එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසම් සභාව හරහා ඉදිරිපත්වූ යෝජනා පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කළ බවද නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම මතය ඉදිරිපත් කිරිම විවේචනය විචාරශිලි බව ඉතා අත්‍යවශ්‍ය වැදගත් බවද ජනාධිපතිවරයා කීවේය .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව ජිනීවා මානව හිමිකම් වාර්තාව ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි ස්ථාවරයක තම ආණ්ඩුව සිටින බව කී ජනාධිපතිවරයා එම යෝජනාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කළයුතු යන්න ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රකාශ කැර තිබුණ ද ආණ්ඩුව ඊට මුහුණ දියයුතු බව කීවේය.
කඩකිරිම් පිළිබඳවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් කරනු ලැබූ ක්‍රියාකාරකම් පිළිබඳවත් ශ්‍රීලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විමර්ශන වාර්තාවේ සඳහන් බව පැවසීය.
නැවත මෙවන් සමුළුවක් පැවැත්විය යුතු යන්න ඔබ තුළින් අදහසක් මතු වුවහොත් ඒ සඳහා ප්‍රමුඛත්වය ලබා දීමේ හැකියාව තිබෙන බව කී ජනාධිපතිවරයා පක්ෂ අදහස් අනුව ඉදිරියේදී වරක් හෝ ඊට වැඩි වාර ගණනක දී නැවත සමුළුක් කැඳවා මෙවන් රැස්වීමට එක්වීමේ හැකියාව ඇතැයි ද සඳහන් කළේය.
ඉදිරිපත්වන අදහස් දෙසතියක් ඇතුළත ලිඛිතව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත දැනුම් දීමේ හැකියාව ඇතැයි ද, අවශ්‍යතාවක් තිබේ නම් එක් එක් කරුණූ සම්බන්ධයෙන් රැස්වීමක් පවත්වා අනු කමිටු පත් කිරීමේ හැකියාව ඇතැයි ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී බ්‍රහස්පතින්දා (22) පස්වරුවේ පැවැති සර්ව පාක්ෂික සමුළුව අමතා ද කී ජනාධිපතිවරයා අනාවරණය කළේය.
ජිනීවා මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අදහසකට අනුව පැවැති මෙම හමුව ඉතා සාර්ථක අයුරින් පැවැත්වුනි.
වසර 2012 මාර්තු 22 වෙනි දින, 2013 වසරේ මාර්තු 21 වෙනි දින , වසර 2014 වසරේ මාර්තු 27වෙනි දින ආදී ලෙස යෝජනා ඉදිරිපත් කළ බවත් එම යෝජනා සහ අවසන් වරට ඉදිරිපත් කළ යෝජනාවත් අතර විශාල වෙනසක් ඇතැයි කී ජනාධිපතිවරයා එය සැලකිල්ලට ගෙන යෝජනාවේ ප්‍රධාන කරුණු කෙරේ මූලික අවධානය යොමුකිරීම ඉතා වැදගත් බව කීවේය .
තම ස්ථාවරයන්ගේ පරස්පරතාවයකින් තොරව සර්ව පාක්ෂික සමුළු කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම සර්ව පාක්ෂික සමුථවට සහභාගී වූ නියෝජිතයින් අවධාරණය කරයි.
තම ස්ථාවරයන්ගේ පරස්පරතාවයකින් තොරව සර්ව පාක්ෂික සමුළු කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ඒකමතිකව අවධාරණය කරමින් ජිනීවා යෝජනා පිළිබද සර්ව පාක්ෂික සමුළුවේ පළමු සැසිය අවසන් වේ.
ජිනීවා යෝජනා පිළිබඳ සර්ව පාක්ෂික සාකච්ජාව අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුළුව පක්ෂ 23 ක් සහ තවත් විශේෂ නියෝජිතයින් පිරිසක් ඊට එක්ව සිටියහ.
සර්ව පාක්ෂික සමුළුව අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහීදී සියලු පක්ෂවල ඉල්ලීම වූ අතර ඒ අනුව තවත් සති තුනකින් ඊළග සැසිය පැවැත්වීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරන ලදී.
මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවීම පිළිබඳ සාකච්ඡාවට සහභාගී වූ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් ජනාධිපතිතුමාට සිය ස්තුතිය පළ කළ අතර සමුළු අඛණ්ඩව ඉදිරියේදී පැවැත්වීමටද ජනාධිපතිතුමා වෙත ඉල්ලීම් සිදු කරන ලදී.
ඊට අමතරව ඉදිරි සති 2 තුළ මේ පිළිබඳ පක්ෂවල යෝජනා ජනාධිපතිතුමා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමටද එකඟතාවය පළ විය.
පක්ෂ නියෝජිතයින් විසින් එළිදැක්වූ මතයන් සැකවින් පහත දැක්වේ.
විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා
ජිනීවා යෝජනා සම්පූර්ණ ලෙසත්, අවංක ලෙසත් කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා සිටිනු ලැබීය.
අතීත ආණ්ඩු විසින් එවකට සමාජගතවූ මධ්‍යස්ථ දෙමළ මතය පිළිගෙන කටයුතු කළේ නම් ඊළාම් සටන් පාඨයට පණක් නොලැබෙන්නට ඉඩ තිබුණු බව ඔහුගේ අදහස විය.
එසේම අද වන විට එල්.ටී.ටී.ඊ ය හෝ ඊළාම් සටන් පාඨය නොමැති තත්ත්වයක් තුළ නැවත වරක් දෙමළ ජනතාව එක්සත් සහ නොබෙදුනු ශී‍්‍ර ලංකාවක් තුළ අනාගතය දකින්නට කටයුතු කරමින් සිටින බවද ඔහු ප‍්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා
ජාත්‍යන්තර න්‍යාය පත‍්‍රයක් තුළ කටයුතු කරනවා වෙනුවට දේශීය න්‍යාය පත‍්‍රයක් තුළ කටයුතු කරමින් මෙම අභියෝගය සදහා විසඳුම්සොයාගත හැකි බව ප‍්‍රකාශ කරන ලදී.
එසේම එකී විසඳුම් පවතින ව්‍යවස්ථා රාමුව තුළ ගොඩනැගිය යුතු බව ඔහුගේ අදහස විය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මතය නිමල් සිරිපාල ද සිල්වා මහතා
ජාත්‍යන්තරය නොමැතිව ගෝලීයකරණය වූ ලෝකයක යම් රටකට ඉදිරියට යා නොහැකි බවත් ජිනීවා යෝජනා පිළිබඳ කි‍්‍රයාදාමයේදී හානියට පත් සියලුදෙනාට සාධාරණයක් ඇති කිරීම සඳහා සංහිඳියාව අරමුණු කොටගෙන කටයුතු කළයුතු බවත් පවසන ලදී.
දැනට ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹී ඇති ජිනීවා යෝජනා පිළිබඳ කි‍්‍රයාදාමය නිවැරදි බව ජාත්‍යන්තරය පිළිගෙන ඇති බවත් අමාත්‍යවරයා සදහන් කරන ලදී.
එසේ නමුත් අප ජාත්‍යන්තරය කියන්නා වූ සෑම දෙයම එළෙසින්ම පිළිනොගත යුතු බවත් අපගේ විසඳුම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකළ යුතු බවත් පවසන ලදී.
අප ජාත්‍යන්තරය පිළිබඳ හුඹස් බියක් ඇති නොකරගත යුතු බවත් වගවීමේ කි‍්‍රයාවලිය අපගේ අවශ්‍යතා අනුව සිදු කළ යුතු බවත් ඔහු අවධාරණය කරන ලදී.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා
අභ්‍යන්තර ප‍්‍රශ්න ජාත්‍යන්තරීකරණය වීමට ඉඩ දීම අනවශ්‍ය බවත් අපගේ නොසැළකිලිමත්භාවය නිසා මේ වන විටත් රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නය ජාත්‍යන්තරීකරණය වී ඇති බව පෙන්වා දුන්නේය.
මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීම රාජ්‍යයේ වගකීමක් නිසා ජනතා විමුක්ති පෙරමුණ වින්දිතයන්ට යුක්තිය සපයන, පාරදෘශ්‍ය පූර්ණ දේශීය පරීක්ෂණයකට සහයෝගය දක්වන බවත් කියා සිටියේය.
එසේම සත්‍ය සෙවීමේ කොමිසමක් අවශ්‍ය බවත් දඩුවම් ලබාදීමට නොව ජාතික සමගිය නැංවීමට සහ අනාගතයේදී මෙවැනි ඛේදවාචක නැවත ඇති නොවීම පදනම් කරගත් ප‍්‍රවිශ්ටයක් ඒ සඳහා අවැසියැයි අවධාරණය කරන ලද අතර ඊට අමතරව වෙනස්කම් පිටුදැකීම සඳහා කොමිසමක් පිහිටුවීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
ජාතික හෙළ උරුමයේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ
ඉන්දියානු ජාතික නායක මහත්මා ගාන්ධිගේ මතයක් උපුටා දක්වමින් නිවසක් තුළට සුළං හැමීම සදහා සියලු ජනෙල් විවෘත කිරීමට පියවරගත යුතු නමුත් නිවස තුළ පවතින ඇඳුම් පැළඳුම් එකී සුළගින් ගසාගෙන යාමට අප ඉඩ නොහැරිය යුතු බව සඳහන් කළේය.
ජිනීවා යෝජනා පිළිබඳ අපගේ ප‍්‍රවිශ්ටය ඉහත කී මහත්මා ගාන්ධිගේ උපුටා දැක්වීමට සමාන බවත්, එකී යෝජනා කි‍්‍රයාත්මක කළයුත්තේ අප රටේ ජනතාවගේ එක්සත් භාවය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත් පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් කියා සිටියේය.
එවැනි ප‍්‍රවිශ්ටයක් තුළ රණවිරුවාගේ කි‍්‍රයාකාරිත්වය නීති විරෝධී නොමැති බැවින් එකී කි‍්‍රයාවන් නීතිගරුක බව උන්වහන්සේ තවදුරටත් අවධාරණය කරන ලදී.
ඊ.පී.ඩී.පී – ඩග්ලස් දේවානන්දා මහතා
දරුවෙකු ඉපදීමට වින්නඹු මාතාවක් සහාය දක්වන අතර දරුවා ඉපදීමෙන් පසුව එකී වින්නඹු මාතාව විසි කර දැමීමට කටයුතු නොකළයුතු බව සිහිපත් කළේය.
කොමියුනිට්ස් පක්ෂය වෙනුවෙන් ඩිව් ගුණසේකර මහතා
ජිනීවා යෝජනා සදහා විසඳුම් සෙවීමේදී පදනම් තුනක් මත කටයුතු කළ බව අවධාරණය කළේය. ඒවානම් රටේ ස්වාධිපත්‍ය, ලෝක බල තුලනය මත පදනම් වන විදේශ ප‍්‍රතිපත්තිය සහ ජාතික සමගිය සහ සංහිදියාවයි.
ජිනීවා යෝජනා පිළිබඳව කථා කිරීමේදී අප අතීතයද සළකා බැලිය යුතු බවත් උගත් පාඩම් පිළිබඳ කොමිසම හමුවේත් යුද්ධය පවතින සමයේදීත් මෙකී ප‍්‍රවිශ්ටයම කොමියුනිටිස් පක්ෂය ඉදිරිපත් කළ බව සහඳන් කළේය.
මුස්ලිම් කොංග්රසයේ නායක රවුෆ් හකීම් මහතා
මෙකී සර්ව පාක්ෂික සමුළුව සදහා නිසි ව්‍යුහයක් ගොඩනඟන ලෙසටත් නිරතුරුවම සර්ව පාක්ෂික සමුළුව සහ එහි නියෝජිතයින් හමුවී විසඳුම් ගොඩනැගීමට කි‍්‍රයාකළයුතු බවයි.
එහිදී ප‍්‍රධාන ප‍්‍රවිශ්ටයන් ලෙස ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක්, නැවත පදිංචිය සදහා වන බාධා ඉවත් කිරීම සහ එකගවන්නාවූ කාල වකවානුවක් සඳහා සත්‍ය ගවේෂණය යන කරුණු සැළකිල්ලට ගතයුතු බවත් සදහන් කරන ලදී.
ටෙලෝ පක්ෂය වෙනුවෙන් සෙල්වම් අඩෙයිකලනාදන් මහතා
යුක්තියේ නිර්ණායක වන්නේ දෙමළ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට ඇති හැකියාව බව ප‍්‍රකාශ කළේය.
එසේම මෙවැනි කි‍්‍රයාවලියක් තුළ සත්‍ය සොයන කොමිසමක් ඉදිරියේ සාක්ෂි ලබාදෙන පුද්ගලයන්ට ආරක්ෂාව සහ විශ්වාසය ලබාදීම සඳහා වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ප‍්‍රබල නීති හඳුන්වාදිය යුතු බව සදහන් කළේය.
මනෝ ගනේෂන් මහතා
ආයුධ අතහැර ප‍්‍රශ්න විසඳා ගැනීමට සමාජයක් පෙළඹවීම දියුණු තත්ත්වයක් බවත්, අපට නැවත ත‍්‍රස්තවාදය වෙත ගමන් කළ නොහැකි බැවින් මධ්‍යස්ථ මාවතක වර්තමාන දේශපාලනය ගමන් කළයුතු බවත් අවධාරණය කළේය.
ඒ නිසා අන්තවාදයෙන් මධ්‍යස්ථ දේශපාලන මත දරන්නන් ආරක්ෂා කළයුතු නිසා ඉතිහාසයට විසදුම් සෙවීමේදී අනාගතය විනාශ නොකරගත යුතු බවත් දකුණේ පක්ෂ උතුරේ මධ්‍යස්ථ පක්ෂ සමග කටයුතු කරන්නට කාලය එළැඹී ඇති බවත් සහඳන් කළේය.
එසේම අතීතය සමග ගනුදෙනු කිරීමේදී පළිගැනීමේ හා දඩුවම් ලබාදීමේ ප‍්‍රවිශ්ටයෙන් ඉවත්විය යුතු නිසා ඒ සදහා සියලු පක්ෂ සම්මුතියකට එළැඹිය යුතු බවත් ප‍්‍රකාශ කළේය.
බලය බෙදීම සහ ජනවාර්ගික ප‍්‍රශ්නයට විසමඳුක් සෙවීම සම්බන්ධයෙන් පසුගිය රජය පත්කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපතිවරයා වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින් සංහිඳියාව අපගේ සංස්කෘතියට අනුකූලව ගොඩනැඟිය යුතු හෙයින් බටහිර ජාතින්ගේ යුක්තිය පිළිබඳ අදහස වූ ‘දතට – දතක්‘ යන ප‍්‍රවිශ්ටය මත පදනම් වූ පළිගැනීම පසෙකට දමා අතීතය සමග ගනුදෙනු කිරීමට යාන්ත‍්‍රයක් ගොඩනැඟිය යුතු බව සදහන් කළේය.
එසේම ස්වෛරීභාවය, නිදහස පදනම් කරගෙන අපගේම වූ යාන්ත‍්‍රණයක් ගොඩනැඟීමත් විදේශ උපදෙස් සීමා කිරීමටත් සැමවිටම එකඟතාවය මත කටයුතු කිරීමටත් වගබලාගතයුතු බව සඳහන් කළේය.
එහිදී එල්.එල්.ආර්.සී, උදලාගම හා පරණගම වාර්තා උපයෝගීකරගත යුතු බවත් අතීතය ගොඩදැමීම වර්තමානයේ සංහිඳියාවට බාධාවක් නොවිය යුතු බවත් සදහන් කළේය.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා
මෙකී සාකච්ඡාව ජිනීවා යෝජනා එළිදක්වන්නට පෙර සිදු කළේ නම් වඩා ප‍්‍රායෝගික වන්නට ඉඩ තිබූ බව සදහන් කළේය.
කෙසේ නමුත් ජාත්‍යන්තර අනුකරණවාදී සැළැස්මක් කි‍්‍රයාත්මක කරනවාද නැද්ද යන්න පිළිබද ප‍්‍රශ්නයේදී එවැනි අනුකරණවාදයකට තමන් විරුද්ධ හෙයින් අප විසින් දේශිය යාන්ත‍්‍රණයක් ගොඩනැඟීමට කටයුතු කළයුතු බවත් පැවසීය.
එහිදී වැරදි සිදුවී ඇත්නම් දඩුවම් ලබාදිය හැකි බවත්, නමුත් හමුදාවට දඩුවම් ලබා නොදිය යුතු බවත් හමුදාවේ කැපවීම හා පරිත්‍යාගය අප කිසිවිටෙකත් අවතක්සේරු නොකළ යුතු බවත් සදහන් කරන ලදී.
එසේම යෝජනාවේ අන්තර්ගත බොහෝ කරුණුවලට පිළිතුරුදීම සදහා අප විසින්ම නිර්මාණය කරන ලද කොමිසන් සභා භාවිතා කළයුතු බවත්, නිදහස් රටක් තුළ ජාත්‍යන්තර යාන්ත‍්‍රණ බිහි කිරීම වැරදි බවත් අවධාරණය කළේය.
බද්දේගම සමිත හිමි ප්‍රධාන මහා සංඝරත්නය අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක, දෙමළ ජාතික සංධානයේ විපක්ෂ නායක ආර් සම්බන්දන් විදේශ ඇමැති මංගල සමරවීර, අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා බස්නාහිර සංවර්ධන සහ මහානගර ඇමැති පාඨලී චම්පික, ශ්‍රිලංකා මුස්ලිම් කොංග්රසයේ නායක ඇමැති රවුෆ් හකීම්, අධ්‍යාපන රාජ්‍ය ඇමැති රාධා ක්‍රිෂ්න, ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ,සමසමාජ පක්ෂ ඩිව් ගුණසේකර රාජා කොල්ලුරේ, චන්ද්‍රසිරි ගජධීර, තිස්ස විතාරණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මනෝ ගනේෂන්, පිවිතුරු හෙළ උරුමය උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු නියෝජිතයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.