මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මවුකිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 දක්වා

    ජූලි 30, 2019

    තිරසාර දිවියක පදනම වන්නේ මවුකිරිය. මෙය මිනිසෙකුගේ ජීවිතයෙහි සාර්ථකත්වයට සහ නිරෝගීභාවයට කෙතරම් නම් හේතු වනවාද? මාතෘත්වයත් සමගම මවකට විශාල කාර්යය භාරයක් පැවරේ. එමෙන්ම හොදම පෝෂණය වන මවුකිරි ලබාගැනීම සදහා දරුවාටද අයිතිවාසිකමක් ඇත.


    2019 වසරේ අගෝස්තු 01 සිට 07 දක්වා ඇරඹෙන මවුකිරි දීමේ සතියෙහි මෙවර තේමාව වන්නේ බලගන්වමු දෙමව්පියන් ඔබත් මමත් - මවුකිරි දීමට සහයට අදත් හෙටත් යන්නයි. රැකියාවට යන මවුවරුන්ගේ මවුකිරි දීමට ඇති අයිතිය තහවුරු කරමු - ඒ සදහා දෙමව්පියන් බලකරණය කරමු යන පාඨය පාදක කරගනිමින් මාධ්‍ය සම්මන්ත්‍රණයක් සහ ප්‍රවෘත්ති සාකච්ඡාවක්  ජූලි 29 සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඒ සදහා විශේෂඥ වෛද්‍යවරු රැසක් සහ මාධ්‍යවේදීන් රැසක් ද සහභාගී විය.

    සාර්ථකව මවුකිරි දීම යනු සාමූහික ප්‍රයත්නයකි. එහි ප්‍රධාන භූමිකාව මව සතු වුවත් මවුකිරි දීම ඇරඹීමේදී හා පවත්වා ගැනීමේදී පියා, පවුලේ සාමාජිකයින්, සේවා ස්ථාන සහ ප්‍රජාවද සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරයි. ප්‍රශස්ත ලෙස මවුකිරි දීම සදහා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ අපක්ෂපාතී තොරතුරු ලබාදීම හා මවුවරුන්ට සහාය වීම සදහා මිත්‍රශීලීදාමයක් ඇතිකිරීම මගින් මවුවරුන් බලගැන්විය හැකි වාතාවරණයක් සකස් කිරීම ඉතා වැදගත් වේ. එමනිසා මවුකිරි දීමේ නිවැරදි පුරුදු ඇතිකර ගැනීමට එනම් මුල් මාස 6 තුළදී මවුකිරි පමණක් ලබාදීමටත් ඉන් අනතුරුව නිර්දේශිත පරිදි අමතර ආහාර ලබාදෙන අතර වසර දෙකක් හා ඉන් පසුවටත් මවුකිරි දීම පවත්වා ගැනීමට මවට සහ පවුලේ අයට ලැබෙන තොරතුරු සහ සහාය තීරණාත්මක වැදගත්කමක් උසුලයි.

    මවුකිරි දීම මගින් බිළිදාට මෙන්ම මවටද වාසි රැසක් අත්පත් වේ. උසස්ම පෝෂණයක් ලැබීම, බුද්ධි ඵලය වැඩි වීම, රෝග ආසාදන අඩුවීම හා පසුකාලීනව බෝ නොවන රෝග ඇතිවීමේ හැකියාව අඩුවීම බිළිදාට අත් වන වාසි වන අතර මවට, පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, ගර්භාෂ පිළිකා ආදිය සෑදීමේ අවදානම අඩුවීමත්, රක්තහීනතාවයෙන් වැළකීමත්, ව්‍යායාම සහ ආහාර පාලනයෙන් තොරව වුවද හැඩැති සිරුරක් පවත්වාගැනීමට උපකාරී වීමත් දැක්විය හැකිය.

    2019 ජාතික මවුකිරි දීමේ සතියෙහි අරමුණු කිහිපයක් පහත පරිදි අවදාරණය කරයි.
     සේවා ස්ථානයේදී මවුකිරි දීමට ලැබෙන සහාය වැඩිදියුණු කිරීම මගින් මවුකිරි දීමේ ප්‍රවණතාවය වැඩිවීම නිසා සැලසෙන යහපත පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීම.

     මවුකිරි දීමට සහාය දැක්වීම සදහා පවුල, ප්‍රජාව සහ සේවා ස්ථාන මට්ටමින් මවුපියන් සදහා ඇති මිත්‍රශීලී නීති රීති, ප්‍රතිපත්තීන් සහ සම්මතයන් සුරක්ෂිත කිරීම සහ බලාත්මක කිරීම.
     මවුකිරි දීමට සහාය දැක්වීමට හා එය ප්‍රවර්ධනය කිරීමට ඒක පුද්ගල මට්ටමින් හා ආයතන මට්ටමින් සංවිධානය වීම.
     මවුකිරි දීම ප්‍රවර්ධනය සදහා දෙමාපියන් බලගැන්වීමට ක්‍රියාකාරී වීම සදහා උනන්දු කිරීම. මෙම වසරේ මවුකිරි දීමේ සතිය සදහා ප්‍රධාන තේමාව වන රැකියාවට යන මවගේ මවුකිරි දීමේ අයිතිය පිළිබදව සහ ඒ යටතේ පුද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු මවුවරුන්ගේ හිමිකම පිළිබද නෛතික වරප්‍රසාද පිළිබදව කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් රූපිකා රණවක මහත්මිය විසින් කරුණු පැහැදිලි කරදෙන ලදී.

    මේ අනූව කර්මාන්ත අංශයේ සේවිකාවන්ට අදාල වන 1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනතේ අරමුණු වන්නේ දරු ප්‍රසූතියක් සදහා සේවිකාවනට නිවාඩු ලබාදීමත්, ප්‍රසූත නිවාඩු කාලයට මුදල් ප්‍රතිලාභ ලබාදීමත්, දරුවාට මවුකිරි දීම සදහා විවේක කාල ලබා දීමත්, මවගේ සහ දරුවාගේ ආරක්ෂාව සදහා නෛතික ප්‍රතිපාදන සැලසීමත්ය. සජීවී දරු උපතක් සදහා ප්‍රසූත නිවාඩු ලබාදීමේදී ඕනෑම සජීවී දරු ඣපතක් සදහා සති 12ක ප්‍රසූත නිවාඩුවක් ලැබේ. එයින් සති 02ක් ප්‍රසූතියට පෙර ලබාගත හැකි අතර සති 10ක් ප්‍රසූතියට පසු ලබාදිය යුතු වේ. ප්‍රසූතියට පෙර ලබා නොගන්නා නිවාඩු ප්‍රසූතියට පසු සති 10 අවසන් වන දිනයේ සිට ලබාදිය යුතු වේ. එමෙන්ම සති 12 ක කාලය ලබාදිය යුතු වන්නේ අනෙකුත් හිමි නිවාඩු දිනයන්ට අමතරවය.

    දරුවාට මවුකිරි දීම සදහා විවේක ලබාදීමේදී දරුවාට වයස අවුරුද්දක් වන තුරු ලබාදිය යුතුය අතර දිනකට පැයකට නොඅඩු විවේක කාල දෙකක් ලබාදිය යුතුය. මවුකිරි දීම සදහා දාරකාගාරයක් හෝ සුදුසු ස්ථානයක් පවතින විට පැය භාගයකට නොඅඩු විවේක කාල 02ක් ලබාදිය යුතුය. එමෙන්ම විවේක කාලය ලබාගන්නා වේලාව සේවිකාවට පහසු වන ආකාරයට ලබාගැනීමට ඉඩ හැරිය යුතුය.

    1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක (සේවය හා වේතන විදිමත් කිරීමේ) පනතේ (18 වන වගන්තිය) යටතේ ප්‍රසූත නිවාඩු හිමිකමට අනූව, ඕනෑම සජීවී දරු උපතක් සදහා වැඩකරන දින 84ක ප්‍රසූත නිවාඩු හිමිවන අතර එයින් උපරිම දින 14ක් ප්‍රසූතියට පෙර හා දින 70ක් ප්‍රසූතියට පසු ගත හැකිය. ප්‍රසූතියට පෙර ලබාගන්නා නිවාඩු දින ගණන ප්‍රසූතියට පසු දින 70 අවසන් වන දිනයේ සිට ලබාදිය යුතුය.

    රාජ්‍ය පරිපාලන චක්‍රලේක අංක 04/2005 අනූව සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු සෑම සජීවී දරු උපතකටම රජයේ වැඩකරන දින 84කි. දරු ප්‍රසූතිය සිදුවී සති 04ක් යාමට පෙර සේවයට වාර්තා කිරීමට ඉඩ නොදෙන අතර අවුරුද්දේ ඉතිරිව තිබෙන නිවාඩු වලින් අඩු නොකළ යුතුය. දරුවා උපතේදී හෝ ඉපදී සති 06ක් යාමට පෙර මරණයට පත් වුවහොත් සති 06ක නිවාඩුවක් හිමිවේ. රාජ්‍ය සේවයෙහි නියුතු මවුවරුන් හට දරුවා රැකබලා ගැනීමට අඩ වැටුප් සහිත දින 84ක්ද, වැටුප් රහිත දින 84ක්ද හිමිවේ. සති අන්ත සහ රජයේ නිවාඩු ඇතුළත් වන අතර දරුවා මියගිය හොත් මියගොස් දින 07කට පසු නිවාඩු අවලංගු වේ. වැටුප් වර්ධක, උසස්වීම් හා විශ්‍රාම වැටුප් කෙරෙහි බලපෑම් ඇති නොකරයි. මව අඩ වැටුප් සහිත නිවාඩු ලබා නොගන්නේ නම්, මවුකිරි දීමේ විවේකයට
    අනූව දරුවාට මාස 06ක් සම්පූර්ණ වන තෙක් පැයකට කලින් සේවා ස්ථානයෙන් බැහැර වීමට අවසර දිය යුතුය. ගර්භණී අවස්ථාවේදී ගර්භණී අවස්ථාවට මාස 05ක් සම්පූර්ණ වූ විට සේවා ස්ථානයට පැය භාගයක් ප්‍රමාද වී පැමිණීමට හෝ සේවා ස්ථානයෙන් පැය භාගයක් කලින් පිටව යාමට ව ශේෂ සහනයක් හිමිවේ. මවුකිරි දීමේ වැදගත්කම හදුනාගනිමින් නිරෝගිමත් දැයක් බිහිකර ගැනීමට උරදෙමු.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya