වර්තමාන ආණ්ඩුව විසින් සාධාරණ හා නිසි ක්‍රියා පටිපාටියකට පත්වීම් ලබා දීමට කටයුතු කරනවා - ප්‍රවාහන ඇමැති

වර්තමාන ආණ්ඩුව විසින් සාධාරණ හා නිසි ක්‍රියා පටිපාටියකට පත්වීම් ලබා දීමට කටයුතු කරනවා - ප්‍රවාහන ඇමැති
  • SocialShare:

රාජ්‍ය අංශය ශක්තිමත් කර උපරිම ඉහළ මට්ටමකට ගෙන ඒමට උත්සහ කරන බවත්, පෙර ආණ්ඩු සිදු කළ පරිදි විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් ආයතන පිර වීම් සිදු කිරීම නොව වර්තමාන ආණ්ඩුව ඒ ප්‍රතිපත්තිය අවසන් කර සාධාරණ හා නිසි ක්‍රියා පටිපාටියකට පත් වීම් ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය.

ඊයේ (06) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක සේවයේ පුරප්පාඩු සඳහා පත්වීම් 100ක් පිරිනැමීම දුම්රිය දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි. එහි දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

දුම්රිය දෙපාර්තමේන්තුව වැනි පැරණි කීර්තිමත් රජයේ ආයතනයක විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලැබීම වටිනා අවස්ථාවක් බව පැවසු ඒ මහතා ජන වරමෙන් අපට දුන් එන්ජිම යොදා හොඳ ගමනක් යන බවත්, මේ සියල්ලේ දී ම පැහැදිලිව Clean Sri Lanka සංකල්පය සමඟ එක්ව ගමන් කරන බවත් පැවසුවේය.

ලංකා දුම්රිය සේවයේ පුරප්පාඩු 303ක් සඳහා 2019 වර්ෂයේ තිබු විභාගයෙන් පළමුව 178 දෙනෙකු තෝරාගෙන තිබු අතර එම පත්වීම් 2022 දී අත්හිටුවා තිබේ.

එහෙත් නව ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය අනුව ඊයේ (06) එම පත්වීම් ලබා දුන් අතර එය 100කට සීමා වී ඇත්තේ මීට වසර 5කට කලින් කළ විභාගයක් හා සම්මුඛ පරීක්ෂණයකින් සිදු කරන නිසා පත්වීම් ලබා ගැනීමට ඉතිරිව සිටියේ 100 දෙනෙකු පමණක් වන බැවිනි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.