අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පාර්ලිමේන්තුවෙන්...උමා ඔය ව්‍යාපෘතියේ වන්දි කඩිනමින් ගෙවීමට පියවර..සියලු ග්‍රාමීය ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට පියවර..රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නියමාකාරයෙන් සිදු කෙරේ..

    දෙසැම්බර් 06, 2017

    උමා ඔය ව්‍යාපෘතියේ වන්දි කඩිනමින් ගෙවීමට පියවර..

    සියලු ග්‍රාමීය ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට පියවර...

    රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නියමාකාරයෙන් සිදු කෙරේ..

    පළාත් පාලන ආයතනවල මානව සම්පත් සංවර්ධනයට විශාල වැඩකොටසක් සිදු කළා...

     

    විසර්ජන පනත් කෙටුම්පත විවාදය විසිඑක් වැනි දිනය - දෙසැම්බර් 06

     

    විසර්ජන පනත් කෙටුම්පත විවාදය අද (06) විසි එක් වැනි දිනයටත් ආරම්භ වුණා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති වැයශීර්ෂ විවාදට ගත්තා. කතානායක කරූ ජයසූරිය මහතා මූලාසනයට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.


    වාචික ප්‍රශ්නවලට පිළිතුරු...

     

    උමා ඔය ව්‍යාපෘතියේ වන්දි කඩිනමින් ගෙවීමට පියවර

    උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට ලබාදීමට නියමිත වන්දි කඩිනමින් ගෙවීමට පියවර ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

    ගැටළු සොයා බැලීමට කමිටුවක් ද පත් කර ඇතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා,මේ වනවිට වන්දි ගෙවීමට ඇති සංඛ්‍යාව 1687ක් බව සඳහන් කළේ ය.

    මේ වනවිටත් මිලියන 521 ක මුදලක් ගෙවීම් වශයෙන් සිදු කර ඇතැයි කී අමාත්‍යවරයා, උමා ඔය ජල කාන්දුව අවම කිරීමට කටයුතු කර ඇතැයි ද පැවසී ය.

     

    පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට...

    ඵලදායි කාර්යක්ෂම සේවාවක් සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවීමට විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    වෙළඳපොළ ආයතන, සුරැකුම්පත් පිළිබඳ මහජන අර්පනයන්, වෙළඳපොළ අතරමැදියන් නියාමනය කිරීම, වෙළඳපොල විෂමාචාර සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා ද, කොටස් වෙළඳපොළවල් විසින් මුහුණ පාන අභියෝග සම්බන්ධව ඵලදායී සහ කාර්යක්ෂම ආකාරයෙන් ක්‍රියා කිරීම සඳහා ද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන්
    සභාව පිහිටුවීම සඳහා සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පනත ඉවත් කිරීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ කෙටුම්පතකි.

    අග්‍රාමාත්‍ය,සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.


     

    වැයශීර්ෂ විවාදයට...

    පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කෝඩෙෂ්වරම් මහතා-
    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදිය යුතුයි. පළාත් පාලන ආයතනවලට බලතල වැඩිපුර ලබාදිය යුතුයි. වැඩි වශයෙන් මුදල් ලබාදිය යුතුයි. යුද්ධයට මුහුණ දුන් පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදිය යුතුයි.

     

    වසර 2020 වනවිට සියලු ග්‍රාමීය ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට පියවර...wajira w

    වසර 2020 වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332ක ග්‍රාමීය වශයෙන් තිබෙන සියලු ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමින් පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසී ය

    2017 වෙන් කළ මුදල්වලට වඩා මුදල් අවශ්‍ය වුණා. 2017 කෝටි 2853ක් මුදලක් අවශ්‍ය වුනා.සම්පූර්ණ පරිපාලන යාන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල,දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන් 14022ක් සංවර්ධන නිළධාරීන් 17,000ක් ප්‍රාදේශීය කාර්යාල 332ක් වශයෙන් කටයුතු සිදු කරනවා.

    ආපදාවට මුහුණ දීමට රාජ්‍ය යාන්ත්‍රණය යෙදවීමට සිදු වුණා. ග්‍රාම නිලධාරි වසම් 5000ක් නියඟයට හසු වුණා. පසුගිය දා නැවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 130ක, නිවාස 27,000 හානි වුණා. ජීවිත 14ක් අහිමි වුණා. නිලධාරීන් යොදවලා සියලු කටයුතු කරන්න හකි වුණා. නිලධාරීන් කැප වී 2017 සියලු ඉලක්ක ඉටු කළා.

    14022 ග්‍රාම නිලධාරි කාර්යාල එක් කෙරෙන නිල සේවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කෝටි 150ක් වෙන් කළා. 2020 වනවිට සියලු කාර්යල ඒකාබද්ධ කර කටයුතු කරන්න.

    ගම් මට්ටමින් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබදෙන්න කටයුතු කළා. ජනපති ජනතා නිල මෙහෙවර වැඩසටහන මෙයට ඇතුළත් කළා. මේ වැඩසටහනේ දී බලාපොරොත්තු වුනේ ගමේ ප්‍රශ්නය,අවම කිරීමටයි.අපි ගාල්ලට නොමිලේ 18000ක් හැදුනුම්පත් ලබාදුන්නා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රශ්න අවසන් කිරීමට කටයුතු කරනවා. මුලතිව්,කිළිනොච්චිය ක්‍රියාත්මක කරමින් යනවා. 2018 යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨශ 18ක් ඉලක්ක කරගෙන සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.කුරුණැගල දිස්ත්‍රික්කයේ ජාතික හැදුනුම්පත් නොමැති සංඛ්‍යාව 80,000ක් සිටින බව හඳුනාගෙන තිබෙනවා.

    සමස්ත රජය හැටියට ඉලක්ක සම්පූර්ණ කරගෙන ඉදිරියට ගමන් කරන්න. ලක්ෂ 10 වැඩසටහන් 14000ක් ක්‍රියාත්මක කළා.රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් විශාල පරිවර්ථනය කළා. ප්‍රාථමික ශ්‍රේණියේ මූලික වටුප 14,000යි 2020 වනවිට 29000ට ගෙන යනව. කළමනාකරණ සේවයේ වැටුප රුපියල් 15000 කින් වැඩි වෙනවා. සංවර්ධන නිලධාරි වැටුප 18000කින් වැඩි වෙනවා. අපි රජයක් හැටියට අතිරේක බිලියන 12ක් මේ සඳහා සොයන්න සිදු වෙනවා. රජයේ ඉලක්ක සම්පූර්ණ කිරීමට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ අවධනය යොමුවිය යුතුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 180ක් ගොඩනැගෙමින් පවතිනවා.


    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා-

    භාෂා පරිවර්තකයන්ගේ හිගයක් තිබෙනවා. එය ඇති කළ හිඟයක්.ත්‍රෛයි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි. එය ජාතික ගැටළුවට ප්‍රවේශයක්. භාෂා පරිවර්තකයන් ළඟදී බඳවා ගෙන නෑ. මෙය සරළ ගැටළුවක් නොවේ.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා- දෙමළ පරිවර්තක ප්‍රශ්නය විසඳුවොත් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්.


    භාෂා පරිවර්තකයන්ගේ වැටුප් ප්‍රශ්නය නිවැරැදි කිරීමට පියවර- අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

    භාෂා පරිවර්තකයන්ගේ වැටුප් ප්‍රශ්නය නිවැරැදි කොට ආකර්ෂණීය වැටුපක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදය අතරතුර මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා භාෂා පරිවර්තකයන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

    භාෂා පරිවර්තකයන්ගේ වැටුප් තලයේ පිහිටු වීමට කටයුතු කරනවා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. වැටුප් පරිමාණයේ ප්‍රශ්නයක් තිබෙනවා. එය නිවැරැදි කර ආකර්ෂණීය වැටුපක් ලබාදීමට කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසීය.

     

    අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -

    සයින්දමරුදු ප්‍රශ්නයේ දී වෙනම ප්‍රාදේශිය සභවක් ඉල්ලුවා. කල්මුනේ ජනතාව විරෝධයක් පළ කළා. දැන් ඒ ප්‍රශ්නයට දිගු කාලීන් විසඳුමක් සඳහා වැඩපිලිවෙලක් සකසා තිබෙනවා. මුස්ලිම් දෙමළ ජාතීන්ට සාධාරණ විසඳුමකට විසඳුමක් ලබාදීමට සාකච්ඡා කෙරෙනවා.කල්මුනේ මහනගර සභාවේ ප්‍රශ්නයේ දී මුස්ලිම් දෙමළ ජාතීන්ට සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කරනවා. සියලු දේශපාලන පක්ෂවලට සාධරණය ඉටු කිරීමට කටයුතු කළා.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා-


    පළාත් සභා පළාත් පාලන කිසිම ඇඟිලි ගැසීමක් නොමැතිව කරන්න පුළුවන් ආයතනයක්. රට දියුණුව කරා ගෙන යන්න පුළුවන්. ලබන වසරට විශාල මුදලක් ලබාදුන්නා. ඉතා ඉක්මනින් සාකච්ඡා කර මැතිවරණය ඉක්මනින් තියන්න.


    පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා-


    එදා දිස්ත්‍රික් කමිටුවලට ලොකු වගකීමක් තිබුණා. පළාත් පාලන ආයතන ජනතාවට සේවය කරන්න තියෙන ආයතනයි. පළාත් පාලන ආයතන කල්දමනවා. රටක් සංවර්ධනයේ දී ස්ථාවර ආයතන බිහිවිය යුතුයි.

     

    අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -


    සීමානීර්ණ ක්‍රමය අදාළ වෙන්නේ. මහින්ද රාජපක්ෂ රජයෙන් කොමිෂම පත් කළා. වසර තුනක් ගත වුණා. අත්සන් කළ යුතු වන්නේ ජනාධිපතිතුමා විසින්. නීතිය අනුව එයයි සිදු වන්නේ.


    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා-

    අද පළාත් සභා මේ රටේ දේශපාලන අංගයක් වෙලා. එවැනි ආයතනයක් කාර්යක්ෂම ලෙස ඉදිරියට පවත්වාගෙන යාමයි අවශ්‍ය වන්නේ. පළාත් සභා භාවිතා වෙනවා, නොදියුණු පළාත් දියුණු කිරීමේ ආයතනයක් ලෙස. පළාත් සභාව සංවර්ධනයේ මෙවලමක් ලෙස යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සෑම ආණ්ඩුවක් යටතේම පළාත් සභා
    අමාත්‍යාංශය සතු බලය ආපසු ගන්න උත්සහ කළා. පනත් සංශෝධනය කර පළාත් සභාවලට බලතල ලබාදීමට අමාත්‍යාංශය මැදිහත් විය යුතුයි. ව්‍යවස්ථා විරෝධිව තබගෙන සිටින විෂයන් ආපසු පළාත් සභාවට ලබාදීමට කටයුතු කළ යුතුයි.


    රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරම් මහත්මිය-

    විරැකියා උපාධිධාරීන් රැකියා ලබාදෙන්නට ඉල්ලීම් කරනවා. උතුරු පළාතේ උපාධි ධාරීන්ට රැකියා නෑ. ඔවුන්ට රැකියා ලබාදීමට පියවර ගත යුතුයි.යුද්ධයෙන් හානි වූ ජනතාව රැකියා නොමැතිව දුෂ්කරතාවයට පත්ව සිටිනවා. උතුරු ප්‍රදේශයේ දෙමළ භාෂාව දන්නා අය රාජකාරිවල නියැලීම අවශ්‍යයි. ඩම් ඔප්පු නොමති අයට ඉඩම් ඔප්පු ලබාදුන්නා. ජනතාවට හැදුනුම්පත් ලබාදුන්නා. පළාත් පාලන ආයතනවලට බලය බෙදා හරිය යුතුයි. ජාතීන් අතර සංහිදියාවට රජය කටයුතු කළ යුතුයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා-

    අපේ චිත්‍රපට කර්මාන්තය කඩාවැටිලා. ජාතික චිත්‍රපට සංස්ථාවත් එහි පනතත් අද කාලයට ඔබින ලෙස නවීකරණය කළ යුතුයි.ක්ෂේත්‍රයට එන අයට ඒ අවස්ථාව අහිමි වෙලා. චිත්‍රපට ඒකාධිකාරය,චිත්‍රපට සංස්ථාව එකතුවෙලා බිදිය යුතුයි. ඉන්දීය චිත්‍රපට හඬකවලා ඒ ඩීවීඩී බෙදා හරිනවා. මේවා පාලනය කළ යුතුයි. මෙය නියාමනය කළ යුතුයි.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා -

    ග්‍රාමීය පාලනය වගකීම නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන වගකීම තියෙන්නේ පළාත් පාලන ආයතනවලටයි. කසළ කළමනාකරණය තුළ සක්‍රීය වැඩපිළිවෙලක් සකස්
    කරන්න. කසළ කළමනාකරණයට වැඩපිළිවෙලක් යොදන්න.

     

    රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා-

    ඈත දුෂ්කර මැතිවරණ කොට්ටාශවලට යකඩ පාළම් ලබාදීමට වැඩසටහන් ක්‍රියාත්මක කරලා ජනතාවට සහන ලබාදුන්නා. ලබන වසරෙත් පියවර ගෙන යන්න හැකිවේවී. ප්‍රාදේශීය සභාවල පාලනය නොතිබුණත්, කිසිම දේශපාලන භේදයකින් තොරව ජනතා අවශ්‍යතා හඳුනාගෙන මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන්න හැකිවුණා.  පරිපාලන සේවයේ හිඟය ගැන ප්‍රශ්න තියෙනවා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම්වලට නොපැමිණෙන නිලධාරීන් ගැන වාර්තාවක් කැදවා, කටයුතු කරන්න. සිනමා ශාලා නවීකරණය කරලා, වසා දමා ඇති සිනමා ශාලා
    යළි විවෘත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පුළුවන්.

     

     

    පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ සේවයක් අරඹන්න.. 

    පළාත් පාලන ආයතන සඳහා පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ සේවයක් ආරම්භ කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පළාත් පාලන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.

    ග්‍රාමීය වශයෙන් වැඩකරන්න හැකි අමාත්‍යාංශයක්. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන විවිධ අවලාද නගුවා.ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට හයකෝටියක් පමණ මසකට වියදම් වුණා  වසරකට විශාල වියදමක් ප්‍රාදේශීය සභාවලට වැය කරන්න සිදු වෙනවා. මන්ත්‍රීවරු 8356ක් මැතිවරණයේ දී පත්වෙනවා. මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට කවුරුත් කතා කළේ නෑ.මසකට රුපියල් 12,53,40,000ක් වැය කරන්න සිදු වෙනවා.

    ස්ථාවර බලයක් නොලැබුනොත් කිසි වැඩක් කරගන්න බැරි වෙයි.කවුරුත් නඩු දැම්මාම අපේ ඇගේ ගහනවා. මේ ක්‍රමවේදයේ තියෙන අර්බුදය ගැන කවුරුත් කතා කළේ නෑ.

    පළාත් පාලන ආයතනවල ලේකම්වරු ඉන්නවා. පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගේ සේවයක් ආරම්භ කරන්න.පළාත් පාලන සේවයට ලේකම්වරුන්ගේ සේවයක් ඇති කරන්න ඕන. ලේකම්වරයකු ලෙස වැඩ කරන්න ස්ථාවරයක් හදන්න.වෙනම වැඩපිළිවෙලක් සකස් කරන්න.

     

    ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා -

    ස්වාභාවික විපත් සිදුවීමේ දී සියලු දෙනා එකතුවෙලා කටයුතු කඩිනමින් සිදු කළා. රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව පරිගනක ගතකර කෙරෙනවා. ජනතාවට ඉදිරියට අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවන්නේ නෑ.ගංවතුර ප්‍රශ්නය ආවම සියලු නිලධාරීන් කැපවීමෙන් කටයුතු කළා. ඒ පිළිබඳව සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.රටම ඉල්ලුවා,කොට්ඨාශ ක්‍රමය.කාන්තාවන්ට අවස්ථාව ලබාදීම ගැටළුවක් නෑ.

     

    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා-

    අපේ රටේ රාජ්‍ය නිලධරීන්ට යම් කරදරයක් සිදු වුනොත් ඔවුන් රැකගන්න කෙනෙක් නෑ. වරදක් කර නැත්නම් රැකවරණය ලබාදීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. අවධානය මේ ගැන යොමුකරන්න. රාජ්‍ය නිලධාරීන්ගේ වාහන බලපත්‍ර පෙර පරිදි ලබාදීම වැදගත් යැයි සිතනවා. රාජ්‍ය සේවකයින්ට නිවාස පිළිබඳව ගැටළුවක් තිබෙනවා. යහපාලන ආණ්ඩුව යටතේ රජයේ සේවකයන් වෙත නිවාස සංකීර්ණයක් හදා දෙන්න යෝජනා වී තිබෙනවා.විශ්‍රාම දෙපාර්තමේන්තුව තාක්ෂණය අතින් ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. රජයේ සේවය කරන අයට පුහුණුවීම් ලබාදෙනවා.

     

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා- පිළිතුරු කතාව

    ඉතා වැදගත් යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා.සියලු කරුණු ගැන අවධානය යොමු කරනවා. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යනවිට ලබාදෙන වහන බලපත්‍රය එළෙසම ලබාදීමේ අවධානය යොමු කරනවා.ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වාහනලබාදීමට ක්‍රියා කරන්න කටයුතු කරනවා. ග්‍රාම නිලධාරීන් විදේශ පුහුණුවට පිටත් කළා.මාණ්ඩලික නිලධාරීන් විදේශ පුහුණු සඳහා ක්‍රියා මාර්ග සකස් කරමින් සිටිනවා.ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට චක්‍රලේඛන නිකුත් කර තිබෙනවා. වගකිව යුතු නිලධරීන් නොපමිණිම පිළිබඳව ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව චක්‍රලේඛනයක් නිකුත් කරන්න කටයුතු සකස් කරමින් සිටිනවා.ජනාධිපතිතුමා,අගමැතිතුමා, අවධානය යොමු කළා අමාත්‍යාංශයට. මුදල් ඇමැතිතුමා,විශාල මුදලක් අයවැයට පිටින් අවශ්‍ය කටයුතු සඳහා ලබ දුන්නා.

     

    රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නියමාකාරයෙන් සිදු කෙරෙනවා...

    ranjith maරාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නියමාකාරයෙන් සිදු කෙරෙන බවත් අස්ථාන බියක් නිලධාරීන් කෙරෙහි ඇති කර රජය පිළිබඳ කළකිරීමක් ඇති කිරීමට උත්සහ කරන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    ගණකාධිවරු පත්කිරීම දී 500ක හිඟය පිරවීමට කටයුතු කළා. ඉදිරි බඳවා ගැනීමේ දි ඉදිරි පුරප්පාඩු පිරවිය හැකියි. භාෂා පරිවර්තක ප්‍රශ්නය රජයේ සේවයට විශාල ප්‍රශ්නයක්. රජයේ සේවයට බැදෙන්න අකමැත්තක් දක්වනවා. මේ අයගේ වැටුප් පරිමාවන් අඩු  වීම හේතුවක්.අලුත් සේවා ව්‍යවස්ථාවක් හදලා ආකර්ෂණීය වැටුපක් සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙනවා. ඉදිරි කෙටි කාලයේ දී විසඳුමක් ලබාදෙනවා. උසස්වීම් ලබාදෙන්න කටයුතු කරනවා.කළමනාකරණ සේවයට බඳවා ගැනීමේ දී දිස්ත්‍රික් පුරප්පාඩු පදනම් කරගෙන බඳවාගැනීම් සිදු කරන්නේ. 108 මේ වසරේ පරිපාලන සේවයට බඳවා ගත්තා. උතුරු නැඟෙනහිරින් වැඩි දෙනෙක් පත් වුණේ. සාධාරණව දක්ෂතාවට, කුසළතාවට අවස්ථාව ලබාදි තිබෙනවා.

    මේ රජය බලයට පත්වීමේ දී දුන් පොරොන්දුවක් තමයි දූෂණ වංචාවලට විරුද්ධව කටයුතු කරනවා කියලා. ලක්ෂ 14 වඩා ඉන්න රජයේ නිලධරීන් කී දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා ද? වරදක් කර නැත්නම් බිය යුතු නෑ. රජය යම් පරීක්ෂණයක් කරනවා නම් එයට සම්බන්ධ විය යුතුයි. අස්ථාන බියක් ඇති කරගත යුතු නෑ.

    නිලධාරීන් කෙරෙහි අස්ථාන බියක් ඇති කර රජය පිළිබඳ කළකිරීමක් ඇති කිරීමට ඇතැම් අය කටයුතු කරනවා. රජයේ නිලධාරීන්ටත් තම නිවැරැදි බව ඔප්පු කරන්න හැකියාව තිබෙන්න ඕන. විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීමට කටයුතු කළේ වත්මන් ආණ්ඩුවයි.විශ්‍රාම විෂමතාවයට උත්තරක් දුන්නා. චිත්‍රපට සංරක්ෂණයට භාණ්ඩ මිලදී ගනීමට ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. මිලියන 100 වඩා වෙන් කර චිත්‍රපට කර්මාන්තයේ දියුණුවට වෙන් කර තිබෙනවා. චිත්‍රපට කර්මාන්තය කඩා වැටීමක් තිබෙනවා. ඒ පිළිබඳව අධ්‍යයනයක් කළ යුතුයි.ලක්ෂ 14ක් වඩා රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000ක වැටුප් වැඩි කිරීමක් කරන්න කටයුතු කළා.රජයේ සේවකයන් බඳවා ගැනීම් නියමාකාරයෙන් සිදු කරමින් යනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයට 570ක් බඳවා ගත්තා. කළමනාකරණ සේවයට බඳවා ගත්තා.කොළඹ නිල නිවාස හදලා නෑ. විජේරාම ප්‍රදේශයේ නිල නිවාස 40ක් හදන්න කටයුතු කරනවා. මොණරාගල හා පොළොන්නරුව මහල් හතරක නිවාස සංකීර්ණයක් හදන්න පියවර ගෙන තිබෙනවා.

     

     

    පළාත් පාලන ආයතනවල මානව සම්පත් සංවර්ධනයට විශාල වැඩකොටසක් සිදු කළා...faisal

    පළාත් පාලන ආයතනවල නෛතික තත්ත්වය සංශෝධනය කිරීමට ක්‍රියා කරන බවත් පළාත් පාලන ආයතනවල මානව සම්පත් සංවර්ධනයට විශාල වැඩකොටසක් සිදු කර තිබෙන බවත් පළාත් පාලන මැතිවරණය පවැත්වීම ප්‍රමාද වීම තමන්ගෙන් සිදු වූ අඩුපාඩුවක් නොවන බවත් පළාත් සභා හා පළාත් පාලන අමත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පළාත් පාලන මැතිවරණය පවැත්වීම ප්‍රමාද වීම මගේ අඩුපාඩුවක් නොවේ. පෙබරවාරි මාසයේ මැතිවරණය පැවැත්වීමට හැකිවෙයි. අමාත්‍යාංශයට මිලියන 45000ක් වෙන් කර තිබුණා. ග්‍රාමීය පාලම් ,ළමා උද්‍යාන 38 පාසල් ව්‍යාපෘති සිදු කර තිබෙනවා. අපි පක්ෂ භේදයෙන් තොරව අප කටයුතු කර තිබෙනවා.මැතිවරණය කල් දමන අමාත්‍යාංශය කියලා දොස් කියනවා. අප රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් දක්වන අමාත්‍යාංශයක්. පළාත් පාලන ආයතනවල මානව සම්පත් සංවර්ධනයට විශාල වැඩකොටසක් සිදු කරනවා. පළාත් පාලන ආයතන සභිකයන් 8000ක් පමණ වැඩි වෙනවා. විශාල රැස්වීම් ශාලා අවශ්‍ය වෙනවා. ඉදිරි මැතිවරණයේ දී ප්‍රාදේශීය මට්ටමින් කාන්තා නියෝජනය 25%කින් පත්වෙනවා .පළාත් පාලන ආයතනවල නෛතික තත්ත්වය සංශෝධනය කිරීමට ක්‍රියා කරනවා. පළාත් පාලන ආයතන සභිකයන් පුහුණු කිරීමට පියවර ගන්නවා. රට වෙනුවෙන් කටයුතු කළා.


    ප්‍රභාත් රත්නායක
    පාර්ලිමේන්තුවේ සිට...

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya