සෞඛ්‍යවත් ආහාර රටාව ප්‍රවර්ධනය සඳහා වන “Healthy Food - Happy Life” ජාතික මාධ්‍ය ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

සෞඛ්‍යවත් ආහාර රටාව ප්‍රවර්ධනය සඳහා වන  “Healthy Food - Happy Life” ජාතික මාධ්‍ය ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
  • SocialShare:

ජනතාව අතර පෝෂණ සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් “Healthy Food - Happy Life - සුවදායී දිවියකට සෞඛ්‍යවත්/සුරක්ෂිත ආහාර” ජාතික මාධ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2026, 2027 සහ 2028 වර්ෂ සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කරමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.