“Take Care - සුරකිමු මාවත” ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

“Take Care - සුරකිමු මාවත” ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
  • SocialShare:

පාසල් දරුවන්ගේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගත් “Take Care - සුරකිමු මාවත” ව්‍යාපෘතිය 2026 සිට 2028 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ආරම්භක පියවර ලෙස පාසල් 60ක් ආවරණය කරන අතර, 2026 සිට 2028 දක්වා සෑම වසරකම පාසල් 100 බැගින් සම්බන්ධ කර ගනිමින් වැඩසටහන පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා රුපියල් මිලියන 833ක ප්‍රතිපාදන වෙන් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.