අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පාර්ලිමේන්තුවෙන්..ජනතාවට සෞඛ්‍ය සේවය තුළ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදී තිබෙනවා.. ආයුර්වේද වෛද්‍ය සභාවක්..2020 වනවිට උදා ගම්මාන 2500ක්...

    දෙසැම්බර් 04, 2017

    ජනතාවට සෞඛ්‍ය සේවය තුළ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදී තිබෙනවා...

    ආයුර්වේද වෛද්‍ය සභාවක්...

    අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක්...

    බෝ නොවන රෝගවලින් මිය යන ප්‍රමාණය 2025 වනවිට අඩු කිරීමට සැලසුම්...

    2020 වනවිට උදා ගම්මාන 2500ක්...

    විසර්ජන පනත් කෙටුම්පත විවාදය අද දහනව වැනි දිනය දෙසැම්බර් මස (04)


    විසර්ජන පනත් කෙටුම්පත විවාදය අද (4) දහනව වැනි දිනයටත් ආරම්භ වුණා. සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ඇති වැයශීර්ෂ විවාදට ගත්තා. කතානායක කරූ ජයසූරිය මහතා මූලාසනයට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.

     

    වාචික ප්‍රශ්නය අවස්ථාව...

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසූ පැනයට පිළිතුරු දෙමින් ජල සම්පාදන රජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නංවා ඇති ජල ව්‍යාපෘති පහක් බව සඳහන් කළාය.බදුල්ල හා ඇල්ල ප්‍රදේශයේ පවුල් එක්ලක්ෂ දස දහසකට ජල ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් සඳහන් කළේ ය.

     

    මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා- තාම ව්‍යාපෘතිය ආරම්භ කර නෑ..

    අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය- මම සොයා බලන්නම්.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා- ඡනදය ලබාගන්න ෆොම් පුරවනවා. ඡනදයට කලින් ජල සැපයුම
    දෙන්න කටයුතු කරන්න.

    අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය- සොයා බලා කටයුතු කරන්නම්

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා-මහා පරිමාණ පතල් කරුවන්ට වගේම කුඩා පතල් කරුවන්ට ඉඩ දෙන්න

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ ඒ විජේතුංග මහතා- මැණික් ලර්මාන්තය පිරිහිලා. රත්නපුර දිස්ත්‍රික්කය අවසරණ වෙලා, තේ කර්මාන්තය හානිවෙලා. වගකිව යුතු තැන්වලට දන්වලා සුළු කර්මාන්තකරුවන් ගොඩදාන්න.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-අද තේ වලට හොඳ මිලක් ලැබෙනවා. තේ කර්මාන්තය හොඳ ත්ත්ත්වයක  තියෙනවා. වැරදි චිත්‍රයක් යනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත  සංශෝධනය කිරීමට සහ සංකල්පීය පත්‍රිකා සැකසීමට කිසිදු මුදලක් ගේවා නොමැති බවය.


    අයහපත් කාලගුණයෙන් සිදු වූ හානිය අවම වුණේ දැනුවත් කිරීම නිසයි- සභානායක

    kiriellaකොපමණ නවීන උපකරණ ගෙනාවත් ස්භාවධර්මය සමඟ සටන් කිරීමට නොහැකියි.අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දිගින් දිගටම සිදු කළ දැනුවත් කිරීම් නිසා ජීවිත හා දේපළ හානිය අවම කරගැනීමට හැකි වූ  බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    පසුගිය දිනවල රටේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා  ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය

    ''කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් කර තිබෙනවා. විශේෂ කාලගුණික නිවේදනයක් ඉදිරි පැය 18 නිකුත් කරමින් ධීවර ප්‍රජාව දැනුවත් කර තිබෙනවා.දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු රළුවිය හැකි වීම හා තද සුළං ඇතිවීම පිළිබඳව ජනතාව දැනුවත් කර තිබෙනවා.''

    ''බෙංගාල බොක්කේ කැළඹිලි තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමක් සිදු වී නැත. මේ පිළිබඳව අනතුරු  ඇගවීම් කර තිබෙනවා. ඉන්දියානු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිවේදනයක් නිකුත් කර  තිබෙනවා.ලෝක කාලගුණවිද්‍යා සංවිධානය මඟින් හා අනෙකුත් ආයතන තොරතුරු මඟින් සුළි සුළඟක් වන  බවක් වාර්තා කර නෑ. ''

    ''ආපදා තත්ත්වයක් සිදුවීමෙන් ජීවිත හානි අවම කරගැනීමට හැකි වූයේ දැනුවත් කිරීම තුළිනි. ධීවර ජනතාවගේ  දේපළ ජීවිත බේරාගැනීමට හැකි වුණේ දැනුවත් කිරීම මඟින්. පක්ෂ නායක රැස්වීමක් කැඳ වූවා. විදුලි කටයුතු  යථත්ත්වයට පත් කරන ලෙස උපදෙස් දුන්නා. අනාවැකි දියුණු කිරීමට කටයුතු කරනවා. ආපදා අවම  කිරීම්,ආපදාවකට මුහුණු දීම, ලබාදිය යුතු සේවාවන්, ඒකාබද්ධ වැඩසටහන් අපවත්වා ක්‍රියාමාර්ග ගෙන  තිබෙනවා.''

    ''නාය යැම් ප්‍රදේශවලින් පුද්ගලයන් 14860 ඉවත් කර ආරක්ෂිත ස්ථානවලින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල  අනුමැතිය අරන් අවසන්. මිලියන 2.5 ක නිවාස වන්දියක් ගෙවනු ලබනවා. සුළු හා මධ්‍යම පරිමාණ  කර්මාන්තකරුවන්ට වන්දි ලබාදෙනවා.''

    නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා- වන්දි සඳහා උපකරණ රක්ෂණය කරන වැඩපිළිවෙලක් ආරම්භ කර  තිබෙනවා. එය ජනතාවට ලබාදී ඇති අයිතියක්. රක්ෂණ වන්දි ගැන දැනුවත් කරන්න. විශාල දේපළ හානියක්  තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා- පැය දොළහක් තුළ රුපියල් 10,000ක වන්දියක් ලබාදෙන්න කටයුතු  කළා. හානියට දස දහසට අඩු නම් එම අත්තිකාරමත් ලබාගන්න පුළුවන්

     

    වැයශීර්ෂ විවාදය ඇරඹේ...

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා-

    නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සුබ පතනවා. ලබන වසරේ බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් කර ඌව විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයක් කිරීමෙන් වෛද්‍ය හිඟයට  පිළියම් යොදන්න පුළුවන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලක් බවට පත් කරන්න.ඩෙංගු මදුරු අභියෝගය රටක් හැටියට බාර ගෙන අඛණ්ඩ වැඩපිළිවෙලක් දියත් කළ යුතුයි.බෝ නොවන රෝග වර්ධනය වෙමින් පවතිනවා

    සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා-

    කරාපිටිය වෛද්‍යපීඨය දැනට සිටින සිසුන් 140ක ප්‍රමාණය 300 දක්වා පුළුල් කිරීමට පියවර ගන්නවා. එය  පුළුල් කරනවා. පානදුරයට විශේෂ රෝහලක් ගේනවා. පහසුකම් සහිතව. අංග සම්පුර්ණ හෙඳ පීඨයක් ආරම්භ  කරනවා. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෙනම පීඨයක් ආරම්භ කරනවා. අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම  පීඨයක් හදන්නට කටයුතු කරනවා.

    නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා-

    නාගොඩ රෝහල ශික්ෂණ රෝහලක් කිරීමේ යෝජනාව වැදගත් පියවරක්

    අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක්- කරාපිටියට සිසුන් 300ක්

    අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක් ආරම්භ කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැක් වූ අඳහසකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    මෙම පීඨය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිහිටුවීමට බලාපොරොත්තුවන බවද පැවසූ අමාත්‍යවරයා, කරපිටිය වෛද්‍යපීඨයට බඳවා ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවත් එය 300 දක්වා වැඩි කිරීමට  කටයුතු කරනවා.  

    ආයුර්වේද 615කට පත්වීම් ලබාදී තිබෙනවා. මේ සියලු අය උපාධි ලබා රැකියා නොමැතිව සිටි අය.  

     

     

    2025 වනවිට බෝ නොවන රෝගවලින් මිය යන සංඛ්‍යාව සියයට 25%කින් අඩු කිරීමට පියවර...rajitha aa

    දුම්බීම පාලනය කිරීමට රජය දැඩි ප්‍රතිපත්තියක සිටින බවත් ඉදිරියේ දී තනි සිගරට්ටුව විකිණීම තහනම් කරන බවත් දැනට සියයට 75%ක් බෝ නොවන රෝගවලින් මිය යන සංඛ්‍යාව සියයට 25%ක් දක්වා 2025 වනවිට අඩු  කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය

    බෝ වන රෝග පෝළියෝ රෝගයෙන් නිදහස් වුණා. ළාදුරු රෝගයෙන් නිදහස් වුණා. මැලෙරියා රෝගයෙන් නිදහස් වුණා. එන වසරේ සරම්ප හා රුබෙල්ලා රෝගයෙන් නිදහස් වෙයි කියලා. පිස්සු බලු රෝගයෙන් නිදහස් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එච්.අයි වී කලාපයේ අඩු මට්ටමක තිබෙන්නේ. ඩෙංගු කෙටි කලකින්  මර්ධනය කරගන්න හැකි වුණා. විශාල ක්‍රියාමර්ග ගත්තා.

    ඩෙංගු මර්ධන සහායකයින් 1500ක් බදවා ගත්තා. විශාල වැඩකොටසක් ගත්තා. අප ඩෙංගු රෝගීන් 7000 දක්වා  පාලනය කළා. සියයට 25%ක් බෝ නොවන රෝගවලින් මිය යන ප්‍රමාණය 2025 වනවිට අඩු කිරීමට  බලාපොරොත්තු වෙනවා. නොයෙක් ක්‍රියාමාර්ග ගත්තා. දුම් බීම අවම කිරීමට විශාල අරගලයක් කළා. සියයට  80%ක රූපමය අවවාද කළා. සියයට 90%ක වැඩිම බදු ප්‍රමාණයක් සිගරට්වලට ගැහුවා.දුම් කොළ අංශය ඉතාම  ප්‍රබලයි.මේ අය මුදල් වියදම් කරනවා.දුම් වැටි බිලියනයක් අඩුවෙලා තියෙනවා,තහනම් කළාට පස්සේ.පාසල්  අවට දුම් වැටි විකිණීම තහනම් කරනවා. තනි සිගරුට්ටුව විකිණීම තහනම් කර තිබෙනවා. දුම් කොළ වගාව  තහනම් කරනවා. රජය දැඩි ප්‍රතිපත්තියක සිටිනවා දුම් බීම පාලනය කිරීමට.මේ ක්‍රියා සාර්ථකව කටයුතු කරන්න  හැකි වුණේ යහපාලන රජයේ සිටින ජනාධිපතිතුමා නිසයි.

    සීනි සඳහා ට්‍රෆික් ලයිට් සිස්ටම් එක ගෙනවා.මේ වසරේ ඉල්ලීම පිට සීනි වලට බදු ගැසීමට.මෙවැනි වැඩපිළිවෙල  ලුණු සහ මේදයටත් ගේනවා.

    සියලු ප්‍රතිකාර අප නිදහස් කරගත්තා.අද අප නිදහස් සෞඛ්‍ය නියම තැනට ගෙනාවා.මිලියන 4727ක් පිළිකා  රෝගීන්ට වියදම් කර තිබෙනවා. අද මේ සියලු රෝගීන් ජීවත් වෙනවා. අක්ෂි කාච,හෘද ස්ටෙන්ට් වර්ග නොමිලේ  ලබදී තිබෙනවා. මිලියන 324ක් වියදම් කර තිබෙනවා. එදා පිළිකා ඖෂධවල විශාල ජාවාරමක් තිබුණා. අක්ෂි  කාච දැමීම වැඩි වෙලා තිබෙනවා. අක්ෂි කාච දැමීම ජයවර්ධන රෝහලෙත්, නෙවිල් ප්‍රනන්දු රෝහලේ ප්‍රතිකාර  ලබාදීමට බලපොරොත්තු වෙනවා.දුප්පත් රෝගීන්ට සියලු සේවා ලබදෙනවා. වත්මන් ජනාධිපතිතුමාගේ කාලයේ  නියම නිදහස් සෞඛ්‍ය සේවය අද ඇති වී තිබෙනවා. බෝ නොවන රෝග අඩු මට්ටමකට ගෙන ඒමට  බලපොරොත්තු වෙනවා.පන්දහසකට එක් වෛද්‍යවරයෙක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා.


    සිගරට් අරක්කු වලින් රාජ්‍ය ආදයම වර්ධනය කිරීම සුදුසු වන්නේ නෑ - ජනතාවට සෞඛ්‍ය සේවය තුළ විශිෂ්ඨ
    ප්‍රතිඵල ලබාදී තිබෙනවා

    he parliddපුළුල් ලෙස මත්ද්‍රව්‍ය මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවත් බියර් හෝ අරක්කු භාවිතය සඳහා සහන දීම සුදුසු නොවන බවත් සිගරට් අරක්කු වලින් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සුදුසු වන්නේ නැති බවත් නිදහස් සෞඛ්‍ය සේවය,නිදහස් අධ්‍යපනය හා කෘෂිකර්මාන්තය නැංවීමට රජයක් හැටියට කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා අද (4) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමිනි.

    නිවාස සංවර්ධන වැඩසටහන කාර්යශූරව ඉටු කරන දක්ෂ ඇමැතිවරයෙක් සිටිනවා. ජාතික නිවාස සංවර්ධන වැඩසයහන සාර්ථකව කරගෙන යෑම ගැන සැමට ස්තූතිවන්ත වෙනවා. නිදහස් සෞඛ්‍ය සේවයෙන් බලාපොරොත්තු  වන්නේ නිරෝගීමත් ජනතාවක් සඳහා සහයෝගය සඳහායි. මිනිසාට ඇති ධනය නිරෝගි කම කියා බුදු හිමියන් දේශනා කර තිබෙනවා. අධ්‍යාත්මික වශයෙන් රටක සතුටින් සිටින මිනිසුන් සිටීම රටක අධ්‍යාත්මික සංවර්ධනයයි.

    මේ රටේ ජනතාවට සෞඛ්‍ය සේවයේ අධ්‍යාපනයේ බරක් නෑ. අප විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දී තිබෙනවා. මේ කාල සීමාව තුළ සෞඛ්‍ය සේවය නිදහසේ සිදු කරන්න ලැබූ පිංවන්ත ඇමැතිවරයෙක්. අද ජනාධිපතිවරයාගේ නිදහස මත සම්පූර්ණ නිදහසේ වැඩකරන්න  සෞඛ්‍ය අමාත්‍යවරයාට අවස්ථාව ලැබී තිබෙනවා.


    සෑම ඇමැතිවරයකුටම වැඩකරන්න අවශ්‍ය නිදහස ආශිර්වාදය මා ලබාදී තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය තුළ හොඳ ප්‍රතිඵල ලබා දී තිබෙනවා. මම සෞඛ්‍ය ඇමැතිවරයා කාලේ පිළිකා රෝගියකුට දුන්නේ ලක්ෂ 15යි. මම වැඩි කරන්න උත්සහ කළා. අපි සතුටු විය යුතුයි, අපිට හොඳ හෙද,වෛද්‍ය, අතුරු වෛද්‍ය සේවයක් තිබෙනවා. අන්තර්ජාතික වශයෙන් කීර්තියක් අපේ සෞඛ්‍ය සේවයට තිබෙනවා. මේ කාලසීමාව තුළ, වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබන 06 වෙනිදා කෝටි 1200ක වකුගඩු රෝහල හා පර්යේෂණ අංශයක් ආරම්භ කරනවා. 
    චීන රජයට ස්තූතිවන්ත වෙනවා. එහි වැඩ කටයුතු පටන් ගන්න පුළුවන්.

    ජනාධිපති කාර්යසාධක බලකාය පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවේ ඉල්ලීමක් කළා ව්‍යාෂ්ඨික තාක්ෂණය හරහා කෙරෙන සේවය පිළිබඳව අවබෝධතා ගිවිසුමක් ආරම්භ කරන්න. අපි ලබාදීලා තිබෙනවා, ජල පිරිසිදු කිරීමේ යන්ත්‍ර. විශාල වශයෙන් සේවා සකස් වෙනවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් පුළුල් කාර්යභාරයක් ඉටු කිරීමට කටයුතු කරනවා.

    පුළුල් ලෙස මත්ද්‍රව්‍ය මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා.දුම්බීම විශාල ලෙස අවම කරන්නට හැකිවුණා. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය තුළ බියර් වේවා අරක්කු වේවා භාවිතය සඳහා සහන දීම සුදුසු වන්නේ නෑ. සිගරට් අරක්කු වලින් රාජ්‍ය ආදායම වර්ධනය කරීම සුදුසු වන්නේ නෑ. හෙළ වෙඳකම පිළිබඳව විශාල වැඩකොටසක් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. නිදහස් සෞඛ්‍ය සේවය,නිදහස් අධ්‍යපනය හා කෘෂිකර්මාන්තය නැංවීමට රජයක් හැටියට කළ හැකි සෑම දෙයක්ම කරනවා. රජයක් ලෙස රටේ සියලු අංශවල සංවර්ධනයේ දී ප්‍රමුඛත්වය වන්නේ දුප්පතුන් වෙනුවෙන් සියලු සුබසාධනය ක්‍රියාත්මක කිරීමයි.ජාතික සංවර්ධන ඉලක්ක ජයගැනීමට කැපවීමෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අයවැය අගය කරනවා

     

    නිවාස වැඩසටහන සම්ප්‍රදායකට කොටු වූවක් නොවෙයි- 2020 වනවිට උදා ගම්මාන 2500ක්sajith

    නිවාස වැඩසටහන සම්ප්‍රදායකට කොටු වූ වැඩසටහනක් නොවන බවත් වසර 2020 වනවිට උදා ගම්මාන 2500ක්  ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවත් මොහොත වන විට ගම්මාන 504ක් ඉදිකරමින් පවතින බවත්  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමින් පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී  ය.

    මෙතෙක් නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ පැහැදිළි ඉලක්කයක් නොමැතිවයි. 2015 හැකි වුණා, පැහැදිළිව  සංගණනය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න. මෙතෙක් නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ පැහැදිළි  ඉලක්කයක් නොමැතිවයි. 2015 හැකි වුණා, පැහැදිළිව සංගණනය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න. 2,16,000ක්  නිවාස හෝ ඉඩමක් නැතිව ඉන්නවා. අපේ රටේ නිවාස ප්‍රශ්නයෙන් පවුල් ලක්ෂ 25ක් නිවසක් නොමැති  පීඩනයෙන් ලතවෙන වා. අපි අලුත්ජාතික නිවාස ප්‍රතිපත්තියක් සකස් කළා.

    ජනතවගේ සෘජු විසඳුම් ලබාදෙන  නිවාස ප්‍රතිපත්තියක් එළිදක්වා තිබෙනවා. කැබිනට් අනුමතිය සමඟ නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න  බලාපොරොත්තු වෙනවා. රජය නිවාස ප්‍රශ්නය විසඳීමට සුවිශාල දායකත්වයක් ලබාදී තිබෙනවා.මේ වසර තුනක  කාලය තුනක කාලය තුළ ලක්ෂ එක්ලක්ෂ හැත්තෑපන්දහස් හතළිස් එකක් වියදම් කර තිබෙනවා. උදා ගම්මාන  වැඩසටහන උසස් ඉලක්ක කරා යමින් සිටිනවා. දැවැන්ත උදා ගම්මාන වැඩසටහන ගම්මාන 500ක් හා වසර  2020 වනවිට තවත් ගම්මාන 2000ක් සමඟ උදා ගම්මාන 2500ක් ආදරණීය ජනතාව වෙත පූජා කරන ප්‍රතිඥාව  මත මේ මොහොත වන විට ගම්මාන 504ක් ඉදිකරමින් පවතිනවා.නිවාස ප්‍රශ්නයෙන් පීඩා විදින ජනතව වෙත  නිවාස ලබාදීමයි.නිවාස කපරාරු නොකළ නිවාස ලක්ෂයකට ආධර කර තිබෙනවා.

    උදා ගම්මානවලට අමතරව,  උදා කළ ගම්මාන නිර්මාණය කිරීමේ ලක්ෂ 2600ක මූල්‍ය ආයෝජනයක් සිදු කර තිබෙනවා. විසිරුණු නිවාස  ගැටළු විසඳන්න කටයුතු කර තිබෙනවා. විසිරි නිවාස ණය ලක්ෂ 92460ක් රජය කැප කර තිබෙනවා. උතුරේ  නිවාස අහිමි වූ ජනයා වෙනුවෙන් 2017 දී උදා ගම්මාන 49ක් නිර්මාණය කරලා පවුල් 2500කට සෙවණ ලබාදීම
    ආරම්භ කර තිබෙනවා. 2018 ලක්ෂ 30,000ක් උතුරේ නිවාස වෙනුවෙන් කැප කරනවා. ග්‍රාම ශක්ති ගම්මාන  51ක් සහිත උදා ගම්මාන වැඩසටහන එකතු කරගෙන තිබෙනවා. නිවාස වැඩසටහන සම්ප්‍රදායකට කොටු වූ  වැඩසටහනක් නොවේ. විදේශ ආධාර මතත් නිවාස වැඩසටහන ශක්තිමත් කරනවා.ඉන්දීය රජය රුපියල් ලක්ෂ  6000ක් ලබාදීම ගැන ඉන්දීය අගමැතිතුමාට ස්තූතිය පිරිනමනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී. එස්. ශිවමෝහන් මහතා- උතුරේ නිවස ගැටලුව පිලිබඳව අවධානය යොමු කරන්න


    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා- මිලියන 3000ක මුදලක් රජයේ වෙන් කර තිබෙනවා. උතුරු නැඟෙනහිර පළාතේ ජනතාවගේ නිවාස සඳහා ආයෝජනය කරනවා. ලබන වසර මුල සිට කටයුතු ආරම්භ කරන්න කටයුතු කරනවා.ඉඩම් ටික නිදහස් කර දෙන්න.

    මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා-

    විශාල නිවාස සංගාමයක් රටේ ඇති වුණා.අද 2017 වසර අවසන් වන විට උදාගම්මාන 504 ආරම්භ කර අවසන්. 2015 ජනවාරි 08 පස්සේ පසුගිය කාලයේ සිදු වූ අක්‍රමිකතා කතා කළා. මේ සම්බන්ධව ගෙන තිබෙන ක්‍රියාමාර්ග  මොනවාද? වාහන අත්තිකාරම් හා කුලී පදනම මත ගත්ත අක්‍රමිකතා තිබෙනවා. මේවා සම්බන්ධව කතා කළා.එදා  නිවාස හදලා පවුලේ අයට දුන්නා. රට තුළ සංවර්ධනය කියන්නේ මාධ්‍ය සංවර්ධනයක් නොවේ. දැවැන්ත  වැඩසටහනක් නිවාස අමාත්‍යාංශය අරගෙන යනවා.


    මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා-
    සෞඛ්‍ය අංශ අභියෝගාත්මක තත්ත්වයක සිටිනවා. සයිටම් ප්‍රශ්නයක් තිබුණා.ඩෙංගු රෝගීන් වැඩියෙන් මේ වසරේ වාර්තා වුණා.යපනය දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය වැඩියෙන් වාර්තා වුණා

    තපැල් හා තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා-

    කටුගස්තොට රෝහල වැඩි දියුණු කළ යුතු රෝහලක්. මහනුවර රෝහලට රොක් වන ජනතාව සීමා කරගන්න හැකි වෙනවා. මහජන සෞඛ්‍ය සේවා පුරප්පාඩු බොහොමයක් ආසනවල තියෙනවා. ඩෙංගු රෝගය වැස්ස නිසා වර්ධනය වෙනවා. මේ ගැන කඩිනම් අවධානය යොමු කරන්නන්න.සෞඛ්‍ය සේවය විශිෂ්ඨ සේවයක් කරන අමාත්‍යවරයට ස්තූතිය පිරිනමනවා

    පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා-

    අපගේ වැරදි පාරිබෝජනය හා ජීවන රටාව නිසා ලෙස වූ ජාතියක් බවට පත්වෙලා. බෝ නොවන රෝග අපේ රටේ පිළිකාවක් බවට පත් වෙලා. බරපතල ප්‍රශ්නයක් තියෙනවා.වානිජ කරණයට,මුදල් සර්පයා විසින් ගිලගෙන අවසන්. සියලු පළතුරුවලට කල්තබාගැනීමට සෞඛ්‍යයෙන් බැහැර වූ විෂ වර්ග යොදා ගන්නවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න මහත්මිය-

    දරුවන් පාසල් තුළ වැරදි කෑම වලට පුරුදු වෙනවා. ආහාර ප්‍රතිපත්තියේ වෙනස් කම් කරන්න ඕන. අණ පනත් යාවත්කාලීන කළ යුතුයි. දරුවන් අතර ස්ථූලතාවය හා සීනි වැඩි වෙලා. පාසල් දරුවන් මත්වතුර සඳහා යොමු වීම ගැන අවධානය යොමු විය යුතුයි. පාසල් දරුවන් අතර මුඛ පිළිකා තිබෙනවා. වැරැදි ඇබ්බැහිවීම් තිබෙනවා.



    ආහාරයට ගන්නා තෙල්වල ප්‍රමිතිය සොයාබැලීමේ පිළිවෙලකට යා යුතුයි

    ජනතාව ආහාරයට ගන්නා තෙල් සම්බන්ධයෙන් ප්‍රමිතිය සොයාබැලීමේ පිළිවෙලකට යා යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.

    ඖෂධ 48 මිල අඩු කිරීම ගැන සතුට පළ කළ යුතුයි.අද වනවිට අත්‍යාවශ්‍ය බෙහෙත් ටික ලබාගන්න හැකි වී තිබෙනවා. අද බෝ නොවන රෝග පිළිබඳ අභියෝගය ඉතා ම බරපතලයි. දැනුවත් කිරීම හා ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. දියවැඩියාව පාසල් දරුවන්ට වැළදෙන්න පටන්ගෙන තිබෙනවා. පැණිරස හා තෙල් කෑම පාලනය කළ යුතුයි. අධික සීනි රසකාරක බීම පාලනය කිරීම කළ හැක්කේ මිල වැඩි කිරීම තුළයි.මේ ගැන දැනුවත් කළ යුතුයි. ගුණදායි කෑම පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි.විවිධ කිරිපිරි වර්ග තියෙනවා. රූපවාහිනී දැන්වීම් යනවා.ජනතාවට අවබෝධයක් නෑ. කිරිපිටිවල අදාළ ගුණය තියෙනවාද කියලා පරික්ෂා කර බලන්න අවශ්‍යයයි. ආහාරයට ගන්න තෙල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට වැඩපිළිවෙලකට යා යුතුයි. පෞද්ගලික රෝහල් ප්‍රවර්ධනය කළ යුතුයි. කසිප්පුවල දඬය වැඩි කළ යුතුයි. නීතිවිරෝධි කුඩුවලට දඬුවම් වැඩි කළ යුතුයි 

     

    රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය- ප්‍රජා වෛද්‍ය සේවයේ අර්බුදය විසදලා පුරප්පාඩු පුරවන්න කටයුතු කරන්න.බෝ නොවන රෝග වැලැක්වීමට වැඩපිළිවෙලක් ගෙන යනවා.

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා-

    මද්‍යසාර බද්දක් ගහනවා. ඉන් සිදුවන අනතුරු, බෝ නොවන රෝග නිසා සිදු වන වියදම ගත්විට මද්‍යසාර ආදායමට වඩා වැඩියි. රටක් ලෙස මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් දඩි පියවරකට යා යුතුයි.ජනගහනයෙන් සියයට 40%ක් මද්‍යසාර භාවිතයට යොමු වෙලා. ඖෂධ මිල අඩු කිරීම ගැන කවුරුත් කතා කළේ නෑ. ඖෂධ මිල අඩු කිරීම රටේ ජනතාවට දැනෙනවා.ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයා බැලීමට කර්මාන්තශාලා බිහිවෙනවා.අපේම බෙහෙත් අපිම නිෂ්පාදනය කරන වැඩපිළිවෙලක් සකස් වෙනවා.බෝ නොවන රෝග පිළිබඳව අප සාකච්ඡා කළා. තහනම් උත්තේජක අර්බුදය ගැන කතා කළා. තහනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් නීති දැඩි කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ගැසට් පත්‍රය සංශෝධනය කළ යුතුයි.


    ඉතිහාසගත වන සේවයක් සෞඛ්‍ය සේවයට සිදු කළා- පිළිකා රෝගීන්ට සීමාවකින් තොරව ඖෂධ ලබාදෙනවා

    ඉතිහාසගත වන සේවයක් සෞඛ්‍ය සේවයට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කර ඇති බවත් ඉතා කෙටිකාලයක් තුළ ගාල්ල කරාපිටිය රෝහල දියුණු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් පළ කරමිනි.

    මෙවර අයවැයෙන් රුහුණු වෛද්‍ය පීඨයට තට්ටු දහයක පීටයක් ලබාදුන්නා.ගාල්ල කරාපිටිය රෝහල ලංකාවේ ප්‍රධාන රෝහලක් බවට පරිවර්ථනය වෙලා. කෙටි කාලය තුළ ගාල්ල කරාපිටිය රෝහල දියුණු කර තිබෙනවා. දන්ත වෛද්‍ය ඒකකයට තට්ටු 7ක ගොඩනැගිල්ලක් ලබාදෙන්න කටයුතු කළා. තවත් තට්ටු 10ක ගොඩනගිල්ලක් රසායනාගාර කටයුතුවලටදෙන්න කටයුතු කර තිබෙනවා. විශාල සේවයක් කර තිබෙනවා.රෝහල්වල බෙහෙත් හිඟය ඇසෙන්නේ කලාතුරකින්. පිළිකා ඖෂධ කිසිදු සීමාවකින් තොරව
    ලබාදෙන්න කටයුතු කළා. ඉතිහාසගත වන සේවයක් සෞඛ්‍ය සේවයට සිදු කළා.ඇල්පිටිය හා බලපිටිය රෝහල් නිරීක්ෂණය කළා. ඇඹිලිපිටිය හා බලපිටිය ගොඩනැගිලිවල ඉදිකිරීම් ලබන වසරේ සිදු කෙරෙනවා. ගම් උදාව ආරම්භ කරලා රටේ විශාල පිඹිදීමක් යළි ඇති වී තිබෙනවා. බෙන්තර ඇල්පිටිය පමණක් උදාගම් හතරක වැඩ ආරම්භ කර තිබෙනවා  

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අතර විවාදයේ දී උණුසුම් විවාදයක් ඇති වුණා.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා- පොඩි මිනිහට බෙදන එක ආමාරුයි. ජාතික නිවාස අධිකාරියට අයත් 117 වත්ත ඉඩම අවුරුදු තිහකට අඩු මුදලකට දීලා තියෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා- වඳ කළ නොහැකි කෘමින් ඉන්නවා කියලා කඩ කාමර දීලා තිබෙනවා.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා- ඒක පැහැදිලි සත්‍යයක් .ඩයරිවලිනුත් ගැහුවා ලක්ෂ 150ක්. මිනිසුන්ට ගෙවල් හදන්න තිබුණු සල්ලි ටික, පොඩි මනුෂ්‍යාගේ වහළ සෙවිළි කරන්න තිබ්බ සල්ලි ටික. දේශමාමකත්වය ගැන කතා කරනවා.සෙවණ අරමුදලින් ගැහුවා.ලජ්ජා නැති දේශාප්‍රේමීත්වය. ඉඩම් ටික හොරා කෑවා.කිසිම තරඟාකාරීත්වයක් නෑ. හිතු හිතු ලෙස කොම්පැණිකාරයන් ගෙන්වලා දුන්නා.එදා සල්ලි වෙන් කළේ නෑ.මෙන්න දේශාභිමානී නිවාස ව්‍යාපෘතිය.

     

    නිවාස ප්‍රශ්නය විසඳීමට ආකර්ෂණීය නිවාස වැඩසටහන් රැසක් අරඹා තිබෙනවා.


    නිවාස ප්‍රශ්නය විසඳන්න ආකර්ෂණීය නිවාස වැඩසටහන් ගණනවක් ආරම්භ කර තිබෙන බවත් ජනතාව වෙනුවෙන් නිසි කාර්යභාරයක් ඉටුකරන අමාත්‍යාංශයක් බවත් නිවාස හ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පවසයි.

    නිවාස අමාත්‍යාංශ එදා වෙන් කළ මුදල් සීමා සහිතයි. එයින් යම් යම් කණ්ඩායම් පෝෂණය වුණා. ඒ නිසා නිවස අවශ්‍යතවය උග්‍ර වුණා. වර්තමානයේ දී රටේ නිවාස පිළිබඳවසමීක්ෂණයක් කළා.1340928ක නව නිවාස අවශ්‍යතාවක් තිබෙනවා. පවුල්වලින් අඩකට නිවස නෑ. වර්තමාන රජය බලයට පත් වුණාට පසුව අමාත්‍යාංශයට විශාල ප්‍රතිපාදන ලැබුණා.නිවාස ප්‍රශ්නය විසඳන්න ආකර්ෂණීය නිවාස වැඩසටහන් ගණනවක් ආරම්භ කර තිබෙනවා. ගම්මාන 500ක් ඉදිකරගෙන යනවා. වසර 2020 වනවිට නිවාස 2500ක ඉලක්කයක් තිබෙනවා.ශිල්ප සවිය පුද්ගලයන් 10,000කට ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. උතුරු පළාතට නිවාස වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා


    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා-

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති වෙන කාලයක් ලෙස මේ කාලය නම් කළ හැකියි. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ගැනත් කතා කළ යුතුයි. බටහිර වෛද්‍ය විද්‍යාව ගැන මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාව ගැන සෞඛ්‍ය ඇමැතිවරයා සැලකිලිමත් වෙනවා. අනුපූරක වෛද්‍ය විද්‍යාව ගැන රටවල් 12 ක් එක් කර ගනිමින් ප්‍රදර්ශනයක් පැවැත්වූවා. ලෝකයේ වෛද්‍ය ක්‍රම අතර අද බටහිර හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව දෙකම එකතු කරගෙන සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක වෙනවා. බොරැල්ල ශික්ෂණ රෝහලේ දෙවැනි අදියර අවසන් කර 2018 වසරේදි ජනතා අයිතියට පවරාවි. වෙදගම පාරම්පරික රෝහල ඇතුළු රෝහල් ඉදි කරමින් දේශීය ක්‍රම සුරක්ෂිත කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා කරන මෙහෙය අගය කළ යුතුයි. නව ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් අලුතින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ස්ථාපිත කර තිබෙනවා. එය සෙසු අමාත්‍යාංශවලටත් ආදර්ශයක්. නිවාස අමාත්‍යාංශය ගැනත් දවසක් වුණත් කතා කළ හැකියි. එම කාර්යන් රටේම ජනතාවගේ පැසසුමට ලක්ව තිබෙනවා.


    වතුකරයේ රෝහල් සංවර්ධනයට පියවර

    වතුකරයේ පවතින රෝහල් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් මහතා පවසයි.

    වතුකරයේ සංවර්ධනය වෙනුවෙන් මිලියන 200ක් වියදම් කළා.වතු රෝහල් 200ක් අමාත්‍යාංශය මඟින් අනාගතයේ සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. අම්පාර රෝහලට විද්‍යාගාරයක් සකස් කරන්න යෝජනා වුණා.තිරුක්කෝවිල්,සමන්තුරේ, වාලච්චෙනි ප්‍රදේශවල ඔසු සැල් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනයට මිලියන 100ක් වියදම් කර තිබෙනවා. නැඟෙනහිර ප්‍රදේශයට මිලියන 530ක් ලබාදී තිබෙනවා. මිලියන 1800ක් වෙන් කර තිබෙනවා, හදිසි අනතුරු රෝහලක් කල්මුනේ ස්ථාපිත කරන්න. ඒ සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබෙනවා  

     

    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරු කතාව-ආයුර්වේද වෛද්‍ය සභාවක් ගොඩනැංවීමට කටයුතු කරනවා

    දේශීය වෛද්‍ය ක්‍රමය නඟා සිටුවීම සඳහා අමාත්‍යාංශය යටතේ සංවර්ධන වැඩ කටයුතු රැසක් කර තිබෙනවා.  වසර 2014 දි බොරැල්ල ශික්ෂණ රෝහලක් මිලියන 499 2015 දි 1301
    මිහින්තලේ ආයුර්වේද රෝහලක්, වෙදගම, ත්‍රිකුණාමලය සිද්ධ ශික්ෂණ රෝහල, මතුගම ආයුර්වේද පර්යේෂණ මධ්‍යස්ථානයක්, අලුත් පනතක් හදා ඉන්දියානු උපාධිධාරින්ට හෝමියෝපති පත්වීම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය සභාවක් ගොඩනැංවීමට කටයුතු කරනවා. ඇතැම් නීති සංශෝධනය කරමින් එය සිදු කරනවා. ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 600 කට වැඩිය පත්වීම් ලබාදුන්නා. ඔවුන්ට තමන්ගෙ රාජකාරි කාලයෙන් පසුව පෞද්ගලික අංශයේ සේවාවට අපි අවසර දී තිබෙනවා. මහාචාර්ය කමල් පෙරේරා මහතාගේප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඖෂධ සංග්‍රහය ගොඩනඟා ගෙන යනවා. හෙද නිලධාරින් ඇතුළු ආයුර්වේදයේ පුරප්පාඩු පිරවීමට අපි පියවර ගෙන තිබෙනවා. දියවැඩියාව, හෘද රෝග, අක්මා පිළිකා සුව කිරීම සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් පර්යේෂණ සිදු කර තිබෙනවා. දේශිය ඖෂධවල සාම්පල් විශ්ලේෂණය කරනවා. විකල්ප වෛද්‍ය ක්‍රම මෙරටට ගෙනැවිත් ප්‍රදර්ශනයක් පසුගිය කාලයේ සිදු කළා. ලෝකයේ පළමු ජාත්‍යන්තර සම්මේලනයක් පැවැත්වූවා. පළමු වතාවට දේශීය වෛද්‍යරුන්ට විදෙස් ශිෂ්‍යත්ව ලබාදී යැව්වා.ආයුර්වේදයටත් හෝමියෝපති විද්‍යාවත් සංවර්ධනය කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. සියලු රෝග නිවාරණයට මේ සංවර්ධන කටයුතු හේතු වෙනවා.

     

     

    ප්‍රභාත් රත්නායක
    පාර්ලිමේන්තුවේ සිට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya