‘Rebuilding Sri Lanka’ අරමුදලට Ceylinco Holdings PLC වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට Ceylinco Holdings PLC වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Ceylinco Holdings PLC රුපියල් මිලියන 30ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළ චෙක්පත එම සමාගමේ විධායක සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණවර්ධන මහතා විසින් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

Ceylinco Holdings PLC හි නියෝජ්‍ය විධායක සභාපති ආර්. රංගනාදන් සහ අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරි පැට්‍රික් අල්විස් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.