‘Rebuilding Sri Lanka’ අරමුදලට Navesta Pharmaceuticals (Pvt) Ltd සහ Citihealth Imports (Pvt) Ltd වෙතින් රුපියල් මිලියන 10ක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට Navesta Pharmaceuticals (Pvt) Ltd සහ Citihealth Imports (Pvt) Ltd වෙතින් රුපියල් මිලියන 10ක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් විවිධ ආයතනවලින් දිනපතා ආධාර ලැබෙමින් පවතී.

ඒ අනුව අද (10) දිනයේදීද Navesta Pharmaceuticals (Pvt) Ltd විසින් රුපියල් මිලියන 05ක්ද, Citihealth Imports (Pvt) Ltd විසින් රුපියල් මිලියන 05ක්ද ලෙස සිය මූල්‍ය පරිත්‍යාග චෙක් පත් මගින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට Navesta Pharmaceuticals (Pvt) Ltd සමාගම වෙනුවෙන් සංජය ජයරත්න සහ වෛද්‍ය ජානක වික්‍රමසිංහ යන මහත්වරුද , Citihealth imports (Pvt) Ltd සමාගම වෙනුවෙන් කපිල සමරවික්‍රම සහ ඉන්දික දිසානායක යන මහත්වරුද එක්ව සිටියහ.