එහි ජිවිත පරිඥානයට අදාළ තත්ව ඇත්තේ ඉතා අඩුවෙනි. විචාරයේ ඌනතාව නිසාම දියුණු රසවින්දනයක් නැති රසිකයින් රහු මැද ලොබ බඳින්නේ ද එම බොළඳ කවි කතා ගීත වලට වීම නිර්මාණයේ රුව ගුණ දන්නා අයට කම්පනයක් ගෙන දෙනවා සේම, දැනට ඇතිවෙමින් පවතින සමාජ පරිහානියට ද එය හේතුවකි.එහෙයින් නිර්මාණය වනාහි සමාජ යහ අතට චලනය කරන වාහකයන් බව නිර්මාණශීලිත්වයෙන්ම ශීලීව සමාජයට ඒත්තු ගැන්විය යුතුව තිබේ.
මෙම කරුණු කියන්නට මට සිත් වුයේ 2015 අනුරාධපුර සාහිත්‍යකළා මහෝත්සවය පදනම් කරගෙනයි. වන්දනීය දිවියකට මං තනන ජනශ්‍රැතිකාංග පෙරටුකරගත් එම උත්සවය ප්‍රාදේශීය නොව ජාතික මට්ටමින් පැවති එකක් ලෙස මට හැඟී ගියේය. සාහිත්‍ය කලා ලැදියන් දින දෙකක් පුරා පැවති මෙම උළෙල වටා රොක් වුයේ යටිසිතෙහි තැන්පත් අපේ කම වහා මතුපිටට පැමිණි වුන් මෙනි .තොසා වඩන නිර්මාණ සංකලනයකින් උළෙල ඔපවත් විය.සිංහල දමිළ මුස්ලිම් වශයෙන් ජාති ආගම්,භාෂා සියල්ල ජයගත හැති පොදු භාෂාව සාහිත්‍ය කලාව බව නොච්චීයාගම බණ්ඩාරනායක කණිෂ්ඨ විද්‍යාල පරිශ්‍රය නිසැකවම ඔප්පු කළේය.
රටක අනන්‍යතාව සුරැඳෙන්නට එම රටෙහි භාෂාව අඛණ්ඩව ජීව ගුණයකින් පැවතිය යුතුය.එමෙන්ම එම ජීවමය බස හරහා විවිධ සංස්කෘතික තත්ත්ව ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව සමාජය තුල නිර්මාණය විය යුතුය. ඒ හා සසඳන කල්හි ශ්‍රී ලංකාව සතුව දියුණු උප සංස්කෘතික පරිසරයක් පවතී.ප්‍රදේශ වසා ඒ ඒ ප්‍රදේශයට ආවේණිකව පවතින උප භාෂා හා උප සංස්කෘතිකාංග එමටය.ඒවා සුමටය.සමාජ හිතකාමිය.රස විඳීමට හොබනේ ය. .ලොකු කුඩා කවුරුත් සිත් පුරා ජන ශ්‍රැතියෙහි රස හව් විඳින්නට දැක්වු උනන්දුව නොච්චියාගම දී මම අත්වින්දෙමි.
ගම ගෙදර, ගොවි ගෙදර,ගුරු ගෙදර හා වෙද ගෙදර යන්න සම්ප්‍රදාය සමඟ මනාව බද්ධ වු ජනතාවගේ ශ්‍රැතිය,සංස්කෘතිය විදහා පාන කැඩපත්ය.මසකටත් අඩු කාලයකදී එහි විසිතුරු නිමවු ගැමියන්ට අපි කවුරුත් ගෞරවය දැක්විය යුතුය. හැඩට හැදු දඬු වැටෙන් ඇතුල් වු අපි මුලින්ම ගම ගෙදරටත්,අනතුරුව ගොවි ගෙදරටත්,අවසන වෙද ගෙදරටත් ගොඩ වැදුනෙමු.ඒ සැම තැනකදීම සියළුදෙනා උණුසුම් අන්දමින් පිළිගත් අතර පරිශ්‍රය පුරා ගැමි සුවඳ විසඳ වී තිබිණී. සාහිත්‍ය කලාව තුලින් ජනතාව තුල භේද දුරලා සාමුහිකත්වය තනන්නට රුකුල් සපයන සංස්කෘතිකාංග රැසක් එහි වේදිකාව මත ඉපැදිණී.ඉන් රස ඉරූ සිංහල, මුස්ලිම් සියල්ලන් ශ්‍රී ලාංකිකත්වය ප්‍රකට කළේ, වේදිකාවේ විවිධ රටා මවා නෙත් සැරසූ, හඬින් කන් සැරසු ශිල්පීන්ගේ හදවත් තුටින් ඉපිලෙන ලෙස නොනවත්වා අත්පොලසන් දෙමිනි.
එම සංස්කෘතික උත්සවයෙහි හිඩැස් හිඟය. සමාජයට යහ ගුණ පෙරා කාන්දු කිරිමට තින්දු ගත් ලොකු කුඩා නිලධරයන්ගේ එකමුතුව මෙහි සාර්ථකත්වයේ මුදුන බව සිහිකළ යුතුය. පසිදුරන් පිනවා ඉන් නවතින වත්මන් සාහිත්‍ය කලා නිර්මාණ බොහොමයක පවතින නොමනා අරුමෝසම වෙනුවට හදවත හරහා බුද්ධිය අමතන නිර්මාණ එකතුවක් පැවතියා මෙන්ම එහි රිද්මයට සෙවන දුන් සාහිත්‍ය,දේශන ගී රසවින්දන ,ශාන්තිකර්ම,හිටිවන කවිමඩු,ආදී කලාංග පමණක් නොව කලා හැකියාවන් අගයා බොහෝ නිර්මාණ කරුවන්ට සම්මාන පිරිනැමීම ද මෙම කළා උළෙලේ දී සාර්ථකව සිදු කෙරිණි. දුහුනන්ගේ සාහිත්‍ය සිහින සැබෑ කරගන්නට ඉඟි කරන,සිත් යොමන පරිසරයක් නිර්මාණය කිරීමේ දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,අනුරාධුපර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් සාහිත්‍ය අනු මණ්ඩලය හා සාහිත්‍ය කලා මහෝත්සවය මෙවර මුළුදුන් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන නිලධාරීන් එක්ව අසීමිතව කැපකිරීමක් සිදුකර තිබේ.
මෙහි සකල කලාවන් තිබුණා මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කල කලා කරුවන් විශාල පිරිසක් සම්මානයටද පාත්‍ර විය.පුජ්‍ය කිතුල්හිටියාවේ ධම්ම රතන හිමි,සනත් චන්ද්‍රෙස්කර,අශෝක සේනාරත්න, ආර්.සී.දොරගමුව, එන්.එම්.එස්.ගලයාල, එස්.එම්.සිරිල් සමරකෝන්, ඩබ්ලිව්.ඩී.මැටිල්ඩා අධිකාරම්, එම්.පී.රත්නපාල,වික්ටර් ලියනගේ,හා වොල්ටර් දයාරත්න, යන කලාකරුවන් කලා කීර්තිධර සම්මානයෙන් පිදුම් ලැබුහ.ජී.එන්.සී.ඊ.ප්‍රේමචන්ද්‍ර, එන්.ජී.සිරිසේන ප්‍රේමලාල්,බී.පියදාස,ආර්.බී.දසනායක,ආර්.බී.එල්.ප්‍රේමතිලක,එන්.කේ.ආර්.ඒකනායක,ජයතිස්ස අතුලසිරි, යන කලා කරුවන් කලා භුෂණ සම්මානයට පාත්‍ර විය. කළා උළෙලේ දී දේශන පැවැත් වු දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා මෙන්ම පළාත් ප්‍රධාන ලේකම් තිලකරත්න මහතා ද සාහිත්‍ය කලාව පිළිබඳව හෘදයාංගම ලෙස කතා කිරීම කාගේත් අවධානයට ලක්විය.ප්‍රධාන දෙසුමට පැමිණි චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සරත් ධර්මසිරි මහතා මනා සංයමයකින් යුත් මෙන්ම,පුර්ණ අන්තර්ගතයක් සහිතව “අනාගත ලොව ජය ගැනීම සඳහා සාහිත්‍ය කලාවෙන් වන පිහිට“ යන මැයෙන් කළ දේශනය කාගේත් සිත් ගත් එකක් විය.
සාහිත්‍ය කළාවේ රස සුන් වීම තුල අනෙක් හැම ක්ෂේත්‍රයකම රස සුන් වී ඇති සැටි එතුමා පැහැදිලි කළේ පාසල් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සෑම මට්ටමකම පිරිසට වැටහෙන පරිදිය. “විට්ගන්ස්ටයින්” නැමැත්තා කී පරිදි “තමාගේ ලෝකයේ සීමාව තමාගේ භාෂාවේ සීමාවයි.,, යන්න එතුමා විසින් අවධාරණය කරන ලදි. විශේෂයෙන්ම සාහිත්‍ය කලාව රසවිදින,අත්විදින,තැනැත්තාට විශාල භාෂයික අවබෝධයක් ලැබේ. ඒ හරහා වැරදි නිවැරදි කරගන්නටත්,ලෝකය නවතාවයකින් දකින්නටත් කෙනෙකුට අවස්ථාව උදාවේ.
අනුරාධපුර දිස්ත්‍රික් සාහිත්‍ය කළා උළෙලේ අවසාන අංගය ලෙස ත්‍යාග හා සහතික පත් පිරිනැමීම ද දිස්ත්‍රික්කයේ කලා කරුවන් ප්‍රභුවරුන් විශාල පිරිසකගේ මැදිහත් වීමෙන් සිදු කෙරිණි. ප්‍රාදේශීය මටිටමින් හා දිස්ත්‍රික් මට්ටමින් පාසල් හා විවෘත අංශයේ පැවැත් වු තරඟ විශාල ප්‍රමාණයකින් ජය ලැබුවන් මෙහිදී ඇගයීමට පාත්‍ර විය.
බොහෝ දෙනෙක් නිස්සරණාධ්‍යාසයෙන් කළ කැප කිරීමක අවසන් ප්‍රතිඵලය ලෙස ඇරඹුමේ සිට අවසානය දක්වා පුර්ණ ගාම්භීරත්වයක් සහිතව රජරට කලා උළෙලක් අවසන් වුවද කලාව වෙනුවෙන් දක්වන රාජ්‍යමය මැදිහත් වීම පිළිබඳව යම් කනස්සල්ලක් බොහෝ උගතුන්ට පැවති බව පෙනෙන්නට විය.මෙතරම් දියුණු කලාවක් රැක ගැනුමට තැත දැරීමේ දී රාජ්‍ය පස දායකත්වය තවත් ඉහල යා යුතු බව ඔවුන්ගේ හැඟීමයි.ඉදිරියේ දී එම ගැටළු මඟහැරෙනු දැකීම කලා කාමී රසික සහෘදයින්ගේ,කලාකරුවන්ගේත් එකම පැතුමයි.එසේ වුවහොත් කලා කරුවන් වශයෙන් ගොඩ නැගෙන පිරිසද, කලා රසිකයන් පිරිස ද තවතවත් වැඩි වේවි.එයින් බුද්ධිය මෙන්ම හදවත් ඇති අයද සමාජය තුල යහ සාධක රෝපණය කිරීම ආරම්භ කරනු ඇත.නිදාවැටෙන සැබෑ ජිවිතය යලි ඇහැරවිය හැක්කේ සාහිත්‍ය කලාවට පමණක් යැයි තේරුම් ගැනීම පමණක්ම කලාව නැන්වීමට මං විවර වීමකි. එතෙක් අපි බලා සිටිමු.
ෂෙල්ටන් බණ්ඩාර
අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී.