ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන Youth Link Sri Lanka තරුණ හුවමාරු වැඩසටහනේ තෙවන අදියර නොවැම්බර් 20 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුණියන් දකුණේ දිස්ත්‍රික්ක වෙත පැමිණීමට නියමිතය. එම වැඩසටහන් 20 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
නොවැම්බර් 7වැනිදා යාපනයේ දී ආරම්භ වූ Youth Link Sri Lanka තරුණ හුවමාරු වැඩසටහන උතුරු පළාතේ දී හා නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කවල දී පැවැත් විය. ඒ සඳහා තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වූහ. එහිදී ඔවුන් විවිධ සංස්කෘතික අත්දැකීම් ලබාගත් හ.
ඉන් අනතුරුව මෙහි තෙවන අදියර ලෙස යාපනය දිස්ත්‍රික්කයේ උතුරේ සෙසු දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් දකුණේ දිස්ත්‍රික්ක කරා පැමිණීමට නියමිතය. එහිදී ද උතුරේ තරුණ තරුණියන් දකුණේ නිවාස වල නවාතැන් ගනිමින් එහි සංස්කෘතික අත්දැකීම් ලබා ගැනීමට නියමිතය. එම වැඩසටහන දෙසැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙහි ඇතැම් වැඩසටහන් සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සහභාගී වීමට නියමිතය.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ, ලබන වසරේ දී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව මෙවර සම්බන්ධ වූ තරුණ තරුණියන්ට වඩා වැඩි පිරිසක් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.
මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරමු.


