අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය පාලම් 250 ඉදිකිරීම සඳහා නෙදර්ලන්තයෙන් යූරෝ මිලියන 52.1 මූල්‍ය සහායක්

    නොවැම්බර් 27, 2018

    දිවයින පුරා වානේ පාලම් 250 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1 ක මූල්‍ය සහාය ලබාදීමට නෙදර්ලන්තයේ රබෝබැංකුව එකඟවි ඇත.

    මේ සඳහා අදාළ ණය ගිවිසුම ට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා 2018 නොවැම්බර්මස 26 වන දින ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තැබීය.

    දුරස්ථ ගම්මානයන්ට ද ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම අරමුණු කොට රටතුල මාර්ග සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා රජය ඉහළ ප්‍රමුඛතාවයක් ලබාදී තිබේ.

    ඒ අනුව රජය විසින් පාලම් 4000 ක් ග්‍රාමීය ප්‍රදේශවල ඉදිකිරිමට සැලසුම් කර තිබෙන අතර එමඟින් පසුගාමී ගම්මාන විශාල ප්‍රමාණයකට ප්‍රවාහන පහසුකම් ලබාදිම තුලින් වෙළඳපොල, අධ්‍යාපන හා සෞඛ‍ය පහසුකම් උදෙසා ග්‍රාමීය ජනතාවට ඇති ප්‍රවේශයන් ඉහල නැංවීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya