ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේ 2013 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ උත්සවයට අද (28) පෙරවරුවේ එක් වෙමිනි. උත්සවය කොළඹ මිලෝදා ගොඩනැගිල්ලේ දී පැවැත්විණි.
උත්සවයට එක් වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය:
අද මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා හා මහ බැංකු අධිපතිතුමා ආර්ථිකය ගැන කියවිය යුතු සියලු කරුණු බොහොම පැහැදිලිව ඔබට ඉදිරිපත් කළා. අද ඉදිරිපත් කළ වාර්තාව අපේ ගමන්මග පෙන්වන වාර්තාවක්. ලේකම්තුමා මීට පෙර වාර්තා 2005, 2006 වශයෙන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කළා. මා ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා වීමට පෙර සකස් කළ වාර්තා මා නිරීක්‍ෂණය කළා.
ඒ වාර්තාව පිටු 10යි. ඒ එදා තිබූ තත්ත්වය. ඒ සියලු දේ සඟවා හෝ ලියන්න දෙයක් නොමැතිව සකස් කළ වාර්තා. රටක වැඩක් කර තිබෙන්න ඕනෑ වාර්තා ලියන්න. බොහොම පැහැදිලිව රටක වැඩක් කර තිබිය යුතුයි. යම් මාර්ගයක ගමන් කර තිබිය යුතුයි. දර්ශනයක් මත ගමන් කරනකොට ඒ යන මාර්ගය පැහැදිලි කරන්න අපට පුළුවන්. අපි කොයි ආකාරයට ද මේ රටේ ආර්ථිකය ගොඩනගා තිබෙන්නේ, අපි මේ තැනට ආපු පසුබිම මොකක්ද? ඒකත් අමතක කරන්න එපා.
අප බලයට එන්න පෙර මේ රටේ තිබූ තත්ත්වය කුමක්ද? ත‍්‍රස්තවාදයෙන් බැට කෑ රටක්. අවුරුදු තිහක් තිස්සේ අපට මේ රටේ විශාල ප‍්‍රශ්නයක් තිබුණා. ඒ ත‍්‍රස්තවාදය. අපි ත‍්‍රස්තවාදයෙන් වගේම එක පැත්තකින් සුනාමියෙනුත් බැට කෑවා. මේ සියල්ලත් සමගයි අපට ගමන් මාර්ගය ආරම්භ කරන්න තිබුණේ. කඩා වැටිලා විනාශ වුණු දුර්වල ආර්ථිකයක් තිබුණේ. මේවා පිළිබඳව අවබෝධයක් අපට තිබෙන්න ඕනෑ. ඉතිහාසයේ මොනවාද අපට වුණේ. අද මොනවාද වෙන්නේ. අද තිබෙන දේවල් විවේචනය කරන කොට අපි මෙතැනට අද ඇවිත් තිබෙන්නේ කොතැන ඉඳලාද ඒ තිබුණු වාතාවරණය පිළිබඳවත් අපි අවබෝධ කරගත යුතුයි.
එදා ව්‍යාපාරයක් කිරීමට තිබූ ශක්තිය කුමක් ද? එක යුගයක අපි දුටුවා මේ රටේ තිබුණු කර්මාන්තශාලා හතළිහක් වසා දමා තිබුණා. විකුණා දැමුවා නම් කමක් නැහැ. එසේ විකුණා එය දියුණු කළා නම්. පූගොඩ කර්මාන්තශාලාව විකුණා එය ගොඩනැගුවා නම් එය ආර්ථිකයට වඩා වාසිදායක බව අපට කියන්න තිබුණා. නමුත් පූගොඩ, වේයන්ගොඩ, තුල්හිරිය, මේවා විකුණලා දාලා කළේ කුමක් ද? පෞද්ගලික අංශය මෙය ගොඩනඟලා ශක්තිමත් කරලා ජනතාවට, රටට ප‍්‍රයෝජනයක් වන විදිහට, විරැකියාවට විසඳුමක් ලැබෙන විදිහට කටයුතු කළේ නැහැ. මේවා තමයි එදා හිටපු ආණ්ඩුවලින් සිදුවුණු දේවල්. ඔවුන්ට කොහෙන් හරි එන උපදෙසක් අරගෙන ඇවිත් තමයි ඔවුන් කි‍්‍රයාත්මක කළේ.
එක් කාලයක අපේ ගම්වල හැම ගෙදරකම තිබුණා අත්යන්ත‍්‍ර කර්මාන්තය තිබුණා. පේෂ කර්මාන්තශාලා තිබුණා. ගෙදරට ඇවිත් නිෂ්පාදන අරගෙන යනවා. මේවා ගමේ ආර්ථිකයට වඩාත් පහසුවක් වුණා. මේවා සම්පූර්ණයෙන් විනාශ වුණා. ගමේ ආර්ථිකය එතැනින් කඩා වැටුණා. ඒ යුගයන්වල තිබූ ආර්ථික හා දේශපාලන ප‍්‍රතිපත්ති නිසා ඇතිවූ ප‍්‍රශ්න. ඒවා ගැන කවුරුත් කතා කළේ නැහැ. එහෙම දිගින් දිගටම කඩා වැටුණු ක‍්‍රමවේදයක තමයි ගියේ. මේවා නතර කරන්න අපට සිදුවුණා. ඒ නිසා තමයි මහින්ද චින්තනය මගින් අපි ප‍්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළේ.
ඔබ දන්නවා එදා යම්කිසි මැතිවරණයකට දෙන පොරොන්දු මාලාව මැතිවරණ අවසානයේ යන්නේ කුණු කූඩයට. ඊට පස්සේ තමාට ලැබෙන උපදෙස් අනුව තමන් වටේ සිටින අතලොස්සක් වූ පිරිසක් තුළ ඉඳගෙනයි කි‍්‍රයාත්මක වෙන්නේ. නමුත් අපි එහෙම ප‍්‍රතිපත්ති කුණු කූඩයට දැම්මේ නැහැ. අපි නිලධාරින්ට උපදෙස් දුන්නේ ‘මෙන්න ප‍්‍රතිපත්ති මාලාව, මේ ප‍්‍රතිපත්ති මාලාව තුළ ඉඳගෙන මේ ගමන ඉදිරියට යන්න, එයයි අපට විය යුත්තේ’ කියලා. ඒ හැම දෙයකටම ඇඟිලි ගසන්නේ නැහැ. අපි අද ඒ ගමන ගිහින් තිබෙනවා. එයයි අපට තිබෙන වාසිය.
එදා අපි සාකච්ඡා පැවැත්වූයේ අතලොස්සක් වූ ව්‍යාපාරික පිරිසක් සමග. අද මෙය වෙනස් වෙලා. අද තී‍්‍රවීල් රථ රියදුරන්, බස් රථ, ලොරි රථ රියදුරන්, ස්වයං රැකියා නියුක්තිකයින් ආදී සියලු දෙනා සමග සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා හරහා ඉදිරිපත් වන ප‍්‍රශ්න අනුව අපි යෝජනා ඉදිරිපත් කරනවා. ඒ අයගේ ගැටලු තිබෙනවා. එහිදී වඩා පුළුල් වූ ජනතා පරාසයක මතවාදයක් ඇතිවෙනවා. ඒ අනුව අපට සංවේදී වෙලා ඒවා කි‍්‍රයාත්මක කරන්න පහසුයි. එදා කම්කරු අමාත්‍යාංශයටවත් ස්වයං රකියා කරන අයට එන්න බැහැ. ඒ අයගේ ප‍්‍රශ්න අහන්න තැනක් එදා තිබුණේ නැහැ. නමුත් අද ඒ අයට රටේ ප‍්‍රතිපත්තිමය තීරණ ගන්න සාකච්ඡාවලට සහභාගී වෙන්න පුළුවන්. රටේ අයවැයට, රටේ අනාගත සංවර්ධනයට ඒ අයට සම්බන්ධ වෙන්න පුළුවන්.
අපි තීරණ ගත්තා. රටේ තිබුණු ත‍්‍රස්තවාදය අපි අවසන් කළා. ඊට පස්සේ රටේ සංවර්ධනය ඇති කළා. රටේ අවශ්‍යතාවන් ඉටු කළා. පාරවල්, අධිවේගී මාර්ග ගැන අපි ඉතිහාසයේ කතා කළා. නොරොච්චෝලේ හදන යෝජනාව ඒ කාලෙත් තිබුණා. ඒකට විරුද්ධව පෙළපාළි ගියා. ඒවාට බයේ නොරොච්චෝලේ හැදුවේ නැහැ පසුගිය රජයන්. එහෙම කළොත් ඒ අයට මේ කණ්ඩායම අහිමි වෙයි කියලා හිතුවා. ඉහළ කොත්මලේ බලාගාරය හදනවාට විරුද්ධ වුණා. එහෙම වුණොත් ඡන්ද පදනමට එය ප‍්‍රශ්නයක් වෙයි කියලා හිතලා එයට අත ගැසුවේ නැහැ. අද 96.5%ක නිවාසවලට විදුලිය තිබෙනවා. එදා තිබුණේ නැහැ. නමුත් අද සත පහකින් හෝ විදුලි බිල වැඩිකළොත් 96%ක පිරිස අපට බනිනවා. එදා බැන්නේ 40%යි. නමුත් අපට තීන්දුවක් ගන්න වුණා රට සංවර්ධනය කරන්න. අප දේශපාලන ආණ්ඩු රැකගන්න, බලය, පුටුව රැකගන්න පමණක් තීන්දු අපි ගත්තේ නැහැ.
ත‍්‍රස්තවාදය අවසන් කරත්දී අපට විවිධ බලපෑම් ආවා. පිටරටවල බලපෑම් ආවා. 2/3 ක මුහුදු තීරය පිටතට යනවා. ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර කරන්න බැහැ. මේ දේවල් ගැන අපිට තීන්දු ගන්න වුණා. අපි රට නිදහස් කළා. ඊළඟට රට සංවර්ධනය කරන්න අවශ්‍ය තීන්දු අපි ගත්තා. විදුලිය දෙන්න අපි නොරොච්චෝලේ හැදුවා. කණ්ඩායමක් තරහා වුණා. කොත්මලේ හැදුවා. අද ආසියානු කලාපයේ පැය විසිහතරම විදුලිය සපයන එකම රට අපේ රට. මේවා ගැන අමතක කරන්න එපා. අපි එතැනින් නැවතුණේ නැහැ. රටේ සංවර්ධනයට අවශ්‍ය හැම පියවරක්ම අපි අරගෙන තිබෙනවා. කර්මාන්තශාලා අතර තරගයක් තිබෙනවා. සෑම දෙයක්ම පෞද්ගලිකකරණය කරනවාට අපි විරුද්ධයි. ඒක අපේ ප‍්‍රතිපත්තිය. ඒකට සමහරු විරුද්ධ ඇති. රටේ අපි හදපු කර්මාන්ත විකුණා දමනවා වෙනුවට ඒවා නැවත ගොඩනගන්න අපි කටයුතු කළා. ඒවායේ ප‍්‍රතිඵල අපි දැක්කා.
අපි පෞද්ගලික අංශයට නිදහස දී තිබෙනවා. පෞද්ගලික අංශය ගොඩනැගුණේ, ගොඩනැගෙන්නේ රජයේ ප‍්‍රතිපත්ති සමග. රජයේ ප‍්‍රතිපත්ති වෙනස් නම් ඒවා ගොඩනැගෙන්නේ නැහැ. ලාභ ලබන කොට, ඒවා දියුණු වෙනකොට අපට එහි ලකුණු ලැබෙන්නේ නැහැ. ඒවා ඒ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හැකියාව කියනවා. රජය මොනවාද කළේ කියලා සමහරු අසනවා. නමුත් මතක තබාගන්න පෞද්ගලික අංශය ගොඩනැගෙන ප‍්‍රතිපත්තියක් අපි අරන් තිබෙන නිසා තමයි ඒ ආකාරයට ඔවුන්ට ගොඩනැගෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔවුන් ආර්ථිකයට මේ තරම් දායක වෙන්නේ. එය අපේ රටට පමණක් සීමා කරන්න එපා. අපේ රටෙන් එළියට යන්න, ලෝකයේ ව්‍යාපාර කරන්න කියලයි අපි කියන්නේ. ඉන්දියාව, මාලදිවයින, අපි‍්‍රකා රටවල්වල අද ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයින් ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය මූලික මුදල්, ණය මුදල් අපි දීලා තිබෙනවා. අපි ඒ සහයෝගය දී තිබෙනවා.
අද රට දියුණු වෙනකොට මේ රට ඔවුන්ට මදි. ඔවුන් ඉන් එහාට යන්න ඕනෑ. අද අපේ අය පිටරටවල තමන්ගේ කර්මාන්තශාලා ඇතිකරලා තිබෙනවා. ඒ ව්‍යාපාරිකයාට අපි අතදෙන්න ඕනෑ. නමුත් ඒ අතරතුර අපේ රටේ ප‍්‍රතිපත්ති අපි කි‍්‍රයාත්මක කරන්න ඕනෑ. ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් කඩා වැටුණු අවස්ථාවේ අපි එය ගත්තා. ඒ නිසාම මට ගුවන් යානයේ අසුනක් දෙන්න බැහැ කිව්වා. ඒ තමයි අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. ඒ අයත් ඉන්නවා. ඒ අයම කියනවා මේක ඒකාධිපතියි කියලා. විවෘත භාවයක් නැහැ කියනවා. මේ වාර්තාවෙන්ම ඒ විවෘත භාවය පෙනෙනවා. අකුරෙන් අකුර සියල්ලක්ම සඳහන් වෙනවා. අපිට සඟවන්න දෙයක් නැහැ. මේ සංවර්ධනයේ සඟවන්න දෙයක් නැහැ. මේවා දැක්කාම බොහෝ අය අකමැතියි.
මේ සංවර්ධනයට අකමැතියි. අද අධ්‍යාපනයේ ලොකු වෙනසක් කරලා තිබෙනවා. එදා පාසල් වැසුණා. අපි පාසල් පෞද්ගලීකරණය කරනවා කියනවා. අපි නිදහස් අධ්‍යාපනය නැති කරලා නැහැ. ජාත්‍යන්තර පාසල් පටන්ගත්තේ අපේ යුගයේ නොවෙයි. ජාත්‍යන්තර පාසල්වලින් ඉගෙනගන්න ළමුන් සිංහල, දෙමළ, මුස්ලිම්. නමුත් ඒ අය ලංකාවේ ඉතිහාසය දන්නේ නැහැ. ආගම පිළිබඳ, ඉතිහාසය පිළිබඳ, මව්බස පිළිබඳ හැගීමක් නැහැ. මව්බස කතා කරන්න බැහැ. ලියන්න බැහැ. මේ එදා ගත් ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵල. එදා මේ අයට ඒ ගැන කතා කරන්න තිබුණා. අධ්‍යාපනය පිළිබඳ වගකීම තිබෙන්නේ රජයට. නමුත් ඒ ආයතන ලියාපදිංචි කරලා තිබෙන්නේ සමාගම්වල. ඒ නිසා අපට කතා කරන්න බැහැ. නමුත් අද අපි කතා කරලා ඒ අඩුපාඩු හදනවා.
අපේ රටට ආදරයක් තිබෙන්න ඕනෑ. තමන්ගේ මව්රටට, ඉපදුණු මාතෘභූමියට ආදරයක් නැති දරුවාගෙන් අනාගතයේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ නිසා අපි ඒවා හඳුන්වා දුන්නා. ඒකටත් සමහරු විරුද්ධයි. මේ ගැන අදාළ පිරිස් සමග සාකච්ඡා කරලා තිබෙනවා මේ වැඩපිළිවෙළ ගෙනයන්න. අපි ඒ වැඩපිළිවෙළ නතර කරන්නේ නැහැ. එය අපේ ප‍්‍රතිපත්තියක්. සමහරුන්ට මෙය ප‍්‍රශ්නයක්. අපි අධ්‍යාපනය කෙරේ විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. එදා ගමේ විභාගය සමත් වුණු ප‍්‍රමාණය හා අද සමත්වන ප‍්‍රමාණය අතර විශාල වෙනසක් තිබෙනවා. ඉංගී‍්‍රසි, ගණිතය, සිංහල භාෂාව වගේ හැම විෂයකින්ම එසේ සමත් වෙනවා.
පිටරට ඉන්න ලංකාවේ බැරිස්ටර්වරයාට ලංකාවට තිබෙන නීති විද්‍යාලයට ඇතුල් වෙන්න බැහැ සිංහල භාෂාවට සම්මානයක් නැති නිසා. මේ තත්ත්වය ඇතිවෙන්න හේතුව තමයි එදා ඔවුන් සිතනවා පිටරට ජීවත්වෙන එක හොඳයි කියලා. නමුත් අද සිතනවා එහේ ජීවත්වෙනවාට වඩා ලංකාවේ ජීවත් වෙන එක හොඳයි කියලා. ලංකාවේ ඊට වඩා පහසුකම් තිබෙනවා. ඒ නිසා ඒ අය නැවත ලංකාවට එනවා. මේ වෙනස රටේ ඇතිවෙලා තිබෙනවා. එසේ ඇති වී තිබෙන්නේ මේ ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා, රටේ සංවර්ධන වැඩපිළිවෙළ නිසා. අපේ ප‍්‍රතිපත්තිය නිසා. ඒ නිසා මේ පිළිබඳව විවිධ විවේචන කරනවා. පාසල් වසනවා කියනවා. නමුත් අපි ළමුන් 50ට අඩුවෙන් සිටි පාසල් 1250ක් ගොඩනගලා තිබෙනවා.
අද අලුත් විෂය ධාරාවක් ඇතිකරලා තිබෙනවා. වෘත්තීන් සඳහා අවශ්‍ය ඥානය තිබෙන දරුවන් නැහැ කිව්වා. ඒ නිසා අපි තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දුන්නා. එදා තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 3%යි. අද එය 50%ට වැඩිවෙලා තිබෙනවා. ගමට ගිහින් තිබෙනවා. ගමේ අය අද නැණසලින් කටයුතු කරනවා. ගමේ තොරතුරු තාක්ෂණය භාවිතා කරනවා. කොළඹට පමණක් සීමා වෙලා නැහැ. ඒ අතරේ ප‍්‍රචාරයක් යවනවා ෆේස්බුක් තහනම් කරන්න හදනවා කියලා. අපි කිව්වේ ෆේස්බුක්වලින් හොඳ දේ වගේම නරක දේත් එනවා. ඒ නිසා නරක දේ නතර කරන්න දෙමාපියන්ට කටයුතු කරන්න කීවාම අනෙක් පැත්තට එහෙම කියනවා. මේකයි ඇත්ත කතාව.
අද මේ රටේ වෙනස්වීම් ගැන කිව්වා. ට‍්‍රැක්ටර්, තී‍්‍රවීල්, මෝටර් සයිකල් ආදිය කොපමණ වැඩිවෙලාද කියලා කිව්වා. නමුත් ඒ වාහන වැඩිවුණු ප‍්‍රමාණය ගැන කියන්නේ නැහැ, පැට‍්‍රල් ප‍්‍රමාණය වැඩි වුණොත් එදාට තමයි අපව මතක් වෙන්නේ. මේවායේ හොඳ වගේම නරකත් තිබෙනවා. සමහරු පෙන්වන්නේ මේවායේ නරක පැත්ත විතරයි. මෙතැන රජයේ සේවකයෝ ඉන්නවා. අද රජයේ සේවයේ ඉතා විශාල ප‍්‍රමාණයක් සිටිනවා. එදා රජයන් ලක්ෂ හයක රාජ්‍ය සේවකයින් පිරිස ලක්ෂ තුනට අඩු කරන්න කතා කළා. අපි අද ලක්ෂ 14කට ඒ ප‍්‍රමාණය වැඩි කරලා තිබෙනවා. ඒ රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න. පෞද්ගලික අංශය වගේම රාජ්‍ය අංශයත් ශක්තිමත් විය යුතුයි. අද ඒ දෙකම එකට යනවා. පෞද්ගලික අංශය බිම දමා රාජ්‍ය අංශය ගොඩනගන්න ප‍්‍රතිපත්තියක් වශයෙන් අපට අවශ්‍ය නැහැ. පෞද්ගලික අංශය ගොඩනගන අතරම රාජ්‍ය අංශයත් ශක්තිමත් කරගෙනයි අපි යන ගමන යන්න තීන්දු කරලා තිබෙන්නේ.
අද අපි රටේ දුප්පත්කම අඩුකරලා තිබෙනවා. ඒ අඩු කළා වගේම තවදුරටත් අඩුකරලා මේ රටේ ජීවත්වන සියලු දෙනාටම, හැම රැකියාවකම යෙදෙන පිරිසට, හැම පවුලකටම සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්, තමන්ට සන්තෝෂයෙන් නිදහස්ව, නිවහල්ව, බලපෑම්වලින් තොර ජීවිතයක් ගත කරන්න පුළුවන් රටක් ඇති කිරීමයි අපේ බලාපොරොත්තුව. අපි දන්නවා සමහර වෙලාවට සමහර ආයතනවල තමතමන්ට සිතුණු ආකාරයට විවිධ චක‍්‍රලේඛ ඉදිරිපත් කිරීම මගින් මිනිසුන්ට අනවශ්‍ය කරදර, අනවශ්‍ය අපහසුකම් ඇති කරනවා. එය සිදු කරන්න එපා. ඒවා අපේ ප‍්‍රතිපත්ති නෙවේ. ඒවායින් මිනිසුන්ට අපහසුතා ඇතිවුණාට පසුවයි ඒවා ගැන දැනගෙන අපට ඒවා වෙනස් කරන්න වෙන්නේ. අපට මිනිසුන් සමග සම්බන්ධකම් තිබෙන නිසා ඒවා ඉක්මණින් විසඳන්න අපට හැකිවෙනවා. අපි හැමවෙලාවේම මිනිසුන්ට වදයක් වෙන, කරදරයක් වෙන කිසිදු කටයුත්තකට නොයා යුතු යැයි උපදෙස් ලබාදෙනවා
මෙම වාර්තාව නියමිත දිනටත් පෙර ඉදිරිපත් කරන්න කටයුතු කළ ඔබ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.
ඔබට සුබ අනාගතයක්.
HC/priu