මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය...

    දෙසැම්බර් 08, 2017

    අද දින පසුගිය දිනවල රටේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම,කෘෂි කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම සහ රජය මෙයට මුහුණ දීම සඳහා ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සභාව දැනුවත් කරමින් අද පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය-


    මෙම ප්‍රකාශය කිරීමට අදහස් කලේ ජීවන වියදම පාලනය සම්බන්ධව මෙන්ම ඒ පිළිබඳව අප රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු කිහිපයක් මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමටයි.

    අපේ රටේ ආර්ථිකය මෙන්ම ආහාර සැපයුම් ජාලය ද ඉතා විශාල වශයෙන් දේශගුණික හා කාලගුණික රටාව හා රඳා පවතින්නක්. විශේෂයෙන්ම ඊසාන දිග මෝසම හා නිරිත දිග මෝසම අනුව ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය හැඩගැසී තිබෙනවා. නමුත් පසුගිය වසර කිහිපය තුළ දේශගුණික හා කාලගුණික රටාවේ වෙනසක් අපි හැමෝටම දැනිලා තිබෙනවා. සමහර විට ගංවතුර ඇති වුනා. නැතිනම් නියඟය ඇති වුනා.

    සමහර දිස්ත්‍රක්කවලට ගංවතුර ගලන කොට සමහර දිස්ත්‍රීක්කවල බවුසර් මගින් ජානීය ජලය බෙදන්නට අපිට සිදුවුණා. පසුගිය නොවැම්බර් මාසයේ බලාපොරොත්තු වුණු මෝසම් වැසි නොලැබීම නිසා නියඟයේ බලපෑම තවදුරටත් වැඩි වුණා. පසුගිය කාලයේ පැවති කාලගුණික විපර්යාසයන් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කල විට අපට පැහැදිලිව පෙනී යන කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශගුණික රටාව ක්‍මයෙන් වෙනස්වෙමින් පවතින බවයි. මෙම දේශගුණික වෙනස්කම් අපේ රටේ කෘෂිකර්මයට හා ආර්ථිකයට විශේෂයෙන්ම ගෘහස්ත ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපා තිබෙනවා.


    දිගින් දිගටම පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුලම ගොවීන්ට තම වගා කටයුතු වල නිරතවීමට හැකියාවක් ලැබුනේ නැහැ. සමහර පළාත්වල කන්න තුන හතරක්ම වගා පාළුවට ගියා.


    විශේෂයෙන්ම පසුගිය දිනවල පැවති නියං තත්ත්වය හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස පහත වැටුනා. සහල් නිෂ්පාදනය ද විශාල වශයෙන් අඩු වුනා. මෙම කාලය තුල එළවලු වගාවද 30% කින් පමණ අඩු වී තිබෙනවා.


    විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය බලපොරොත්තු වුනේ උඩරට හෙක්ටයාර් 14798 හා පහතරට හෙක්ටයාර් 32,216 ක එළවලු වගා කරනු ඇතැයි කියයි. නමුත් වගා කර තිබුනේ උඩරට හෙක්ටයාර් 10,712 කුත් පහතරට හෙක්ටයාර් 19,000 කුත් පමණයි. ඒ වගේම, සහල් නිෂ්පාදනය 40% කින් පහත යනු ඇතැයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එසේම 2018 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මසකට පොල් ගෙඩි මිලියන 40 ක පමණ හිඟයක් ඇති විය හැකි බව පුරෝකථනය කර තිබෙනවා. දැනට තිබෙන වාර්තා අනුව 2018 මැයි මස දක්වා පොල් ගෙඩි මිලියන 195 ක් අවශ්‍යයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා කාලගුණික අනාවැකි ලබා දුන්නත් ස්වභාවික විපත් දිගින් දිගටම සිදුවීම නිසා එය අහිතකර අන්දමින් ආහාර සැපයුම් දාමයට බලපෑවා.

    මේ හේතුව නිසා වෙළඳපොල තුල ආහාර ද්‍රව්‍ය සැපයුමේ යම් හිඟයක් ඇති වුනා. අනෙක් අතට අහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහල යාමක් නිරීක්ෂණය වුනා. ආහාර නිෂ්පාදනය අඩු වන විට ආහාර ආනයනය කල යුතුයි. පැවති පසුබිම අනුව එම තක්සේරුව නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි වුනා. මීට සමගාමීව, රටේ ජාතික ආර්ථික වර්ධන වේගය අඩු වීමක් සිදු වුනා. මේ වසරේ අපි 5.5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළා. නමුත් නියඟය හා ගංවතුර නිසා මෙය 4.5% දක්වා අඩු වන බව මහ බැංකුව වාර්තා කරලා තිබෙනවා. අපේ රටේ කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ සියයට 1.2 ක් බවට පත්වී තිබෙනවා. මෑතකදී නිකුත් කරන ලද දේශගුණික විපර්යාස පිළිබඳව ලෝක බැංකු වාර්තාවක මෙසේ සඳහන් වනවා ;

    “The impacts of climate change will be channeled primarily through the water cycle, with consequences that could be large and uneven across the globe. Water-related climate risks cascade through food,energy, urban, and environmental systems.”


    එනම් මෙය සමස්ත ලෝකයටම බලපා තිබෙන කාරණයක්.

    කලක් තිස්සේ පැවති දේශගුණික රටාව මෙසේ වෙනස්වීම හේතුවෙන් අපගේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාවන් වෙනස්වීමට භාජනය වුණා. තමන්ට ගොවිතැන සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ගොවීන්ට තිබුනේ නැහැ. සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව ගොවීන් විසින් තීරණ ගන්නට පෙළඹුණා. සමහරු වගා කිරීම අතහැර දැම්මා. සමහරු වගා ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදා ගත්තා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් උඩරට ප්‍රදේශවල එළවළු වගා බිම් ප්‍රමාණය 36% කිනුත්, පහත රට එළවළු වගා බිම් ප්‍රමාණය 30% කිනුත් අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විටින් විට වාර්තා කර තිබෙනවා. මේ තත්වය අනෙකුත් බෝග වගාවන්වලටත් බලපා තිබෙනවා.

    මා නිදහසට කරුණු දක්වනවා නොවෙයි. අපි වගකීම භාර ගන්න ලෑස්තියි. නමුත් යතාර්ථය පැහැදිලි කල යුතුයි. ජනතාවට වග කියන රජයක් වශයෙන් අපි මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට සුදානම්. පසුගිය අගහරුවාදා දින හා බ්‍රහස්පතින්දා දිනවල පැවති කැබිනට් මණ්ඩල රැස්වීම් වලදී ජීවන වියදම පාලනය කිරීම පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ජනාධිපතිතුමාත් කරුණු කිහිපයක් මතු කළා. එහිදී අප තීරණ රැසක් ගනු ලැබුවා.පෞද්ගලික අංශය හා සතොස ආයතනය සහභාගී කර ගනිමින් සහල් ආනයනය කිරීමට මහා භාණ්ඩාගාරයට අවසර ලබා දුන්නා. දැනටමත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීමට කටයුතු යොදා අවසන්.

    මීට අමතරව තවත් අවශ්‍ය නම් සහල් ආනයනය කිරීමට කටයුතු කරනවා. ලබන මහ කන්නයේදී සාමාන්‍ය අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. අප්‍රේල් මාසය තෙක් අපට මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් එතෙක් පවතින හිඟය පියවා ගැනීමට කටයුතු කිරීමට සිදුවෙනවා. එසේම ජීවන වියදම පිලිබඳ කැබිනට් අනුකමිටුව හරහා කඩිනමින් රටපුරා සහල් බෙදාහැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කළා.

    එසේම, අවශ්‍යනම් සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව පෞද්ගලික අංශයෙන් සහල් මිල දී ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. එසේම, මසකට පොල් ගෙඩි මිලියන හතලිහක් පමණ වන හිඟය පියවා ගෙන දේශීය ගෘහස්ථ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් පොල් සැපයුමක් තහවුරු කිරීම සඳහා පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ට පොල් මද ආනයනය කිරීමට අවසරය ලබා දීමටත් තීරණය කළා. මීට අමතරව, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා කිරීමට නොහැකිව අසරණ වී සිටින ගොවි පවුල් හඳුනා ගෙන ඔවුන් හට වැඩි වශයෙන් සහන ලබා දීමට ක්රොමවේදයක් සති 02 ක් කාලයක් තුල සැකසීමට මුදල්, ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු, කෘෂිකර්ම යන අමාත්යාං ශවල ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරී කමිටුවක්ද පත් කරනු ලැබුවා.


    එසේම කාලගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මයට සිදු වී ඇති බලපෑම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාඨලී චම්පික රණවක, සුසිල් ප්රේුමජයන්ත, අනුර ප්රි යදර්ශන යාපා හා රවුෆ් හකීම් යන අමාත්‍යතුමන්ලාගෙන් සමන්විත අමාත්යි මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට ද කටයුතු කළා.ජීවන වියදම පාලනය කිරීම සඳහා තවත් ආහාර ද්රෙව්ය ආනයනය කිරීමට අවශ්යු වුවහොත් ඒ සඳහා අවශ්යව පියවර ගන්නට අප ලැහැස්තියි.

    ගරු කථානායකතුමනි

    මා ලබන සතියේ අදාල සියලුම පාර්ශව ඒ වගේම ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ මෙම දේශගුණික වෙනස්වීම් සැලකිල්ලට ගෙන ආර්ථිකය සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මා කල්පනා කරන විදියට අපිට දේශගුණික වෙනස්වීම්වලට මුහුණදීමට ආර්ථිකය සූදානම් කිරීමට සිදු වෙනවා. ඒ සඳහා අළුත් යාන්ත්රකණයක් සැකසීමට සිදුවෙනවා. කෘෂි අංශයේ වර්ධනය අඩුවීමට ඉඩ තිබෙන බැවින් ආර්ථිකයේ වෙනත් අංශ හඳුනාගෙන සංවර්ධනය තවත් වේගවත් කිරීමට සිදුවෙනවා. දේශගුණික වෙනස්වීම් නිසා ආර්ථික වර්ධනය අඩාලවීමට ඉඩදීමට හැකියාවක් නැහැ. අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ලැබුණු පසුව මේ සම්බන්ධව අප රජය විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගපිළිබඳවද මා මේ ගරු සභාව ඉදිරියේදී දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අවසන් වශයෙන් කියන්න කැමතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya