අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහමග සිදුවන රිය ගැටුම් හා මරණ මුළු ලොව පුරා පවතින මහජන සෞඛ්‍ය අර්බුදයක්

    දෙසැම්බර් 07, 2018

    මහමග සිදුවන රිය ගැටුම් හා මරණ මුළු ලොව පුරා මහජන සෞඛ්‍ය අර්බුදයක් ලෙස උච්චතම ස්ථානයට පැමිණ තිබේ.

    මේ අතර මාර්ග අනතුරුවලට විශාල ලෙස මුහුණ දෙන්නේ යතුරුපැදිකරුවන් හා ත්‍රීරෝද රථ රියදුරන්ය. එය සමස්ත අනතුරුවලින් 56%ක් බව වෛද්‍ය අචල ජයතිලක මහතා කොළඹ විද්‍යා සංගමයේ  පැවැති මාර්ගාරක්ෂාව පිළිබද වාර්තාකරණය සදහා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ 2017 වර්ෂයේ සිදු වූ සමස්ත රිය අනතුරු ප්‍රමාණය 37 595කි. මේ යටතේ මාර්ග අනතුරු 3147ක්ද, ජීවිත හානි 2962 ක්ද සිදු විය. මෙවැනි වර්ධන වේගයකින් මාර්ග අනතුරු සිදු වුවහොත් 2030වන විට මාර්ග අනතුරු මිලියන 1.9ක් වර්ධනය විය හැකිය. මෙම බරපතල ගැටලුව 2030වන විට හරි අඩක් අඩුකර ගැනීමට ක්‍රියාකරන බව ඒ මහතා තව දුරටත් පැවසීය. මේ සදහා පදිකයන්ගේ මෙන්ම රියදුරන්ගේ වගකීම ඉතා වැදගත්ය.

    රිය අනතුරු වළක්වා ගැනීම සදහා ශ්‍රී ලංකා පොලීසිය රිය පදවන්නන් පරීක්ෂා කිරීමේ උපකරණ බෙදා දීමත් නැවත සිදුකර තිබේ. තවද,  ශ්‍රී ලංකා පොලීසිය, මොරටුව විශ්ව විද්‍යාලය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක් වී නුගේගොඩ,ගල්කිස්ස, ගම්පහ, කැළණිය ආදී පොලිස් වසම්වල පොලිස් නිළදාරීන් පුහුණුකර මාර්ගවල දත්ත රැස් කිරිමේ නව තොරතුරු පද්ධතියක් හදුන්වා දීමටද නියමිතයි. බොහෝමයක් මාර්ග අනතුරු වළක්වා ගැනීමට හැකි වන්නේ මාර්ග නීති නිසියාකාරව භාවිත කිරීමෙන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා මෙහිදී පැවසීය.

    සමහර අවස්ථාවලදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිදුවන වාහන තදබදයට ද හේතුව වන්නේ නීති ගරුක බව අඩු වීම බව ඔහු පැවසීය. රියදුරන් තම පෞද්ගලික අවශ්‍යතා මත අනන්‍යන් ගැන නොසිතා තම රථය හසුරවයි. පදිකයන්ද පදික වේදිකාවේ ගමන් නොකර  නීති විරහිතව ක්‍රියා කිරීම නිසා බැරෑරුම් අනතුරුවලට ලක්වන අවස්ථා තිබෙන බව ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක ප්‍රකාශ කර සිටියේ දළ වශයෙන් දිනකට අට දෙනෙක් පමණ මරණයට පත්වන බවයි. මීට අමතර ව සුළු හෝ බරපතල තුවාල දහස් ගණනක් සිදු වේ. මෙම තත්ත්වය බරපතල සමාජීය ගැටලු විශාල ප්‍රමාණයකට මග පාදයි. මෙලෙස සිදුවන රිය අනතුරු නිසා අනතුරුවලට ලක් වන්නා පමණක් නොව පවුලේ සියලු දෙනාටම අති විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදු වෙයි. එම නිසා මෙය මානව ඛේදවාචකයකි. එයට හේතුව වන්නේ රිය අනතුරු සෞඛ්‍ය ගැටලුවක් මෙන්ම සමාජ ගැටලුවක් බවට පත් වී තිබීමයි.

    මේ අතර මාර්ගාරක්ෂාව පිළිපබද නීතිමය පැතිකඩ ද ඉතාම වැදගත්ය. මේ සම්බන්ධව රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය ක්ලිෆර්ඩ් පෙරේරා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මාර්ග ආරක්ෂාව පිළිබද ප්‍රමුඛතම නීතිය ඇතුළත් වන්නේ 1951 අංක 14 දරණ මෝටර් රථ ප්‍රවාහන පනත බවයි. අපරාධ නඩු විභාග සම්බන්ධ නීති රීතිවලට අනුව රථවාහන අනතුරු නිසා මිය යන පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ සදහා යොමු කිරීමද වැදගත් කරුණකි. රිය අනතුරු නිසා මිය යන පුද්ගලයාට ද මානව අයිතිවාසිකම් තිබෙන අතර එවැනි වැරදි සදහා ඉතාම අඩු වශයෙන් දඩුවම් කිරීම නිසා නීතිය නිසියාකාර ව ක්‍රියත්මක නොවීම දුර්වලතාවන් බව ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

    මාර්ගාරක්ෂාව ප්‍රවර්ධනය සදහා සමාජ ජාලා භාවිත කිරීමේදී මාර්ග නීති හා එහි වගකීම් සහගත ක්‍රියා පිළිවෙත පිළිබද ව දැනුවත් භාවය ලබා ගැනීමට හැකි වේ. මාර්ග තත්ත්වයන් පිළිබද නවතම තොරතුරු එසැනින් බෙදා හැරීමටත්, නීති විරෝධී අශීලාචාර මාර්ග භාවිතය පිළිබදවද තොරතුරු හුවා දැක්වීමට සමාජ ජාලා මගින් ඉටුවන මෙහෙය වැදගත් බව නිදහස් මාධ්‍යවේදී නාලක ගුණවර්ධන පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya