අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමට තිබෙන හැකියාව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ධාරිතාවයක් තිබෙනවා - ජාතික ආර්ථික සභාවේ මහ ලේකම්

    නොවැම්බර් 22, 2018

    ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශ ණයවලින් ඇමෙරිකනු ඩොලර් බිලියන 1.5ක මුදලක් 2019 වර්ෂය තුළ ගෙවීමට තිබෙන අතර ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමට තිබෙන හැකියාව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ධාරිතාවයක් තිබෙන බව ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්  ලේකම්වරයා මෙසේ පැවසීය.

    ලබන ජනවාරියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක් ද අප්‍රේල් මාසයේ දී ඇ.ඩො.මිලියන 500ක් ද ණය වාරික  වශයෙන් ගෙවිය යුතුව තිබෙනවා. ඒ සඳහා මහබැංකුව සතු විදේශ විනිමය සංචිත සහ හම්බන්තොට වරාය බදු  දීමෙන් ලැබුණු මුදල්වලින් ඩොලර් මිලියන 650ක් ද තිබෙනවා යැයි ඒ මහතා පැවසීය.

    මේ හැර ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා නිකුත් කෙරෙන ශ්‍රී ලංකා සංවර්ධන බදුම්කර මඟින් ඇ.ඩො.බිලියනයක් ද ලබාගැනීමට රජය අපේක්ෂා කරනවා.එයට අමතරව චයිනා  ඩිවොලොප්මන්ට් ආයතනයෙන් ඇ.ඩො.මිලියන 500ක ණය මුදලක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බවද  මහාචාර්ය සමරකෝන් මහතා සඳහන් කළේ ය.

    රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, මූල්‍ය විනය අනුව රජය විසින් පවත්වාගෙන යන අතර ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය, ආපසු ගෙවීම සඳහා රජය වගකීමෙන් යුක්තව සියයට සියයක් ම බැදී සිටිනවා. ශ්‍රී ලංකා රජය සතු ණය පියවීමේ හැකියාව අවශ්‍ය ප්‍රමණයටත් වඩා වැඩියෙන් තිබෙන බවද මහාචාර්ය සමරකෝන් මහතා කීය.

    වීඩියෝව නැරඹීමට පිවිසෙන්න-  https://www.youtube.com/watch?v=tAWlUP3NALk&feature=youtu.be

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya