මේ වාර්තාවෙන් දැක්වෙන්නේ. එනම් 2015දී පැරිස් සම්මුතියෙන් එක`ග වූ පරිදි දකුණු ආසියානු කලාපයේ හරිතාගාර වායුවිමෝචනය වලක්වා ගැනීමට සහ වාර්ෂීක උෂ්ණත්ව ඉහළ යාම 2o c දක්වා සීමාකර ගැනීමට සමත් වන්නේ නම් එයින් සිතාගත නොහැකි තරම් හො`ද ප‍්‍රතිඵලයක් අත්වනු ඇති. එසේ සිදුකර ගැනීමට කලාපය සමත් වන්නේ නම් වසර 2050 වන විට දකුණු ආසියාවේ දේශගුණික වෙනස්වීම නිසා අවදානමට ලක්වීමට නියමිතව සිටින මිලියන 800ක ජනගහනය මිලියන 375 දක්වා පහළ බසිනු ඇත.
ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට හේතුව සූර්යා යැයි සිතුවත් එය වැරදි මතයක්. ගෝලීය උණුසුම සම්බන්ධයෙන් සූර්යයා වගකිවයුතු නොවන බව විදඥයන් කළ පර්යේෂණ වලින් අනාවරණය වී අවසන්. මේ ස`දහා වගකිව යුතු වන්නේ මානව වර්ගයා බව පැහැදිලිව ම අනාවරණය වෙනවා. පෘථිවිය මත ජීවය පවතින්නේ සූර්යාගෙන් ලැබෙන ශක්තිය මත. පෘථිවි වායුගෝලය වෙත ල`ගාවෙන කිරණ වාතය සහ වළාකුළු හරහා පෘථිවි පෘෂ්ටය වෙත පැමිණෙන අතර එම තාපය පෘථිවි පෘෂ්ටය අවශෝෂණය කර අධෝරක්ත කිරණ ලෙෂ විමෝචනය කරයි. මේ අධෝරක්ත කිරණ අභ්‍යන්‍කාශය වෙත ගමන් කළ යුතුවුව ද ඇතැම් වායු ම`ගින් මෙය වලකයි. එම වායු හරිතාගාර වායු ලෙස හ`දුන්වන අතර ජල වාෂ්ප ^H20)" කාබන්ඩයොක්සයිඞ් ^CO2), මීතේන් ^CH4) සහ නයිට‍්‍රස්ඔක්සයිඞ් ^NO2) හ`දුනාගත හැකියි. මේ වායු ම`ගින් අධෝරක්ත කිරණ නැවත පෘථිවියට විවිධ දිශාවන් වෙත විමෝචනය වන අතර නැවත නැවත අවශෝචනය කර විමෝචනය කරයි. මේ සංසිද්ධි හරිතාගාර ආචරණය ලෙස හ`දුන්වන අතර මෙය පෘථිටිය උණුසුම් ව පවත්වා ගැනීමට උපකාරී වෙයි.
කාබන්ඩයොක්සයිඞ් ගෝලීය උණුසුම්වීම කෙරෙහි දැඩිවම බලපෑම් කරන වායුවකි. ෆොසිය ඉන්ධන දහනය ම`ගින් එම වායුව දිනපතා වායුගෝලයට එකතු වෙයි. වනාන්තර සහ සාගර මේ CO2 උරා ගැනීම ස්වභාවිකව සිදුකරයි.
ජනගහන වර්ධනය සම`ග විවිධ මිනිස් අවශ්‍යතා ස`දහා හේතුවෙන් නිරන්තර වන විනාශය ස්වභාවික CO2 අවශෝෂණය කර වායුගෝලයෙන් ඉවත් කිරීමේ ක‍්‍රියාවලියට බාධා පමුණුවයි. සාගර ආම්ලිකතාව වැඩිවීමට ද හේතු වෙයි. මේ සා`දහා සෘජුව ම බලපෑම් කරන්නේ මානව ක‍්‍රියාකාරකම්. බයානක ම සාධකය වන්නේ අනෙකුත් වායූන් මෙන් නොව CO2 නොවෙනස් ව වසර ගණනාවක් වායුගෝලයේ පැවතීම.
අධික උෂ්ණත්වය, සාගර ජලය උණුසුම්වීම, ග්ලැසියර් දියවීම, හිම ආවරණ අඩුවීම, මුහුදු මට්ටම ඉහළයාම, අධික වර්ෂාව, නිරන්තර නිය`ග, ලැව්ගිනි, දිගු හෝ උණුසුම් තාප තරංග ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සම`ග බැ`දී පවතින දේශගුණික විපර්යාස. සමකයට ආසන්න රටක්වන ශ‍්‍රී ලංකාව ද ගෝලීය උණුසුම වැඩිවීම හේතුවෙන් ඇතිවන දේශගුණික විපර්යාසවලට ගොදුරක් වෙමින් පවතින්නේ. ලෝක වනසත්ත්ව අරමුදල පවසන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් ලොවපුරා ජෛව විවිධත්වයෙන් පොහොසත් ප‍්‍රදේශ රැසක ශාක සහ සත්ත්ව විශේෂ විශාල ප‍්‍රමාණයක් ව`දවීයෑමේ තර්ජනයට ලක්ව පවතින බවයි. මේ හේතුවෙන් අපට නොදැනීම අනාගත පරපුරට වන්දි ගෙවීමට සිදුවනු ඇත.
මිනිසා විසින් ඇතිකර ගත් පාරිසරික ගැටලූවලට විස`දුම් සෙවිය යුත්තේ මිනිසා විසින්. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම අවම කිරීම වැදගත්. විදුලිය, තාපය සහ ප‍්‍රවාහනය ස`දහා ෆොසීල ඉන්ධන දහනය කිරීම අවම කිරීම ස`දහා බලශක්ති කාර්යක්ෂම උපකරණ භාවිතය, විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතය, ඉන්ධන කාර්යක්ෂම වාහන ධාවනයට යොමුවීම සහ පුනර්ජනනීය බලශක්තීන් වෙත යොමුවීම පිළියම්. ගෝලීය උෂ්ණත්වය අවම කිරීම අප සියලූ දෙනාගේ වගකීමක් වන අතර ඒ ස`දහා තිරසාර ජීවන රටාවකට යොමුවිය යුතුයි.
මනෝජා සමරනායක