විසර්ජන පනත් කෙටුම්පත විවාදය අද (07) විසි විසි දෙවැනි දිනයටත් ආරම්භ වුණා. විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද පැවැත්වුණා. කඳුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ යටතේ විශේෂ කාරක සභාවට යොමු කළ වැයශීර්ෂ විවාදට ගත්තා. කතානායක කරූ ජයසූරිය මහතා මූලාසනයට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.
සූරීයවැව අඩි සියය මාර්ගය-පසුගිය රජය අත්පත් කරගත් ඉඩම් වෙනුවෙන් වන්දි මුදල් ගෙවනවා-දැනටමත්
මිලියන 400ක් ගෙවා අවසන්
පසුගිය රජය කිසිදු තක්සේරුවක් නොකර බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති බවත් ඒ වෙනුවෙන් සතයක්වත් වන්දි ගේවා නොමැති බවත් මිලියන 1992ක් වන්දි ගෙවීමට තිබෙන බවත් මිරිජ්ජවිල සූරියවැව අඩි සියය මාර්ගය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.
මිරිජ්ජවිල සූරියවැව මාර්ගය පුළුල් කිරීම හේතුවෙන් ජනතවගේ ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බවද අමත්‍යවරයා සඳහන් කළේ ය.
මේ වනවිට ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම ආරම්භ කර ඇති බව ද කී අමාත්‍යවරයා, ඉඩම් කැබලි 281ක් සඳහා මිලියන 370.2ක වන්දි මුදලක් ගෙවා නිමකර ඇති බවද තවත් ඉඩම් කැබලි 128ක් සඳහා මිලියන 101.1ක වව්චර්පත් ඉදිරිපත් කර තිබෙනවා.ප්‍රතිපාදන මුදල් මේ සඳහා ලැබුණු වහාම වන්දි ගෙවීම් කටයුතු ආරම්භ කරන බවද අමාත්‍යවරයා
සඳහන් කළේ ය.
මෙම මාර්ගයට මංතීරු 4ක් ප්‍රමානවත් එහෙත් මංතීරු 06ක් සඳහා ඉඩම් බලහත්කාරයෙන් පවරා ගෙන තිබෙනවා. වන්දි ගෙවා නෑ.ඒ බර උහුලන්න වී තිබෙන්නේ අපටයි.දැනටමත් මිලියන 400ක් වන්දි ගෙවා තිබෙනවා. පසුගිය රජය කාලේ, ඉඩම් පවර ගත් ආකාරය මැනවින් පැහැදිලි වෙනවා යැයි ද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.
වැයශීර්ෂ විවාදය ආරම්භ වෙයි...
පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා-
2017 සැප්තැම්බර් 30 වනවිට වියදම් නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය කර තිබෙන්නේ මිලියන 6000ක් පමණයි. සියයට 44% වෙන් කළ මුදලින් වියදම් කර නෑ. මුදල් වෙන් කර තිබෙන්නේ ජනතාවගේ දැවෙන ගැටළුවලටයි. සුබසාධන මධ්‍යස්ථාන 39ක අවතැන් පුද්ගලයන් 3000ක් සිටිනවා.යුද්ධයේ වැන්දඹුවන් ගැන කතා කරනවා. 90000ක් ඉන්නවා. සමහර අය විවාහ වෙන්න ලැස්ති අය ඉන්නවා. නැවත පවුලක් ඇති කරගැනීමට අවශ්‍ය සහන ලබා දෙන්න. යම් කිසි ශක්තියක් දෙන්න. එල්ටීටී ඊ කොඩිය අරගෙන මේ රටේ සංහිදියාව හදන්න බෑ. ජාතිවාදය වැරදි. ජාතිවාදයෙන් රටේ සංහිදියාව හදන්න බෑ.
වව්නියා විද්‍යාපීඨයේ දෙමළ හා සිංහල ගුරුවරු පුහුණු කරන පීඨ වස දමා තිබෙනවා. විද්‍යාපීඨවල ඉඩ තිබෙනවා. වව්නියා විද්‍යාපීඨයේ මෙම පීඨ යළි ආරම්භ කරන්න. වව්නියාවේ යාපනය මණ්ඩපය වන්නි විශ්වවිද්‍යාලය ලෙස නම් කරන්න.
සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- වව්නියා මණ්ඩපය වෙනම විශ්වවිද්‍යාලයක් කරනවා.
අතුරු මාර්ග,රෝහල්,පුන්‍යාතන,නිවාස ප්‍රතිසංස්කරණය කළා ...
2017 වසරේ තම අමාත්‍යාංශය වෙහෙස වී සේවයක් සිදු කර තිබෙන බවත් වැරැදි සංඛ්‍යාලේඛන ලබදෙමින් රටට වැරැදි තොරතුරු ලබා නොදෙන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.
බිමල් රත්නායක මහතා ලබාදුන් සංඛ්‍යා ලේඛන බොරු. 7000ක් වැසිකිළි හැදුවා. 2253 නිවාස ප්‍රතිසංස්කරණය කළා. අභ්‍යන්තර මාර්ග හැදුවා. රෝහල් 29ක් ප්‍රතිසංස්කාරණය කළා. පවුල්වලට ලක්ෂය බැගින් ආධාර ලබාදුන්නා. උතුරු නැඟෙනහිර දරිද්‍රතාවය අඩු වී තිබෙනවා. අතුරු මාර්ග 53ක් සකස් කළා. 7315ක් පවුල්වලට ජීවනෝපාය මාර්ග සඳහා උපකරණ ලබාදුන්නා. වී මෝල් හතරක්, වාරිමාර්ග ක්‍රම ප්‍රතිසංස්කරණය කළා. මිලියන 08ක් කිළිනොච්චි වෙළඳපොළට ලබාදුන්නා. ආබාධිත පුද්ගලයන්ට කෘත්‍රීම පාද ලබාදී තිබෙනවා.
2017වසරේ අමාත්‍යාංශය මහන්සි වී වැඩ කළා. කෝවීල් නවීකරණය කළා. පුන්‍යාතන 514ක් ප්‍රතිසංස්කරණය කළා. මේ ගැන වැරැදි තොරතුරු රටට දෙන්න එපා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා- මාතර දෙණියාය ප්‍රදේශවල ජනතාව, ලයින් නිවාස නරක තත්ත්වයක තිබෙන්නේ. පිරිසිදු පානීය ජලය අධ්‍යාපනය ලබාදීම අවශ්‍යයි.වැවිලි සම්පත් භාරය සුදු අලියෙක් කරන්න එපා. ගාල්ල මාතර ප්‍රදේශවල ජනතාවගේ වැදුම් පිදුම් කරන හින්දු ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කරන්න. රැදවියන්ගේ සුබසාධනය ආරම්භ කරන්න. රැදවියන් වෙනුවෙන් උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කරන්න.
ජනතාවට සහයෝගයෙන් ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමට ක්‍රියාමාර්ග රැසක්
ගැටුම් ඇතිවීම වැළැක්වීමට ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් විවිධ ජනවාර්ගික හා විවිධ ආගමික ජනතාවට සහයෝගයෙන් ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවත් ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා පවසයි.
ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමින් පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමත්‍යවරයා මෙසේ පැවසී ය.
සාමය ප්‍රවර්ධනය සඳහා ආගමික සංස්කෘතික ජාතික විවිධත්වයට ගරු කරමින් සියලු පාසල්වල ගුරුවරු හා සිසුන් සහභාගී කරගනිමින් සාමය පැතිරවීමේ ක්‍රියකාරීන් ලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විවිධත්වයට ගරු කිරීම, බහු ආගමික හා සංස්කෘතික ක්‍රියාකරකම් හරහා සිසුන් දැනුවත් කර තිබෙනවා. සිසුන්ගේ හැකියා දැනුවත් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවාඅ. .ජාතික ඒකාබද්ධතා අරමුණු කරගත් වැඩසටහන් විශ්වවිද්යාඅල මට්ටමින් ක්‍රියාත්මක කර තිබෙනවා. සාමය හා ප්‍රතිසන්ධානය ඇති කිරීමට ඔවුන්ගේ හැකියා ප්‍රවාර්ධනය කර තිබෙනවා.ක්‍රීඩා සංගීතය, කාටූන්, ඡායාරූප යොදා ගනිමින් මේවා ප්‍රවර්ධනය කර තිබෙනවා.
ගැටුම් ඇතිවීම වැළැක්වීමට ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.විවිධ ජනවාර්ගික හා විවිධ ආගමික ජනතාවට සහයෝගයෙන් ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.
විවිධ ජනවාර්ගික හා විවිධ ආගමික කොටස් ඇතුළත් කමිටු පිහිටුවමින් තිරසර සාමයක් ඇති කිරීමට ක්‍රියාකර තිබෙනවා. මිතුරු පාසල් ඇතිකිරීම,ආගමික පාසල් ඇති කිරීමට ක්‍රියා කර තිබෙනවා.මාධ්‍ය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. සියලු දහම්පාසල් ගුරුවරු ඉලක්ක කරගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.දහම්පාසල් තුළ වැඩසටහන් ක්‍රියාත්මකකරමින් ආගමික අන්තවදය පිළිබඳ ආකල්ප වැලැක්වීමට කටයුතු කර තිබෙනවා. දහම්පාසල් ගුරුවරු 4000ක් දැනුවත් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා-
විදේශික ව්‍යාවසාකයන්ට ඉඩ සළසන අයවැයක්. ජාතික සංහිදියාවට පළාත් පාලන ආයතනවල බලය ඉතාම වැදගත්.අධිරාජ්‍යවාදීන්ගේ ඇඟිලි ගැසීම් නිසා රට ගෙන යන්න බෑ.එය ජාතික ප්‍රශ්නය හරහා රටට ඇතුළු වෙනවා. ලාංකීය එක්සත් කම වෙනුවෙන් දෙමළ ජනතාව අතර මතයක් ගොඩනැඟීමට බලයක් අවශ්‍යයි. පොලිස් සේවයට දෙමළ මව් බස වූ පිරිස් පන්දහසක් පමණ අවශ්‍යයි.ඒ සංඛ්‍යාව හිඟයි.එක්සත් ලංකාවක් හැදීම අරමුණයි.දේශීය ආර්ථිකයක් ගොඩනගීම උඩයි එය සිදු කළ හැක්කේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා-
කදුරට ජනතවගේ නිවාස සදා දෙන්න බොහෝ වැඩකරනවා.අධ්‍යාපන,වැසිකිළි ප්‍රශ්න,මර්ග ප්‍රශ්න,විරැකිය ප්‍රශ්නය තියෙන බව අමාත්‍යවරයා දන්නවා. ළමුන් පාසලට එන්නේ නෑ. මේ සඳහා වැඩසටහනක් සකස් කළ යුතුයි. සෞඛ්‍ය ප්‍රශ්නය විශාලයි වතු ප්‍රදේශවල. වතුකරයේ අධ්‍යාපනය සඳහා ජාතික වැඩපිළිවෙලක් හදන්න.වතුකරයේ දරුවා අධ්‍යාපන තත්ත්වයකට ගෙන යාමට කටයුතු කරන්න. බන්ධනාගාර රැදවියන් ගැන බලන්න. හොඳ මිනිසෙක් ලෙස එළියට ගන්න කටයුතු කරන්න.
අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා- බන්ධනාගාරවල තදබදය අඩු කරනවා. ගොඩනැගිල්ල හදන්න වසර දෙකක් යයි.භාවනා ක්‍රම ක්‍රියාත්මක කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා- අපි මේ රටට නව බලාපොරොත්තුවක් ලබාදුන්නා. තිබූ සුදු වෑන් සංස්කෘතිය නැති වෙලා. සංහිදියවට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වීමට දේශපාලන වෙනස්කම් ඇතිවිය යුතුයි. මෙය ව්‍යවස්ථාවට පමණක් සීමා විය යුතු නෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා- රැඳවියන් වෙනුවෙන් ප්‍රජාපාදක විශෝධන පනතින් ප්‍රජා වැඩවලට යොදවන වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්න. කැපවෙන නිලධාරීන් ගැන කතා කරන්නේ.සේවය අගයන්න අවශ්‍යයි. පසුගමන් ආරක්ෂ රථ සැපයීම වැදගත්.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා- මරණ දණ්ඩනය පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවයට එන්න අවශ්‍යයි.අපි ප්‍රතිපත්තිමය වශයෙන් රටක් ලෙස තීරණයක් ගත යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා- වර්ගවාදය ගැනත් කියැවෙනවා. මෙය ප්‍රාථමික තත්ත්වයක්. සතුන් අතර තිබෙන ප්‍රාථමික තත්ත්වයක් අරගෙන මිනිසුන් ක්‍රියා කරන්නේ. සංහිදියාව අවශ්‍ය කාරණයක්.යාපනය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත් කළ හැකියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා- ජාත්‍යන්තරව ප්‍රමිතීන් සොයල බන්ධනගාර අලුතින් ඉදිකරන යෝජනා ගෙනාවේ. වැරැදි චෝදනා කරන එක වැරැදියි.
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා-
අපි සියලු දෙනා කියන පදනම මත භාෂාමය වශයෙන් බෙදා වෙන් නොකර සහෝදරයන් වගේ ජීවත් විය යුතුයි. එවිට අපේ රට ජපානය වගේ දියුණු කළ හැකියි. අවස්ථාවාදී දේශපාලනය නිසා කණගාටුදායක තත්ත්වයක් උදා වුණා. යුද්ධයෙන් මා ඇතුළු මුස්ලිම් ජනතාව විශාල වශයෙන් සරණාගතයින් වුණා. වන්නි දිස්ත්‍රිකය යුද්ධය නිසා
විනාශ වුණා. එහි සිටි මුස්ලිම් ජනතාව නැවත පදිංචි කළා.
පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා-
යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවන වෘද්ධිය ඇති කිරීමට කටයුතු කරනවා. අනාගතයේ දී ප්‍රතිපාදන වැඩි කළ යුතුයි.පසුගිය වසර තුනක් පුරා කාර්යයන් රැසක් ඉටු කළා. ජනතාවට නැවත පදිංචි කිරීමට අප අවස්ථාව සළසා දුන්නා. පාසල් ප්‍රතිසංස්කරණය කළා. විදුලි බලය,පානීය ජලය මූලික අවශ්‍යතාවන් ඉටු කිරීමට කටයුතු කළා.පාඩු වූ ආයතන ලාබ ලබන අයතන බවට පත් වී තිබෙනවා.
කඳුකර සංවර්ධනය කඩිනම් කිරීමට කදුකර සංවර්ධන අධිකාරියක්
කඳුකර ජනතාවට අවශ්‍ය සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා කඳුකර සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කරන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.
වතු කම්කරු ජීවිතය උසස් කිරීමට මෙම අමාත්‍යාංශය නිර්මණය කළා. යහපාලන රජය යටතේ වතු කම්කරුවන්ට අවශ්‍ය නිවාස සපයා දීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය වෙමින් පවතිනවා. ලයින් කාමර වෙනුවට විශේෂ නිවාස ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.
2018 නිවාස 64ක් සඳහා ඉඩම් බලපත්‍ර ලබාදීමට කටයුතු කරනවා. තවත් 3000කට ඉඩම් ඔප්පු ලබදෙනවා. 6000ක් සඳහා ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කරනවා. අනාගතයේ වතු කම්කරු ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමට දිස්ත්‍රික්ක 18ක නිවාස යෝජනා ක්‍රියාත්මක වෙනවා. වතු ප්‍රදේශවල නාය යැම්වලට්ට හසුවන නිවාස සඳහා විකල්ප නිවාස ලබාදෙනවා. ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස 1300ක වැඩ කටයුතු අවසන් වෙමින් පවතිනවා. ඉන්දීය නිවාස යෝජනා ක්‍රමය දිස්ත්‍රික්ක පහක ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. නිවාස 10,000ක් නිර්මාණයට මූල්‍ය ආධාර ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබදී තිබෙනවා. ඔවුන් වෙත යටිතල පහසුකම් ලබාදීමටත් නියමිතයි.
රාජ්‍ය නිලධාරීන්ට භාෂා පුහුණුව අඛණ්ඩව- භාෂා සහයකයින් 3000ක් රාජ්‍ය සේවයට
රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ලබාදෙන භාෂා පුහුණුව අඛණ්ඩව සිදු කරන බවත් මේ වනවිට රාජ්‍ය නිලධාරීන් 30,000කට භාෂා පුහුණුව ලබාදුන් බවත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
අප රටේ ජාතික සංහිදියව ගොඩ නැගීම අපහසු කාර්යයක් නොවේ. උතුරු නැඟෙන හිර ජනතාවට වතුකරයේ ජනතාවට රටපුරා ජීවත් වන සියලු ජනතාවට යහපත් පණිවුඩයක් තිබෙනවා සංහිදියාව සම්බන්ධයෙන්.භාෂා අධ්‍යාපන ආයතනය උපාධිය ලබාදෙන ආයතනයක් වශයෙන් අපේ ආයතනය පත් කරන ලෙස වූ යෝජනා අනුව කටයුතු කරන්න කැමැතියි. උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ තිබෙන සමාජ ආර්ථික කරුණු ලිඛිතව දක්වන්න. ඒ සඳහා කාර්යසාධක බලකාය හරහා කඩිනම් විසඳුම් ලබදීමට හැකිවෙනවා.
සියලු රාජ්‍ය ආයතනවල භාෂා දෙකෙන් ම කටයුතු කරන ප්‍රදේශවල ජනතා අවශ්‍යතා සඳහා භාෂා දෙකම යොදා ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා.අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථවෙන් සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා ලෙස කියැවෙනවා. ජාතික සංහිදියාව ගැන දරන මතවාදය ගැන සතුටු වෙනවා. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වන අවස්ථා සොයා බලා කටයුතු කරනවා. නිලධාරීන් දැමුවත් කිරීමේ වැඩමුළු පවත්වනවා. රජයේ සේවකයන් සියලු දෙනාම දෙවැනි බස ඉගෙන ගත යුතුයි කියන චක්‍රලේඛනය මත භාෂා පුහුණුව ලබාදෙනවා. 30,000ක් රාජ්‍ය සේවකයන්ට භාෂා පුහුණුව ලබාදුන්නා. සිසුන්ට අධ්‍යාපන උපකාරණ ලබාදී තිබෙනවා.රාජ්‍ය නොවන ස්වෙච්ඡා සංවිධාන එකතු කරලා සිවිල් ප්‍රජාවේ යාන්ත්‍රණය ගොඩ නගා තිබෙනවා. ලබන අවසරේ භාෂා සහයකයින් 3000ක් රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීමට පියවර ගන්නවා.
ප්‍රභත් රත්නායක
පර්ලිමේන්තුවේ සිට