අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පාර්ලිමේන්තුවෙන්..ජාතික ධීවර ප්‍රතිපත්තිය ලබන වසරේ පාර්ලිමේන්තුවට..මෙගාවෝට් 500ක් ඉතිරි කිරීමේ වැඩපිළිවෙලක්... පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක්..

    දෙසැම්බර් 05, 2017

    නව තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට...

    සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක්...

    ජාතික ධීවර ප්‍රතිපත්තිය ලබන වසරේ පාර්ලිමේන්තුවට...

    මෙගාවෝට් 500ක් ඉතිරි කිරීමේ වැඩපිළිවෙලක්-මිශ්‍ර ජනන සැලැස්මක්...

    පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක්...


    විසර්ජන පනත් කෙටුම්පත විවාදය අද විසිවැනි දිනය දෙසැම්බර් මස (05)


    විසර්ජන පනත් කෙටුම්පත විවාදය අද (05) විසිවැනි දිනයටත් ආරම්භ වුණා. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති වැයශීර්ෂ විවාදට ගත්තා.නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මූලාසනයට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.

     

    වාචික ප්‍රශ්න....

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා විසින් විමසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දුන් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වන සතුන්ගෙන් ගොවිතැන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් අඳහස් පළ කළේ ය.

    ''ගොවීන් හා වන සතුන් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා. අලි පාලන ඒකකයක් ආරම්භ කිරීම, අලි වැටවල් ජනතාව මාර්ගයෙන් ඉදි කිරීම සිදු කරනවා. රිලවුන්ගේ  ප්‍රශ්නයක් තිබෙනවා. කැලැ එළිකරලා, රිලවු ගමට එනවා. උත්පත්ති පාලන ක්‍රමයක් ඇති කරන්න සිදු වෙනවා. මිනිස්සු ඇති කළ ප්‍රශ්න නිසා මේ ප්‍රශ්න සිදු වී තිබෙන්නේ.''

     

    පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව වගකීමෙන් කටයුතු කිරීම නිසා ගිංතොට තත්ත්වය පාලනය කිරීමට හැකි වුණා

    sagala පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව වගකීමෙන් කටයුතු කිරීම නිසා පසුගිය දා ගිංතොට ඇති වූ සිදු තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නයක මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ස්ථාවර නියෝග යටතේ විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවා.

    තුවාල ලබූ හා දෙපළ හානී වූ 134කගෙන් ප්‍රකාශ සටහන් ලබා ගත්තා .දේපල හානි පිළිබඳ වාර්තාවක් සකස් කර ඇත. කිසිදු අවස්ථාවක පොලීසිය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඉවත් කිරීමක් සිදු කර නොමැත. ඉදිරි මෙවැනි තත්ත්වය ඇතිවීම වැළැක්වීමට එම ස්ථානයේ පොලිස් මුරපොළක් පිහිටුවා ඇත. හිත් බීදීම් සමනය කිරීමට ආගමික නායකයින්, විද්වතුන් ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇත. ආරක්ෂාව තවමත් පවත්වාගෙන යනවා යැයි ද අමාත්‍යවරයා පැවසුවා.

     


    මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා- ජාතිවාදී ගැටුම් ඇතිකරන්න උත්සහ කරන සිදුවීමේ තැනක අනතුර තිබියදී නිලධාරීන් අඩු කිරීම වැරදියි. මෙම කාර්යයේ දී පොලීසිය් අසමත් බව ප්‍රකාශ කළා. මෙහි වගකීම පටවන්නේ කාටද?


    අමාත්‍ය සාගල රත්නයක මහතා- මමත් ගිංතොටට ගියා.මම පොලිස්පතිතුමාගේ ප්‍රකාශය දන්නේ නෑ. පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව වගකීමෙන් කටයුතු කිරීම නිසා තත්ත්වය පාලනය වුණා. එය අගය කරනවා.

     

     

    වැය ශීර්ෂ විවාදය ආරම්භ වෙයි....

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා - උතුරේ ප්‍රදේශවලට මනු කියවන්නන් ප්‍රමාණවත් නෑ. මනු කියවන්නන් යොදවන්න.

    නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා - ඉදිරි මාස දෙක තුළ මනු කියවන්නන්ගේ ප්‍රශ්නය විසදීමට පියවර ගන්නවා.


    නව තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට...

     

    ජලජීවී වගාව දියුණු කිරීමට විශාල වැඩකොටසක් සිදු කරන බවත් නව තාක්ෂණය අනුව ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යා යුතු බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදඅරච්චි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ගන්දර හා වැලිමණ්කඩ ධීවර වරාය දියුණු කිරීමට මිලියන 200ක් වෙන් කර තිබෙනවා. අලුත් යාත්‍රා මිලදී ගැනීමට මුදල් වෙන් කර තිබෙනවා. මෙවර අයවැය ''නීල හරිත'' අයවැයක් වීම ගැන සතුටුයි. අපේ ධීවරයන්ට කුඩා ශීතාගාර ලබාදීමේ වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා. පසුගිය කුණාටුවේ දී ධීවරයන් මැරුණා. ධීවර ආරක්ෂක කබා යෝජනා කළා. ධීවර යාත්‍රාවලට ආරක්ශිත යාත්‍රා ලබාදීමට යෝජනා කළා. ප්‍රජා මූලික කළමනාකරණය ඉදිරියට ගෙන යා යුතුයි.

    විශාල මුදලක් ජලජීවී වගාවට වෙන් කළා. ලෝකයේ ජල ජීවී වගාව තුළින් මිරිදිය වගාව වර්ධනය කරන්න මෙවර රජයෙන් 2016 මිලියන 808ක් වෙන් කළා.මිලියන 2435ක් වෙන් කර තිබෙනවා, ජලජීවී වගාවට.ජලජීවී වගාව දියුණු කිරීමට විශාල වැඩකොටසක් සිදු කරනවා.නව තාක්ෂණය අනුව ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යා යුතු බවත් ඩිජිටල් තාක්ෂණ මාළු වෙළඳාම කළ යුතුයි. සාගර සම්පතින් සෑම ක්ෂේත්‍රයකම ආර්ථික වර්ධනයක් ඇති කළ හැකියි. ධීවර රක්ෂණය අමාත්‍යාංශය බාරගෙන කටයුතු කළ යුතුයි. අහිංසක ධීවර ජනතාවගේ මුදල් ලබාදීමට කටයුතු කළ යුතුයි.

     

    සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක්- ලෝකයේ අනාගතය සූර්ය බලයයි

    පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක් පිහිටුවීමට බලාපොරොත්තු වාන් බවත් ඉදිරිකාලයේ එල් ඊ ඩී බල්බ කෝටියක් මූලික ගෙවීමෙන් තොරව ලබාදීමට කටයුතු කරන බවත් ලෝකයේ අනාගතය සූර්ය බලය බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    මෙය සතුටුදායක අයවැයක්. අයවැය සමඟ සුබ ආරංචියක් ලැබෙනවා. විදුලි බල පද්ධතියේ ප්‍රධාන හිමිකාරත්වය දරණ ලංකා විදුලි බල මණ්ඩලයට පිච් රේටීන් ආයතනය මඟින් ත්‍රිබල් ඒ ලබාදි තිබෙනවා. අපේ රටේ රාජ්‍ය ආයතනයක් ලබාගත් ඉහළම ශ්‍රේණිය. ලංකා විදුලි බල මණ්ඩලය රටේ ස්ථාවර ඉහල ශ්‍රේණියක් ලබාගෙන තිබෙනවා. සියලු සේවකයන්ට මම ස්තූතිය ප්‍රකාශ කරනවා.ආපදා අවස්ථාවේ දී කැපවීමෙන් කටයුතු කරන සියලු සේවකයන්ට ගෞරවය පිරිනමනවා.

    මේ රටේ විදුලි අර්බුදයක් තිබෙනවා කියනවා. මේ රටේ විදුලි උත්පාදනයට රේගු බදු, වැනි ඉතාම බරපතල බදු ප්‍රමාණයක් ගෙවනවා. පඩු ලබනවා කියන බොහෝ දෙනා හැම ඩීසල් ලීටරයකටම රජයට ගෙවනවා කියලා අමතක කරනවා. විදුලි බිල වැඩි නොකර පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා.පසුගිය කාලයේ ජයග්‍රහන රාශියක් ලබාගෙන තිබෙනවා. සාම්පූර් හී මෙ.වො 500 බලාගාරයක් සැලසුම් කරලා, ටෙන්ඩර් කරන්න පත්තරේ පිටුත් වෙන් කළාට පස්සේ රජය දැනුම් දුන්නා නතර කරන්න. මේ රටට ඉක්මනින් විදුලි බලය ලබාදීමේ වගකීමයි ඉටු කළේ. එය රජයේ තීරණයක්. නැවත එකඟතාවක් ඇති වී තිබෙනවා. බලශක්ති මූලාශ්‍ර සියල්ල එකතු කර ඉදිරියට යන්න පුළුවන් කියලා.


    අපේ රටට ඇති බලශක්ති මූලාශ්‍ර අතරින් සූර්යබලය පිළිබඳ කරුණ ඉතා වැදගත්. අලුත් පුනර්ජීවනයක් ඇතිවී තිබෙනවා මේ ක්ෂේත්‍රයේ. සුළං බලය ඉතාම වැදගත්. ගල් අඟුරු ව්‍යාපාරය එදා පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත්කරගත්තා.අපි ඉදිරිපත් කළ ගල් අඟුරු ටෙන්ඩරයකට නඩුවක්වත් වැටිලා නෑ.අපි සාධාරණව කටයුතු කළා.ටෙන්ඩර් පටිපාටිය රට තුළ විනිවිදභාවයෙන් කටයුතු කළා. බලශක්ති ඉල්ලුම සියයට 5%කින් වැඩි වෙනවා. බලශක්තිය නිෂ්පාදනය කිරීම වගේම අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුයි.ඉදිරිකාලයේ එල් ඊ ඩී බල්බ කෝටියක් මූලික ගෙවීමෙන් තොරව ලබාදීමට කටයුතු කරනවා.සූරබල ක්ෂේත්‍රයේ ප්‍රමිති 17ක් ගැසට් කර තිබෙනවා. පුනර්ජනනීය ක්ෂේත්‍රයේ බදු බොහොමයක් අඩු කර තිබෙනවා. ඉතාම ඉක්මනින් විදුලි බස් විදුලි කාර්වලට මාරු විය යුතුයි.


     ජාතික ධීවර ප්‍රතිපත්තිය ලබන වසරේ පාර්ලිමේන්තුවට...mahinda amara

    කළපු 116 සංවර්ධනයට වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් මේ වනවිට කළපු 10ක් සංවර්ධනය කෙරෙන බවත් වසර අවසානය වනවිට මත්ස්‍ය අපනයනය සියයට 44%ක වර්ධනයක් ළඟා කරගැනීමට කටයුතු කරන බවත් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඉන්දියානු ධීවර ගැටළුව හා යුරෝපා මත්ස්‍ය තහනම අපට විසඳා ගැනීමට තිබුණු විශාල ප්‍රශ්න දෙකයි. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම නිසා විශාල මත්ස්‍ය අපනයක් ලබාගන්න හැකි වුණා. මේ වසර අවසානයේ දී මත්ස්‍ය අපනයනය සියයට 44%ක් දක්වා වර්ධනයක් ළඟා කරගන්න හැකි වෙන බව විශ්වාස කරනවා.

    ඉන්දීය ධීවර ගැටළුව ප්‍රශ්නය, මෙය පරිසර විරෝධි, නීති විරෝධී කාර්යයක්. මේ කාර්යය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. යාත්‍රා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ නිසා ඉන්දීය ධීවර යාත්‍රා පැමිණීම සියයට 50%ක් අඩු වී තිබෙනවා. ඉන්දීයව සමඟ මේ ගැටළුව සුහඳව විසඳා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ.

    ඉතිහාසයේ වැඩිම මුදල ධීවර අමාත්‍යාංශයට ලබාදුන්නා. කළපු 116 සංවර්ධනයට වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. රුපියල් මිලියන 1000ක් ලැබී තිබෙනවා. දැනට කලපු 10ක් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තුළින් විශාල මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමට ලබාපොරොත්තු වෙනවා. පරිසරයට හිතකාමි අන්දමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

    ධීවර ජනතාව ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ධීවරයාට ගෞරවනීය තත්ත්වයක් ලබාදීමට කටයුතු කරනවා. ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කළ යුතුයි. ජාතික ධීවර ප්‍රතිපත්තියක් ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ලබන සතියේ හම්බන්තොට ලංකාවේ පළමු ක්‍රෑබ් සිටි එක ආරම්භ කරනවා.

     

    අඛණ්ඩ හා ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ විදුලි සැපයුමකට පරිවර්තනය විය යුතුයි

    විදුලි බල පද්ධතිය අඛණ්ඩ හා ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ විදුලි සැපයුමකට පරිවර්තනය කළ යුතු බවත් තරඟකාරීත්වය විදුලිබල පද්ධතියට ගෙන ආ යුතු බවත් සාධාරණ මිලකට විදුලිය ජනතාවට ලබාදිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැයශීර්ෂයේ අඳහස් දක්වමින් පැවසීය.

    තිරසර සංවර්ධනය තුළින් රට ඉදිරියට යෑමේදී ධීවර ,තෙල් හා විදුලි බල අමාත්‍යාංශ විශේෂ වැඩකොටසක් කරනවා.පසුගිය රජය කාලේ ධීවරයන්ට වෙඩි කා මැරෙන්න සිදු වුණා. ධීවර කර්මාන්තය ශක්තිමත් වූ යුරෝපා මත්ස්‍ය අපනයට තහනමක් දැම්මා.අද මත්ස්‍ය තහනම ඉවත් කළා. මත්ස්‍ය අපනයනය ඉහළ යනවා.ධීවරයන්ට යටිතල පහසුකම් සපයා දීලා,නවීන තාක්ෂණයෙන් හා දැනුමෙන් ඉදිරියට ගෙන ගොස් නව පෙරළියක් ඇති කළ හැකියි.

    නීත්‍යාණූකූලව ධීවර රස්සාව කරන්න වාතාවරණයක් හදනවා. වෙරළ ඛාදනය නොවන ලෙස ධීවර වරායන් සංවර්ධනය කළ යුතුයි. විදුලි බල පද්ධතිය විශාල පරිවර්ථනයකට ලක් වෙලා. පහැදිළි මඟක් පේනවා. තිරසර සංවර්ධනය ගැන කතා කරන විට තිරසර සංවර්ධනයට විදුලි බලය පරිවර්තනය කළ යුතුයි. තරඟකාරී ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි.විදුලි බල පද්ධතිය අඛණ්ඩ හා ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ විදුලි සැපයුමකට පරිවර්තනය කළ යුතුයි.

     

    එහිදී අඳහස් දැක්වූ විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා -

    නොරොච්චොලේ පරිසර ප්‍රශ්නයට දීර්ග කාලීන විසඳුම් ලබාදී තිබෙනවා. ප්‍රමිතියෙන් ඉහළ ගල් අගුරු ගෙන්වීමට කටයුතු කරනවා. සුළං බාධක තාප්පයක් ගහනවා. ප්‍රමිතියෙන් ඉහළ අළු විකිණීමට කටයුතු කර තිබෙනවා. දීර්ග කාලීන විසඳුමක් ජනතාවට ඉන් ලැබෙනවා.


    උසස් අධ්‍යාපන රජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා-

    සාගර විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ වැදගත් ආයතනයක් ලෙස පිහිටුවිය යුතුයි.ධීවර අමාත්‍යාංශයේ සහාය අවශ්‍යයි. ධීවරයන්ගේ ආරක්ෂාව පිළිබඳව අවබෝධනය නොසළකා හරිනවා. ජීවිත කළමනාකරණය අවශ්‍යයි. කඩමත්ත සංවර්ධනය කරන සැලසුම් හදලා තිබෙනවා. ධීවර බෝට්ටු විශාල ලෙස හානි වෙනවා.

     

    මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා-


    රටකට බලශක්ති ප්‍රතිපත්තිය වැදගත් වෙනවා.විවිධ යෝජනා එනවා බලශක්ති සෛවරීත්වයට හානි කිරීමට. මෑත කාලයේ ඇති වූ හදිසි ආපදා අවස්ථාවේ දී විදුලි බල සේවයකයන්ගේ කැපවීම ගැන ඇගයීමක් තිබෙනවා.


    ඉන්ධන අඩු මිලට ලබාදීමෙන් රුපියල් බිලියන 69ක් පාඩුයි...

    ජනතාව සඳහා ඉන්ධන අඩු මිලට ලබාදීම හේතුවෙන් 2015 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන හැටනවයක පාඩුවක් සිදු වී ඇතැයි ද රටේ ඉල්ලුමට අනුව දිනෙන් දින බලශක්ති ඉල්ලුම වැඩිවෙමින් පවතිනබවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසයි.

    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරිය මෙසේ පැවසුවා.

    ස්පොට් ටෙන්ඩර් විනිවිදභාවයෙන් අනුමත වෙන්නේ. මාර්තු මස වනවිට දිර්ග කාලීන ටෙන්ඩර් පටිපාටියට යනවා.තෙල් එනවිට සම්පල් බලන්න සැලසුම් කර තිබෙනවා. රජය බලයට පත් වහාම තෙල් මිල අඩු කළා.රටේ ජනතවට කාර්යක්ෂම සේවයක් ලබදෙන්න බලාපොරොත්තු වෙනවා.

    රටේ වර්තමානය සළකා බලන විට බලශක්ති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා. පිරිපහදු හදා ගැනීමට සාකච්ඡා කෙරෙනවා.අපේ ආයතනයට අයවිය යුතු මුදල් තියෙනවා.බිලියන 67.8ක් අයවීමට තිබෙනවා.අඩුමිලට ඉන්ධන මහජනතාවට ලබාදීම නිසා පාඩු වී තිබෙනවා, බිලියන 69ක් 2015 සිට.


    මුතුරාජවෙල හා කොළොන්නාව සම්බන්ධ නළ පද්ධතිය අධ්‍යනය කටයුතු ආරම්භ කර තිබෙනවා.කොළොන්නාවට ඉන්ධන පිරිසිදු කිරීමේ පෙරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. වසර 70ක් පරණ එකම නළ මාර්ගයක් තිබෙන්නේ. ඒ නිසා අගල් 12 විෂ්කම්භයක් ඇති නළ මාර්ගය කොටස් වශයෙන් සංවර්ධනය කරගෙන යනවා. මුතුරාජවෙල සිට ගුවන්තොටුපල දක්වා ඉන්ධන නළ මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා

     

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා- ඉන්දීය ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. මේ වනවිට ඉන්දීය ධීවර ප්‍රශ්නය අඩුකර ගැනීමට හැකි වී තිබෙනවා

    විදුලි බිල වැඩි වන්නේ නෑ- මෙගාවෝට් 500ක් ඉතිරි කිරීමේ වැඩපිළිවෙලක්-මිශ්‍ර ජනන සැලැස්මක්


    siyabalaaවිදුලි බිල වැඩි නොකරන බවත් විදුලිය කිසිවිටෙක විදුලිය නොකපන බවත් බලශක්ති සංරක්ෂණයේ දී මෙගා වෝට් 500 ඉතිරි කරන්න බලාපොරොත්තු වන බවත් කසළවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් මේ බව සඳහන් කළා.

    මේ විවාදය විපක්ෂය සතුයි. විපක්ෂයේ මන්ත්‍රීවරු සහභාගී නොවීම විශාල අඩුපාඩුවක්. අලුත් යෝජනා ගේන්න තියෙන්නේ විපක්ෂයටයි. පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමි කාර්යභාරය පැහැරහැරීමක් ලෙස දකිනවා. මේ රට සියයට සියයක් විදුලිය ලබාදුන්න රටක්. ඉන්දියාව සියයට 79%යි. අපි 99.7%ක් ලබාදී තිබෙනවා. නිවසෙන් නිවසට ගණන්  හදලයි මේ 99.7% ගණනය කරන්නේ. විදුලි බල සේවකයන් 6800ක් සිටියා සේවය ස්ථීර  නැතිව, මෙම 6800ම ස්ථීර සේවයට ඇතුළත් කර ගත්තා.

    අපි අද සූර්යබල සංග්‍රාමය ආරම්භ කරලා, මෙ.වො.100 අනුස්මරණය කළා. මීට කලින් ආරම්භ කළ යුතු වැඩපිළිවෙලක් ලෙස දැක්කා. දිළිදුකම පිටුදැකීමේ ව්‍යාපෘතියක් ද මේ හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ වහලය සූර්ය බලය සඳහා කුලියට දී ආදායමක් උපදවා ගන්න පුළුවන්.


    අලුත් ව්‍යාපාරික ප්‍රජාවක් විදුලිබල ක්ෂේත්‍රයට හඳුන්වාදීමට කටයුතු කළා. විවිධාකාර ලෙස මේවා දකිනවා. විප්ලවකාරි ලෙස තීරණ ගන්න හැකිවී තිබෙනවා. සූර්යකෝෂ සඳහා ප්‍රමිතීන් 17ක් හඳුන්ව දී තිබෙනවා. විවෘත තරඟය නිසා මිල අඩු කිරීමක් කරන්න හැකි වුණා.

    ගල් අඟුරු මිලදී ගනීම මීට පෙර වැඩියෙන් කතා කළේ. අද කතාවක් නෑ. අද සැපයුම්කරුවන් 24ක් ඉන්නවා.මේ රටේ රාජ්‍ය මිලදී ගැනීම් අතර දැවැන්ත මිලදී ගැනීමක්.නොරොච්චෝලේ ක්‍රියාත්මක වෙනවා. මාස ගණන් වැසුවා. ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු ගේන්නේ. අළු වර්ග විකුණනනවා. මාර්ග සංවර්ධනයට අළු ලබදෙනවා. සුළං බාධකය ආරම්භ
    කරනවා.

    ස්වාභාවික ද්‍ර වායු වලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ සිහිනයක් තිබුණා.පළමු බලාගාරය කැඳවා ටෙන්ඩරය පිරිනමන්න හැකි වෙයි.එල්.එන්.ජී.පර්යන්තය පළමුවරට අනුමතකර තිබෙනවා,තරඟකාරී ලෙස මිල ගණන් කැඳවන්න.මෙ.වෝ.40ක් කසළවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්මාන්තය සඳහා අඩු මිලට
    විදුලිය ලබදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා.

    බලශක්ති සංරක්ෂණයේ දී මෙගාවෝට් 500 ඉතිරි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවනු ලබුවා.එල්.ඊ.ඩී.බල්බ ලබාදෙනවා. විදුලිය පිළිබඳව අභියෝගයක් තිබෙනවා. අර්බුදයක් නෑ.අපිට අනාගතය දී අන්හියෝග කළමනාකරගනිමින් ඉදිරියට යා හැකියි.

    විසඳිය නොහැකි යැයි කියපු වැටුප් විෂමතාවයට විසඳුමක් සොයාදීමට හැකි වෙනවා. අෆ්ගනිස්ථානය දිනකට පැය 4ක් විදුලිය කපනවා. ඉන්දියාවේ දිනකට පැය 6ත් 4ත් අතර විදුලිය කපනවා. අපි සියලු අභියෝග මැද්දේ විදුලිය කපන්නේ නෑ. විදුලි ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කරනවා. 2050 දී පූර්ණ කාබන් හරණය කළ නිෂ්පාදන වැඩපිළිවෙලකට යන්න බලාපොරොත්තු වෙනවා. නිවාස දස ලක්ෂයක වහල සූර්ය පැනල සවි කරන්න බලාපොරොත්තු වෙනවා. විදුලි අඛණ්ඩව සැපයීමට බිලියන 60 අවශ්‍ය වුණා. අපි විදුලිය කැපුවෙත් නැතුව, බිල වැඩි කරන්නෙත් නැතිව බිලියන 6යි ගත්තේ. රජයට බිලියන 54ක් ඉතුරු කළා. සුළි සුළඟ නිසා බිද වැටුණා නිවස දස ලක්ෂයක විදුලිය බිද වැටුණා.අපි විදුලි බිල වැඩි කරන්නේ නෑ.මිශ්‍ර ජනන සැලැස්මක් බලශක්ති පිරිමැස්මට ඉතාම වැදගත්''

     

    පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් - ඉන්ධන මිල වැඩි නොකරන්නේ ඉදිරි මැතිවරණය නිසා නොවෙයිarjuna a

    බස් රථ සඳහා භූමි තෙල් ලබ නොදෙන ලෙස දන්වා තිබෙන බවත් එවැනි තෙල් නිකුත් කරන තෙල් පිරවුම් හල්වල බලපත්‍ර අවලංගු  කිරීමට පියවර ගන්නා බවත් පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    මහජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමයි වැදගත් වන්නේ.තෙල් මිල අඩු කළා. ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. තෙල් මිල වැඩි කරන්න ඉල්ලීමක් තිබුණා. රජයක් ලෙස එකඟ වුණේ නත්තේ, මහජනතවට බර වැටෙන නිසා. ඉදිරියේ මැතිවරණය බලාගෙන නොවේ,මහජනතාවට වැඩිවන බර නිසයි ඉන්ධනමිල වැඩි නොකරන්නේ. පාඩු ලබගෙන තිබිය දීත් මිල මෙලෙසම ක්‍රියාත්මකකරගෙන යන්නයි.

    ඉන්ධන අලෙවියේ දී භූමි තෙල්වලින් පාඩු ලබනවා.පිරවුම් හල්වලට දැනුවත් කර තිබෙනවා, බස්වලට භූමි තෙල් ලබා දෙන්න එපා කියලා. එවැනි තෙල් නිකුත් කරන තෙල් පිරවුම් හල් බලපත්‍ර අවලංගු කිරීමට ජනවරි මස විට දැඩි පියවර ගන්නවා.

    බිලියන 67ක් පමණ රාජ්‍ය ආයතනවලින් ලැබීමට තිබෙනවා.බාල තෙල් ගෙන ඒමේ ක්‍රමය නවත්වා ගැනීමට සිදු වුණා. තෙල් වර්ජනයක් කියලා මහජනතාව කැළඹීමට ලක් කරනවා. ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. ටෙන්ඩර් පටිපාටියෙන් පිටට ගිහිල්ලා තෙල් ගන්නවා නම් ජනතාවට වැරදි දෙයක් වෙන්නේ. ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ෆෙස් බුක් වලත් විශාල ප්‍රචාරයක් ලබාදුන්නා.


    දෙවැනි අවස්ථාවෙත් මෙවැනි මුහුණදීමට සිදු වුණා. මෙය ඇති කළ අය සොයන්න කියලා තිබෙනවා. අදවන විට පරීක්ෂණ සිදු වෙනවා.ඉන්ධන ටැංකිවල අඩුපාඩුවක් තියෙනවා.මස හතරක් ඇතුළත මෙ.ටොන් 15,000ක ටැංකියක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.මුතුරාජ වෙල ගුවන් යානා ඉන්ධන ටැංකි ඉදිකිරීමට කටයුතු කරමින් යනවා.

    විශාල මුදලක් පෙට්ට්‍රල් ඩීසල් සඳහා පිටරට ට මුදල් යනවා.ලාභදායි ආයෝජකයෙක් ලබාගෙන පිරිපහදුව හදන්න හැකිවෙවි.සපුගස්කන්ද පිරිපහදුව හදන්න රජයෙන් මුදල් ලබාගන්න අමාරු නිසා ආයෝජකයෙක් ලබාගන්න කටයුතු කරන්නේ.ඕනෑම බොර තෙල් භාවිතා කළ හැකි පිරිපහදුවක් හදාගැනීමයි බලාපොරොත්තුව. මන්නාරම් ද්‍රෝණීයේ කැනීම් ගැන අවධානයෙන් සිටිනවා. ගෑස් ප්‍රතිපත්තිය සකස් කිරීම දැනට සාකච්ඡා කරගෙන යනවා.ටෙන්ඩර් මාෆියාව නවත්වන්න පියවර ගෙන තිබෙනවා. පිරවුම්හල්වල තෙල් කළවම්කරන සිදුවීම් වාර්තා වුණා. පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා.

     

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා- පිළිතුරු කතාව...

    වරායන් විකිණීමක් සිදුවන්නේ නෑ. ධීවර කර්මන්තයත්,සංචාරක කර්මාන්තයත්,  රටට ආදායම් ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රමයන්. ධීවර ජනතාව අසීරු රාජකාරියක් කරන්නේ.ධීවර ජනතාවට නිසි ආදායමක් ලබා දෙන්න කටයුතු කරනවා. රජය ගානේ සියලු ධීවරයන් රක්ෂණය කර තිබෙනවා.

    බෝට්ටු රක්ෂණයේ දී ගැටළුවක් තිබෙනවා. සාර්ථක ක්‍රමයක් ගැන සොයා බලනවා.යාත්‍රා රක්ෂණය විධිමත් කරන්න කටයුතු කරනවා. රක්ෂණ සමාගම් අතර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ධීවර බෝට්ටු සඳහා සියයට 50%ක සහනාධරයක් ක්‍රියාත්මක කරනවා.බෝට්ටු නවීකරණයට මුදල් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. උතුරේ වරායන් තුනක් අලුතින් හදනවා. සැම ධීවරයන්ට ආරක්ෂිත කබා ලබා දී තිබෙනවා. මිරිදිය ධීවර ක්ෂේත්‍රයට 2017වසරේ දී මිලියන 2400ක් ලබා දී තිබෙනවා.

     

    ප්‍රභාත් රත්නායක
    පාර්ලිමේන්තුවේ සිට...

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya