දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, දුම්රිය ස්ථානයට ඇතුළු වීමේ දී හා දුම්රිය තුළ දී ප්‍රවේශ පත්‍රය පරික්ෂා කිරීමේ දී ප්‍රවේශ පත්‍රයේ සඳහන් ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරික්ෂා කර තහවුරු කර ගැනීමට කටයුතු සුදානම් කළ යුතු වේ.
එමෙන්ම, 2025.01.01 දින සිට වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර මුදල් ආපසු ඉල්ලුම් කිරීමේ දී ප්‍රවේශ පත්‍ර හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම මඟියාගේ ජාතික හැඳුනුම්පතෙ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටි.