මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන පිළිබඳ පැහැදිළි කිරීමක්

    නොවැම්බර් 10, 2018

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාණුකූල තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි  කිරීමක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදස රාජපක්ෂ මහතා විසින් සිදු කළේ ය.

    අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මෙම පැහැදිළි කිරීම සිදු කළේ ය.

    මාධ්‍ය හමුවේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    මේ පිළිබඳව බොහෝ අංශවලින් සැකයක් මතු කරනවා,ජනාධිපතිවරයා බලයක් නොමැතිව මෙම නියෝගය නිකුත් කළා ද කියලා. එම සැකය මතු කරන්න පාදක කරගෙන තිබෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය සම්මත කර ගනිද්දී,ඊට ඇතුළත් කළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථව.

     

    70 වැනි ව්‍යවස්ථාවේ පළමු අනු ව්‍යවස්ථාවෙන් කියනවා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3 කට නොවැඩි මන්ත්‍රී  සංඛ්‍යාවක් නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරලා, ජනාධිපතිවරයට  ඉල්ලීමක් කළොත් පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා, පළමු අවුරුදු හතර හමාර ඇතුළත, එම ඉල්ලීම මත  ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බලයක් තියෙනවා කියලා.

     

    ඊට අමතරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට බලයක් නැත කියන තර්කය තමයි සමහර අය දැන්  ඉදිරිපත් කර තිබෙන්නේ. ඒකට පදනම් කරගෙන තිබෙන්නේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ 3 වැනි  අනුව්‍යවස්ථාවයි. මේ ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ප්‍රකාශයක් මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට  කියන කාරණය.

     

    මේ ව්‍යවස්ථාවේ විධිවිධාන සඳහා අර්ථ නිරූපණයක් ඉදිරිපත් කරනවා, 70(1) ව්‍යවස්ථාවේ තියෙන අවුරුදු හතර  හමාරක් ඇතුළත විසුරුවනවා නම් පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත කළ යෝජනාවක් වුවමනයි කියන කාරණය.


    මේ ව්‍යවස්ථාව කියන්නේ 70(1) විතරක් නොවෙයි. 70(5) කියලා අනු ව්‍යවස්ථාවක් තිබෙනවා. 62(2) විධිවිධාන  ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තේරීම සඳහා  ප්‍රකාශනයක් මඟින් නොපමාව දිනයක් හෝ දින නියම කොට අභිනව පාර්ලිමේන්තුව ඒ ප්‍රකාශනයේ දින සිට  තුන්මාසයකට පසු දිනයක් නොවන දිනයක රැස්වන ලෙස කැඳවිය යුත්තේ ය.

    ජනාධිපතිවරයාට 70 ව්‍යවස්ථාවේ 5 අනු ව්‍යවස්ථාව යටතේ තිබෙනවා,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 ව්‍යවස්ථාවේ  2වැනි අනු ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය. 70 වගන්තියේ පාර්ලිමේන්තුව විසුරුවන  ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි, මුල් අවුරුදු හතර හමාර ඇතුළත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින්  යෝජනාවක් සම්මත කර, කරනු ලබන ඉල්ලීමක් මත ජනාධිපතිවරයා බලතල ක්‍රියාත්මක කිරීම. එය  ජනාධිපතිවරයාගේ අභිමතය අනුව වන දෙයක් නොවෙයි.එතැනදී ව්‍යවස්ථාදායකයට ලබාදී තිබෙනවා සීමිත  අභිමතයක්.ජනාධිපතිවරයාට තිබෙන බලතල යටතේ විසිරීම තමයි 70 (5) වගන්තියේ කියන්නේ,ඒක සඳහන්  කරන්නේ 62 වගන්තියට,62(2) සෑම පාර්ලිමේන්තුවක් ම පලමුවරට රැස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට  නොවැඩි කාලයක් පාර්ලිමේන්තුව පවත්නේ ය. එහෙත් නියමිත කාලසීමාවට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය  හැක්කේ,එකී පස් අවුරුදු කාලය ඉකුත් වී ගිය විට පාර්ලිමේන්තුව විසිර ගියා සේ සැලකේ.දෙවැනි වාක්‍ය, ''එහෙත් නියමිත  කාලසීමාව ඉකුත්වීමට පෙර පාරලිමේන්තුව විසිරුවා හැරිය හැක්කේ ය'' එය තමයි 70(5) වගන්තියෙන්  කියන්නේ,ඒ යටතේ ජනාධිපතිවරයාට විසුරුවාහැරීමේ බලයක් තියෙනවා.

     

    19 වැනි සංශෝධනයෙන් අපි 33 වැනි ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කළා, 33(2) කියලා. ඒක මුල්  ව්‍යවස්ථාවේ නැති එකක්. එක් පැත්තකින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන විට රටේ ස්ථාවරභාවය  පවත්වාගෙන යෑම ජනාධිපතිවරයාගේ මුඛ්‍ය වගකීම නිසා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරලා තිබෙන මුක්‍ය  වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම නිසා ජනාධිපතිවරයාට අවශ්‍ය අනෙකුත් වලතල,19 වැනි  සංශෝධනයෙන් එකතු කළා.

     

    ඒ එකතු කළ එක 33 ව්‍යවස්ථාවේ 2 අනු ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින්  හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතල හෝ කර්තව්‍යයන්ට ''අමතරව''  ජනාධිපතිවරයාට ( ඇ )අනු ව්‍යවස්ථාව , ( අනුවගන්තිය) පාර්ලිමේන්තුව කැඳවීමට,වාර අවසන් කිරීමට සහ  විසුරුවා හැරීමට බලය ඇත්තේ ය.

     

    19 වැනි සංශෝධනය එන්න කලින් පලමු වරට රාජාසන කතාව පාර්ලිමේන්තුවේ පරාජය වුණාට පාර්ලිමේන්තුව  විසුරුවන්න බෑ.පලමුවරට අයවැය ලේඛනය පරාජය වුණාට පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. එය කලින් තිබූ  ප්‍රතිපාදනය. අපි එය ඉවත් කළා. අයවැය හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වූ විට දැන් තිබෙනවා බලය දීලා  ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කළ එකම වෙනස තමයි සංශෝධනය  මඟින් පාර්ලිමේන්තුව කැදවීම ,පාර්ලිමේන්තුව විසුරුවා හැරීම,වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය තුළත් තනිකර විධායකයේ  තීන්දුවක්.

     

    අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැහැදිළිව විධායකයේ බලයයි. පාර්ලිමේන්තුව විසුරුවන එක ආවට ගියාට  ජනාධිපතිවරයෙක් කරන්නේ නෑ. යම් කිසි පැහැදිලි හේතුවක් තියෙන්න ඕන. පාර්ලිමේන්තුවයි විධායකයයි අතර  ගැටුමක් තිබෙනවා නම්,පාර්ලිමේන්තුවයි විධායකයයි ඉදිරියට වැඩ කරන්න බැරි තත්ත්වයක් තිබෙනවා  නම්,රටේ රාජ්‍ය නායකයාට මෙම බලතල හිමි වී තිබෙනවා. විධායකය කියා කියන්නේ,ප්‍රධනිය ජනාධිපතිතුමා,ඒ  විධායක බලතල ක්‍රියාත්මක කරන්න ඇමැති මණ්ඩලයක් ඕන වෙනවා.ඒ ඇමති මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ ම  කොටසක්.ඒ දෙගොල්ල එකතු වෙලා රටේ පාලනය ගෙන යන්න බැරි නම්,ඒ අවස්ථාවල දී හැකියාව තිබෙනවා,  ජනාධිපතිවරයාගේ නෛසර්ගික බලය ක්‍රියාත්මක කරන්න.''යැයි අමාත්‍යවරයා පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya