අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය වැඩසටහන

    ඔක්තෝබර් 24, 2019

    කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ මුලස්ථානයේ දී 2019 මාර්තු මස 11 දින සිට 15 දින දක්වා පැවැත්වීමට යෙදුනු එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ දී (UNEA - 4) සිව්වන සැසි වාරයේ දී තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ යෝජනාව සාර්ථකව සම්මත වීමෙන් අනතුරුව ගෝලීයව මෙම වැඩසටහන දියත් කිරීම සිදු  විය.

    වාතයේ හි සහ ජාලයේ ගුණාත්මකභාවය, දේශගුණය, භුමිය, ඕසෝන් වියන සජ ජෛව විවධත්වය ආරක්ෂා කරගැනීම උදෙසා තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳව අවධානය යොමුකිරිමේ අවශ්‍යතාවය සාමාජික රටවල් විසින්
    හඳුනාගෙන ඇත. එසේම සුපොෂණ කලාප අඩු වීම ධිවර හා සංචාරක කර්මාන්ත වලට බෙහෙවින් වාසිදායක බලපෑමක් ඇති කරයි. මෙම යෝජනාවලිය මඟින් තිරසාර නයිට්‍රජන් කළමනාකරණය වෙනුවෙන් සාමාජික රටවල් ප්‍රතිපත්ති සම්පාදනය, පවත්නා තොරතුරු සහ දැනුම හුවමාරුව මෙන්ම විවිධ අංශ අතර සහයෝගයෙන් කටයුතු කළ හැකි ප්‍රවේශයන් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පැහැදිළි කෙරේ.


    පෘථිවියේ වෙසෙන ආක්‍රමණශීලි ජිවියා වන්නේ මිනිසායි. මිනිසා විසින් මිහිතලය මත ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගනිමින් සිටින සමයක අපගේ ශරිරයේ නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ආශ්වාස ප්‍රස්වාස කරන වාතය, පානිය ජලය, අහාර, භාවිත කරන පස සහ ගෝලීය උෂ්ණත්වය නියාමනය කරන සාගර ආදිය නිරන්තරයෙන් දුෂණය වෙමින් පවතී. අප ආශ්වාස කරන වාතයේ නයිට්‍රජන් 78% ක් පමණ අඩංගු වේ. එමෙන්ම මිනිසා සහ ශාක ඇතුළු සියලුම ජීවින් තුළ නයිට්‍රජන් ඇත. ගෝලීය වශයෙන් නයිට්‍රජන් භාවිතය අතිශයින්ම අකාර්යක්ෂම වී ඇති අතර මිනිසුන් විසින් භාවිතයට ගනු ලබන ගන්න ක්‍රියාකාරී නයිට්‍රජන් 80 % කින් පමණ වැඩි ප්‍රමාණයක් පරිසරයට අපතේ යයි. එමඟින් ජලය, වාතය, සහ පස දුෂණය සිදුවීමෙන් මිනිසාගේ සෞඛ්‍ය පැවැත්ම සහ පරිසර පද්ධති වල ක්‍රියාකාරිත්වයට තර්ජනයක් වන දේශගුණික විපර්යාසයන්ට දායක වන හරිතාගාර වායු විමෝචනය වැඩිවීම සහ ආන්තික ගෝලාකාර ඕසෝන් වියන ක්ෂය වීමට බලපෑම් ඇති කරනු ලැබේ.


    මෙම ගෝලීය වැඩසටහනේ සමාරම්භයත් සමඟ තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ ගෝලීය සංවාදයක් ඇති කිරීම සඳහා ගෝලීය දේශපාලන නායකත්වය ආකර්ෂණය කර ගනිමින් ප්‍රතිපත්තිමය හඬක් තුලින් නයිට්‍රජන් පිලිබඳ විද්‍යාව වඩාත් පුළුල් කෙරෙනු ඇති බව අපේක්ෂිත කරුණ වේ. ඒ අනුව, තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය ව්‍යාපාරයේ අවසාන ඉලක්කය වන්නේ නයිට්‍රජන් කළමනාකරණය පිලිබඳ පුළුල් ගෝලීය උපාය මාර්ගයක් වර්ධනය කිරීම වේ.

    සටහන- කසුන්මලී ජයසේකර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya