මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන

    ජූනි 03, 2014

    ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී 1972 වර්ෂයේ පැවති ලෝකයේ පළමු මට්ටමේ පරිසර සමුළුවේ දී ගන්නා ලද තිරණයකට අනුව බිහි වූ එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය වශයෙන් නම් කරන ලදී.


    ඒ අනුව ප්‍රථම ජගත් පරිසර දිනය 1973 ජුනි 05 වන දින සමරනු ලැබීය. එතැන් සිට විවිධ කාලීන මාතෘකා ඔස්සේ යමින් 2014 ජුනි 05 වන දින සමරනුයේ 41 වන ජගත් පරිසර දින සංවත්සරයයි.


    ඒ අනුව, 2014 වර්ෂයේ දී ජගත් පරිසර දිනයේ තේමාව වනුයේ, “දේශගුණ විපර්යාසවල බලපෑමෙන් දූපත් රාජ්‍යයන් රැකගනිමු”(Small Islands and Climate Change) යන්නයි. මෙම දූපත් රාජ්‍යයන්ට මුහුණ දීමට සිදු වී ඇති එක් ප්‍රධාන පාරිසරික ගැටලුවක් වන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වී තිබෙන මුහුදු ජල මට්ටම ඉහළ යාමයි. මානව ක්‍රියාකාරකම්  හේතුවෙන් හරිතාගාර වායු මුදා හැරීම  වායුගෝලයේ උෂ්ණත්වය ඉහළයාමට ප්‍රධානතම හේතුව බව විද්‍යාඥායින් පෙන්වා දෙයි. වායුගෝලයට එකතු වන හරිතාගාර වායු ප්‍රමාණය ඉහළ යාමෙන් මූලිකව වායුගෝලය උණුසුම් වී එහි ප්‍රතිඵලයක් ලෙස, වර්ෂාපතන හා සුළං රටාවේ ආදී දේශගුණික සාධක වෙනස් වී දේශගුණික විපර්යාස ඇති වේ. මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන ගංවතුර, සැඩ රළ කුණාටුවලට වැඩි වශයෙන් ගොදුරු වන්නේ දූපත්වාසී ජනතාවයි. දේශගුණ විපර්යාස හේතුවෙන් ඇති වන  මුහුදු ජල මට්ටම ඉහළයාම පිළිබඳ අවධානය යොමු නොකළහොත් සමහර දූපත් මිනිස් වාසයට නුසුදුසු දූපත් බවට පත් වේ.


    ශ්‍රී ලංකාව ද කුඩා දූපතක් නො වූව ද දූපත් රාජ්‍යයක් වන බැවින් මෙවන් පරිසරයක් තුළ දේශගුණ විපර්යාසවලට අනුහුරු වීම තුළින් එහි බලපෑම අවම කිරීම සඳහා සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින්  සහ ආයතන ඒකාබද්ධ කරගනිමින් දිවයින පුරා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීම වර්තමාන අවශ්‍යතාවයක් බැවින් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මඟින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


    මෙම සියලු වැඩසටහන් ඒකාබද්ධ කර ගනිමින් පැවැත්වීමට නියමිත ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සම්භාවනීය අමුත්තන්ගේ සහ පාසල් සිසුන් 500කගේ සහභාගීත්වයෙන් 2014 ජුනි 05 වන දින කොළඹ රාජකීය විද්‍යාලීය නව රඟහලේ දී ඉතා උත්කර්ෂවත් ලෙස අභිමානයෙන් යුතුව සැමරීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මේ වන විට සියලු කටයුතු සංවිධානය කර ඇත. මෙම ප්‍රධාන උත්සවයට සමගාමීව පරිසර සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර පරිසර හා පුනර්ජනනී බලශක්ති අමාත්‍යාංශය හා අනුබද්ධිත ආයතන ඒකරාශී වී මෙම පරිසර සතිය තුළ දීපව්‍යාප්තව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya