අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ජනතා නියෝජනයේ 44 වැනි වසර පියමං කරන ජන නායකයා

    ජූනි 07, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ හතළිස් හතර වැනි වර්ෂ පූර්ණය අදට යෙදී ඇත.

     

    1970 මැයි 27 දින පැවති මහ මැතිවරණයේදී සමගි පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙලිඅත්ත ආසනයට තරග කර පාර්ලිමේන්තුවට පිවිසියේ එවකට ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසිනි.

     

    1970 මැතිවරණයේ දී ශ්‍රී.ල.නි.ප. ආසන 106ක්‌ තරග කර ඉන් ආසන 90ක්‌ ද ලංකා සමසමාජ පක්ෂය ආසන 23ක්‌ තරග කර ඉන් ආසන 19ක්‌ ද, කොමියුනිස්ට් පක්ෂය ආසන 9ක්‌ තරග කර ඉන් 6ක්‌ ද ජයග්‍රහණය කරමින් තුනෙන් දෙකක බහුතර බලයක් හිමිකර ගත් අතර ආසන 127ක්‌ තරග කළ එක්සත් ජාතික පක්ෂය එම මැතිවරණයේ දී ජයග්‍රහණය කළේ ආසන 17ක්‌ පමණි.

     

    එම පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ ජූනි 7වැනි දාය.  හිටපු කතානායක ස්ටැන්ලි තිලකරත්න මහතා ඉදිරියේදි මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දී ඇත. එදිනම පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව මහින්ද රාජපක්ෂ රාජපක්ෂ මහතා සිදුකළේය.

     

    මහින්ද රාජපක්ෂ

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රකට දේශපාලන පවුලකින් පැවැතෙන්නෙකි. 1947 සිට 1965 දක්වා දකුණු පළාතේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ බෙලිඅත්ත ආසනය පාර්ලිමේන්තුවේ නියෝජනය කළ ඩී.ඒ. රාජපක්ෂ මහතා ඔහුගේ පියාය.


    පළමුවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ (1931) හම්බන්තොට නියෝජනය කළ රුහුණේ සිංහයා නම් විරුදාවලී ලත් ඩී.එම්. රාජපක්ෂ මහතා ඔහුගේ මහප්පාය. තම ප‍්‍රදේශවාසී අහිංසක ගොවි ජනතාවගේ ප‍්‍රධාන කෘෂි භෝගය වූ කුරහන් පාට සංකේතවත් කරමින් ඔහු පැළඳි තද දුඹුරු කුරහන් සාටකය ඩී.ඒ. සහ මහින්ද පිය පුතු දෙදෙනාගේ ද උතුරු සළුව බවට පත් විය.

     

    ජනාධිපතිවරයාගේ පියා වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා දෘඩෝත්සාහයෙන් අවංකව හා නිර්භීතව තමා වෙත පැවරුණු රාජකාරී හා යුතුකම් ඉටුකළ සුප‍්‍රසිද්ධ ජන නායකයෙක් විය.


    අධ්‍යාපන ජීවිතයේ මුල් අවධිය

     

    1945 නොවැම්බර් 18 වෙනි දින දක්ෂිණ ශ‍්‍රී ලංකාවේ ඉතා දුර බැහැර ගම්මානයක් වූ වීරකැටියේ උපත ලද මහින්ද රාජපක්ෂ මහතා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේත් ඉන් අනතුරුව කොළඹ නාලන්දා හා තර්ස්ටන් යන විදුහල්වලත් අධ්‍යාපනය ලබා ඇත.

     

    1974 කොළඹ නීති විද්‍යාලයෙන් නීතිඥවරයකු වශයෙන් සමත් වූ ඔහු නීතිඥයකු වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹත් තංගල්ලේත් නීතිඥ වෘත්තියෙහි යෙදුණේය. මානව අයිතිවාසිකම් ක්ෂේත‍්‍රයෙහි ඔහු විශේෂ උනන්දුවක් දැක්වීය.

     

    දේශපාලන ජීවිතය

    මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රථම වරට 1970 මැතිවරණයේ දී බෙලිඅත්ත ආසනයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරයකු වශයෙන් තේරී පත්විය. වයස අවුරුදු 24ක් වූ හෙතෙම එම පාර්ලිමේන්තුවේ ළාබාලතම මන්ත‍්‍රීවරයා විය. (ඔහුගේ පියා වූ ඩී.ඒ. රාජපක්ෂ 1974 - 1965 දක්වා නියෝජනය කළේ ද එම ආසනයයි.)

     

    1977 මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ පෑ බරපතළ පරාජයේ දී ඔහුට බෙලිඅත්ත ආසනය අහිමි වූ මුත් 1989 මැතිවරණයේදී හම්බන්තොට ආසනයෙන් යළි පාර්ලිමේන්තුවට තේරී පත් විය.

     

    තම දේශපාලන ජීවිතය ආරම්භයේ සිටම මැද-වම ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ රාජපක්ෂ මහතා කම්කරු හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වී කටයුතු කළ අතර මානව හිමිකම් සඳහා වූ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප‍්‍රමුඛ සාමාජිකයෙක් ද විය.

     

    1988 - 90 ධවල භීෂණ සමයේ අතුරුදන් වූවන් වෙනුවෙන් දොස්තර මනෝරානි මිය සමග එකතුව මව්වරුන්ගේ පෙරමුණ සංවිධානය කිරීමෙන් ඔහු නායකයෙකු වශයෙන් කලඑළි බැස්සේය.

     

    1980 සිට වසර 25 ඔහු ශ‍්‍රී ලංකා - පලස්තීන සහයෝගිතා කොමිටියේ සභාපති වශයෙන් කටයුතු කළ අතර, ස්වෛරී පලස්තීන රාජ්‍ය රාමුවක් තුළ මැද පෙරදිග ගැටලුවට සාමකාමී විසඳුමක් සෙවීමෙහිලා විශාල උනන්දුවක් දැක්වීය.

     

    ඔහුගේ සහෝදරයෙකු වන චමල් රාජපක්ෂ මහතා 1985 මුල්ගිරිගල ආසනයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදි අවස්ථාවේ අනවසරයෙන් ගිනි අවි ළඟ තබා ගැනීමේ ඔප්පු නො වූ චෝදනාවක් මත එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

     

    1989 හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය.

     

    1994 මහමැතිවරණයෙන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1994 වසරේ පත්වූ කුමාරතුංග රජයේ කම්කරු ඇමතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරන ලදී.

     

    ඉන්පසු ඔහු විසින් ඉටුකරන ලද සේවය අති විශිෂ්ටය.

     

    - ධීවර පවුල් සඳහා දියවර ගම්මාන ව්‍යාපෘතිය

     

    - සාගර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ කටයුතු ආරම්භ කිරීම.

     

    - ධීවරයින් සඳහා ඉදිවර බැංකු ක‍්‍රමය

     

    - නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීමට හා ශ‍්‍රී ලංකාවේ වෙරළබඩ ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද වෙරළාරක්ෂක මුර සේවය.

     

    - තාක්ෂණය උපයෝගී කරගනිමින් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ධීවරයිනට සන්නිවේදන උපකරණ සැපයීම.

     

    - ධීවර අමාත්‍ය ධූරයට අමතරව වරාය හා නාවුක කටයුතු අමාත්‍යාංශයේ ඉසිලූ මාස 03ක කෙටි කාලය තුළ හම්බන්තොට වරාය ඉදිකිරීමේ මූලික පියවර ගැනීම.

     

    2004 වසරේ පැවති මැතිවරණයෙන් පසු 2004.04.06 වන දා අගමැති පදවියට පත්විය.

     

    ඔහුගේ 60 වෙනි උපන් දිනයේදී එනම් 2005 නොවැම්බර් 18 - ඔහු ශ‍්‍රී ලංකාවේ 5 වෙනි ජනාධිපති වශයෙන් තේරී පත්විය.

     

    HC/president.gov.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya