වියළි කලාපයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය , ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රදානයක් යටතේ වසර 03ක කාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ යන පළාත්වල දිනකට කිරි ලීටර 20 සිට ලීටර 100 දක්වා පරිමාවක් නිෂ්පාදනය කරන කිරි ගොවි ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මෙහිදී තෝරාගත් පළාත් 04 තුළ එක් පළාතකින් දිස්ත්‍රික්ක 02 බැගින් තෝරාගෙන, එම දිස්ත්‍රික්ක තුළ පිහිටි පශු වෛද්‍ය කොට්ඨාස 03 බැගින් තෝරා ගනු ලැබේ.එම පශු වෛද්‍ය කොට්ඨාස තුළ ආදර්ශ ගොවිපොළ 24ක් ස්ථාපිත කිරීමට නියමිතය.


