Sisili Projects Consortium Pvt Ltd වෙතින් රුපියල් මිලියන දෙකක් වටිනා ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක්

Sisili Projects Consortium Pvt Ltd වෙතින් රුපියල් මිලියන දෙකක් වටිනා ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් කුඩා දරුවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් Sisili Projects Consortium Pvt Ltd වෙතින් රුපියල් මිලියන 02ක් වටිනා ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

එම පරිත්‍යාගය Sisili Projects Consortium Pvt Ltd හි අධ්‍යක්ෂ සමුද්‍ර හේවාවික්‍රම සහ ප්‍රධාන විධායක නිලධාරී මොහමඩ් අසිඩීන් මොහමඩ් අෂිෆ් මුසයික් යන මහත්වරු විසින් අද (10) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙන ලදී.