අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් අද සිට මඩකළපුවට

    ජූනි 11, 2014


    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විකුණුම් කාර්යාල ජාලය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද නවතම ශ්‍රී ලංකන් විකුණුම් කාර්යාලය මඩකළපුව නගරයේදී අද (11) විවෘත කරන ලදී.කොළඹින් බැහැරව සිටින පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් පිහිටුවන ලද අටවන විකුණුම් කාර්යාලය මෙය වේ. එසේම නැගෙනහිර පළාතේ පාරිහෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ත්‍රීකුණාමලය නගරයේ ද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විකුණුම් කාර්යාලයක් මේ වන විටත් ස්ථාපිත කර තිබේ.


    නැගෙනහිර පළාතේ ජනතාවට සෑම අලෙවි කටයුත්තක් සඳහා ම ඍජුව සහභාගීවීමේ අවස්ථාව සලසමින් විවෘත වූ මෙම කාර්යාලය තුළින් සංචාරක විධි පහසු කිරීම සඳහා අවශ්‍ය සියලු ම කාර්යයන් එකම ස්ථානයකින් කර ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවනු ඇත. එහිදී ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම, පෙරගෙවුම් ප්‍රවේශපත්‍ර දැනුවත් කිරීම්, විශේෂිත සේවා සඳහා ඉල්ලීම්, ගාස්තු පිළිබඳ තොරතුරු, කාලසටහන් සහ පැකේජයන් සහ විශේෂයෙන් ගුවන් සමාගමේ ඕනෑම නගර ශාඛාවක් මඟින් සිදුකෙරෙන සෑම අලෙවි කාර්යයක් ම මෙම කාර්යාලය මගින් සිදුකර ගැනීමටද අවස්ථාව ලැබෙනු ඇත.

    මෙම විකුණුම් කාර්යාලයේ ප්‍රධානම නියෝජිත මෙහෙයුම්කරු ලෙස කටයුතු කරනු ලබන්නේ සීමාසහිත ට්‍රැවලර් ‍ග්ලෝබල් පුද්ගලික සමාගම (The Traveller Global (Pvt) Limited)යි. එම ආයතනය IATA සංවිධානයේ පිළිගත් /බලයලත් ප්‍රමුඛතම සංචාරක නියෝජිත ආයතනයක් ලෙස සේවා රැසක් පාරිභෝගිකයන්ට ලබාදේ. ගුවන් ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන්කරවා ගැනීම්, සංචාරක රක්ෂණ, විදේශීය සංචාර, සංචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ලෝකය පුරා හෝටල් වෙන්කරවා ගැනීම ආදී කටයුතු ද මෙම විකුණුම් කාර්යාලය හරහා සිදුකර ගැනීමට අවස්ථාව සැලසේ.

    මෙරට පැවති යුදමය වාතාවරණය අවසන් වීමෙන් පසු සැලකිය යුතු අන්දමින් දියුණුවට පත්වන නැගෙනහිර පළාත මේ වන විට සුව පහසු සේවාවන් හා සංචාරක අවශ්‍යතාවන් සපුරාලීමට සරිලන ප්‍රදේශයක් බවට පත් තිබේ. දිනෙන් දින වැඩි වන  ගුවන් සංචාරක ප්‍රතිශතය සැලකිල්ලට ගනිමින් මෙම නව විකුණුම් කාර්යාලය ස්ථාපිත කර ඇති අතර ඒ සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ තව තවත් දේශීය පාරිභෝගික සංඛ්‍යාව වැඩි කර ගැනීමටද අවස්ථාව සැලසේ. මඩකළපුව නගරය  සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වැඩි හැකියාවන් ඇති වටපිටාවක් ඇති එම ප්‍රදේශයේ විකුණුම් කාර්යාලයක් විවෘත කිරීමත් ඉතා වාසි සහගත තත්ත්වයක් ඇති කරනු ඇත.

    ලෝකයේ ඉහළ ඇගයුම් ලත් වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා  සන්ධානය සමඟ අප්‍රේල් 30 වෙනි දින එක්වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ආරම්භ කරනු ලබන පළමු විකුණුම් කාර්යාලය මෙය වේ. ඒ අනුව නැගෙනහිර පළාතේ ගුවන් පියාසර සංචාර සඳහා පැමිණෙන සංචාරකයින්ට වන්වර්ල්ඩ් හා එක්වීමේ ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව සැලසේ. එනම් වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා ජාලයට අයත් රටවල් 150ක ගමනාන්ත 1000ක් සඳහා සංචාරය කිරීමේ අවස්ථාව  ද හිමිවනු ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ, ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම තම නිෂ්පාදන හා සේවා  රටේ සෑම ප්‍රදේශයක් පුරාම ව්‍යාප්ත කිරීමට කටයුතු යොදන බවයි. තවද මඩකළපුව නගරයේ නව විකුණුම් කාර්යාලයක් ආරම්භ කිරීම තුළින් අසීමිත සේවාවන් රැසක් පාරිභෝගිකයන්ට ලබාදීමට අවස්ථාව උදා වන බව ද හෙතෙම පැවසීය. එසේම වැඩි පාරිභෝගික සංඛ්‍යාවකට සේවා සැපයීම තුළින් සමස්ත ව්‍යාපාරය වර්ධනය කිරීමටත් හැකි වූ අතර, මෙය වඩාත් වාසිදායී වෙළඳපොළක් නිර්මාණය කර දෙනු ඇතියි සිතිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින කලාප අතරින් සීඝ්‍රයෙන් දියුණු වන කලාපයක් වශයෙන් නැගෙනහිර පළාත නම් කළ හැකි බවත් සංචාරක අභිවෘද්ධිය නඟාසිටුවීමට ඒ හරහා අවස්ථාව උදා වී ඇති බවත්ය. එම නිසා අපගේ සේවා සහ මෙහෙයුම් මෙම කලාපය තුළ ව්‍යාප්ත කිරීම ඉතා වැදගත් වන අතර, නැගෙනහිර පළාතේ පාරිභෝගිකයන් සඳහා සුව පහසු කාර්යක්ෂම  සේවාවන්  ලබාදීමට මෙම  විකුණුම් කාර්යාලයට හැකිවනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරි ජී.ටී. ජෙයසීලන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.මෙම නව කාර්යාලය නො, 373 ත්‍රිකුණාමලය පාර,  මඩකළපුව දරණ ස්ථානයේ පිහිටා ඇති අතර එමගින් දක්ෂ කාර්යමණ්ඩලයක සේවාව ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසාදී ඇත. වැඩිදුර තොරතුරු 0652229888/0652228122 යන දූරකතන අංකයෙන් ලබා ගත හැක. සතියේ  දිනවල පෙ.ව.08.15- ප.ව.17.00 දක්වාත් සෙනසුරාදා දින පෙ.ව. 08.15 සිට ප.ව.12.30 දක්වා විවෘතව ඇත.

    එනූෂා බණ්ඩාර/ආයතනික සන්නිවේදන අංශය (ශ්‍රීලංකන් ගුවන් සේවය)

    air2

    air3

    air4


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya